ගනේමුල්ල සංජිව ඝාතනයේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අවසන් කළ පසු සියල්ල රටට හෙළි කරනවා

ගනේමුල්ල සංජිව අලුත් කඩේ අංක පහ (05) අධිකරණය තුළ ඝාතනය කිරීම ආදළව මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙට (21) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශය කරන බවත් ඔබ සැක පල ආකාරයට සැකකරුව අංක 09 යේ සිට අංක 05 කරා රැගෙන යැමේදී උසාවිය ඇතුලේ සිටි පිරිස් වලින් සහාය ලැබුනාද යන්න විමර්ශන සිදු කරමින් පවතින බවත් දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශ්ශ වලට බාධා වන නිසා කරුණු අනාවරණය කළ නොහැකි බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
සංජිවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවා සිදු කර තිබෙන ඝාතන මොනවාද යන්න මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවත් සැකකරු ගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බවත් ඉදිරියේදී සිදු කරන විමර්ශන වලට බාධාවක් නොවන ආකාරයට ඔබට අවශ්‍ය තොරතරු ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කිරුළපන පොහෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (21) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය විසින් නැගු ප්‍රශ්නයකට පිළිතරු දෙමින්ය.
මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නය
ගනේ මුල්ලෙ සංජිව කියන්නේ පොලිසිය කියන විධියට සංවිධානාත්මක අපරාධකාරයෙක් ,කප්පමකරුවෙක් , කුලියට මිනී මරන්නෙක්. ඔහු බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ රැකවල් යටතේ වාහන පිරිවාරගෙන රැගෙන එනවා. උසාවිය ඇතුළේ ආරක්ෂාව භාර ඉන්නේ පොලිසිය. නමුත් සංජිවට ඒ ආරක්ෂාව ලැබුණේ නැහැ. සංජිව අරගෙන එන්නේ අංක 09 යට එම උසාවියේ මහේස්ත්‍රාත් නැති නිසා ඔහු අංක 05 මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනවා . අංක 09 උසාවියේ සියලු නඩු යොමු කරන්නේ අංක දෙකකට . සංජිවගේ නඩුව පමනක් අංක 05 යොමු කරනවා .අංක 05 මහේස්ත්‍රාත්වරයා සැකකරුව උසාවි ගෙන්නැයි නියෝගයක් තියෙනවාදැයි බන්ධනාගාර නිලධාරීන් විමසලගාත් තියෙනවා. මේ පැටලැවිල්ල වෙද්දී ඝාතකයා හරියටම අංක 02 යන්නේ නැතිව අංක 05 යනවා. ඝාතකයා නීතිඥයෙක් ලෙස වෙස්වලාගෙන ඇවිල්ලා වෙඩි තියලා අධිකරණ භුමියෙන් පිට වෙනවා . ඝාතකයාව අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශ වලට බැරි වෙනවා. මේ අලුත් කඩේ උසාවියෙදීම තමා ධම්මික අමරසිංහට වෙඩි තියන්නේ . පාමන්කඩ අශෝක මරාදාන්නේ ගම්සභා උසාවියේ සිරමැදිය උඩ බෝම්බයක් සවි කරලා. එහෙම සිදුවිම් අතීතයේ අධිකරණ භුමියේ සිදු වෙලා තිබියදීත් තමා සංජිවව වෙඩි තබා ඝාතනය කරන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්නයක් ඇහුවාහම මේක සමාන්‍ය දේයක් තමුන්ලා මාධ්‍යවේදීන් මැරුවා කියලා ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් ගහලා උත්තර දෙනවා. මේක ආරක්ෂාව පිළිබද බරපතළ ප්‍රශ්නයක්. සංජිව ඝාතනය කිරීම පිළිබද කුමන්ත්‍රණයක් තියේනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් මම ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ. නමුත් මේ කුමන්ත්‍රණය හෙළි කර ගත යුතුයි. එක ආණ්ඩුවේ වගකිමක්. අපි කියන්නේ නැහැ ජාතික ආරක්ෂාව කියලා පසුගිය ආණ්ඩු වලින් කළා වගේ ආයුධ පෙන්නන් අරගෙන ගිහිල්ලා මරන්න කියලා. අපි කියන්නේ අපරාධකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරලා නීතියෙන් දඩුවම් කරන්න කියලා . ජාජබ ආණ්ඩු මේ වන තෙක් ආයුධ පෙන්නන් කියලා සැකකරුවන් අරගෙන ගිහිල්ලා මැරුවේ නැහැ. අපි ඉල්ලන්නේ ඉදිරියෙදීත් එහෙම කරන්න එපා කියලා. ආණ්ඩුවට මේ සිද්ධියෙදී විකාර කතා කියලා බේරෙන්න බැහැ. මේ සිද්ධියට ආදළාව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද ?
ලංකාවේ පසුගිය කළේ සිදු කරන ලද ඝාතන වල සැකකරුවන් තවමත් අත්අඩංගුවට අරගෙන නැහැ. සමහර ඝාතකයන් ලංකාව තුළ රැදිලා ඉන්නවා. සමහරු විදේශ ගතවෙලා ඉන්නවා. මෑත සති දෙක ඇතුළත ඉන්දියාවේ සහ ඪුබායි වල හිටපු සැකකරුවන් ගණනාවක් මෙරට අරගෙන ආවා. සියලුම ඝාතන වලට ආදාළව විමර්ශ්ශ සිද්ධ වෙනවා. සියලුම ඝාතන වලට ආදාළ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවාද කියලා ඇහුවොත් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. අපි සැකකරුව පැය 07 ක් වගේ කාලයක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා . වාහන පැදගෙන ගිය රියදුරාවත් මේ වන කොට අත්අඩංගුවට අරගෙන. සැකකරුට උදව් කළා කියන කාන්තාව අත්අඩංගුවට ගන්න විමර්ශකයින් කටයුතු කරමින් ඉන්නවා.
මේ සැකකරු මිට කලින් ඝාතන වලට සම්බන්ධයි කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී පැවසුවා. මෙම සැකකරු මිට කලියෙන් ඝාතන සිදු කර තිබෙන බව දැනගෙන සිටියා නම් ඇයි ඔහු අත්අඩංගුවට ගත්තේ නැත්තේ? යැයි මාධ්‍යවේදී තරිදු ජයවර්ධන ප්‍රශ්නයක් මතු කළේය?
මේ සැකකරු කලින් කරන ලද ඝාතන මොනවාද කියලා මේ මොහොතේ කියන්න බැහැ. තවමත් විමර්ශන කටයුතු වෙමින් පවතිනවා. මේ ඝාතනයට ආදාළව අනුබල දුන් අය ඉන්නවා නම් කරුණු අනාවරණය කර ගැනීම වැදගත් . ඔහුගේන ප්‍රශ්න කිරීම් අවසන් නැති නිසා මට ඒ ගැන සියලුම විස්තර මෙතැන කියන්න බැහැ.
දැන සිදු කරන පරික්ෂණ අනුව නීතිඥයෙකු හෝ පිරිසක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වෙලා තියෙනවාද?
මට දැන එහෙම දෙයක් කියන්න බැහැ. සැකකරුගෙන් ප්‍රශ්න කරමින් පවතිනවා. ප්‍රශ්න කරන අතවාරේ අරයා ,මෙයා සැකද කියලා ආහන එක සාධාරණ නැහැ. අපි මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගන්නවා. මේ ඝාතනය කුමන්ත්‍රණය කළේ කවුද ? කොච්චර කාලයක් සිටද? . විදේශ ගතව සිටින අයගේ සම්බන්ධයක් තියෙනවාද? උසාවියේ ඉදලා ඔත්තු බැලු අයගේ සිට සියලුම දෙන අත්අඩංගුවට ගන්නවා .