ගාලුමෝදර සටන ලසන්තලා ,ප්‍රගිත්ලා සිවරාම්ලා , නිමලරාජන්ලා සහ පෝද්දලලා එක්වෙති .

රාජපක්ෂ යුගයේ ඝාතනය කළ , අතුරුදහන් කළ , පැහැර ගත් හා පැහැර ගැනීමට උත්සහ කළ සහ පාහර දිම් වලට ලක් වු ජනමාධ්යවේදීන් ගේ ජායා රූප කිපයක් ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්රදර්ශනයට තබා ඇත .
 
මෙම ජායා රූප ජනතා අරගලය සමඟ බද්ධ කරන ලද්දේ ශ්රී ලංකා ව ෘත්තීය ජනමාධ්යවේදීන් ගේ සංගමය විසිනි . ඝාතනය කළ , අතුරුදන් කළ , පැහැර ගත් සහ පාහර දී වලට ලක් වු ජනමාධ්යවේදීන්ට යුක්තිය ඉෂ්ට කර ගැනීමටත් ජනමාධ්යවේදීන් ඝාතනය කළ ,අතුරුදන් කළ ,පැහැර ගත් සහ පාහර දීම් කළ හමුදාවේ හෝ පොලිසියේ කුලී මැරයන් නීතිය හමුවට පැමිණවිමත් ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් හා ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ජිවිතය කැප කළ පාහරදීම් වලට ලක් වු ජනමාවේදීන්ගේ මතකය ජනතාව තුල අවධි කිරිමත් මෙම ජායා රූප ජනතා අරගල භූමියේ ප්රදර්ශනය කිරිමේ අරමුණ බව ශ්රී ලංකා ව ෘත්තීය ජනමාධ්යවේදීන් සංගමයේ සභාපති දුමින්ද සම්පත් අප කළ ව්මසුමකදී පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *