ගාසා තීරයේ රෝහල් 35 න් 22ක් අක්‍රීයයි – රෝහල් තුළ මිනී කදු ගැහිලා
පසු ගිය දින තුන තුළ නොමේරු ළදරුවන් හය දෙනෙකු ඇතුළු අවම වශයෙන් රෝගීන් 32 ක් දෙදනෙකු අල් ෂිෆා රෝහලේ දී මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක අෂ්තිෆ් අල් කුදා ප්‍රකාශ කළේය .
ගාසා තීරයේ විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය ඉන්ධන සහ ඖෂධ නොමැතිකම හේතුවෙන් වසා දැමීමට සිදු වී ඇත.
සිරුරු 100කට අධික ප්‍රමාණයක් රෝහල් තුළ දිරාපත් වෙමින් තිබේ .
ගාසා තීරයේ රෝහල් 35 න් අවම 22 ක් වසා දමා ඇත. ඊට හේතු වී ඇත්තේ , ඊශ්‍රායල් හමුදා වටලෑම් නිසා නැතහොත් ඔක්තෝම්බර් 07 ගාසා තීරයට ඊශ්‍රායලය විසින් පනවා ඇති සම්පුර්ණ අවහිර කිරීමේ ප්රතිවිපාකයක් ලෙස ඉන්ධන සහ ඖෂධ නොමැතිකම නිසාය .
පලස්තීන රතු සංගමය (PRCS) පවසන පරිදි ගාසා නගරයේ අල් කුඩිස් රෝහල අසල සටන් සිදුවෙමින් පවතින අතර එස්ක්ලෙව් දෙවන විශාලතම රෝහලේ රෝගීන් ඉවත් කිරීමට උත්සහ කරමින් සිටි. අල් කුඩිස් හි සීමිත ඹෟෂධ , ආහාර සහ ජලය සදහා ප්‍රවේශය සහිත රෝගීන් රැකබලා ගැනීමට අරගල කරමින් සිටිති . එය ඉරිදා නව රෝගීන් සදහා එහි දොරවල් වසා දැමිණ.
වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගීන්ට සහ අවතැන් වු සිවිල් වැසියන්ට දැඩි අවදානමක් ඇති කරමින් පවතින ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර යටතේ රෝහල ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටින බව රතු කුරුස සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය .
2001 සිට අල් කුඩිස් රෝහල පවත්වාගෙන යන චී.ආර්.සීඑස්. කියා සිටියේ ගාසා තීරයේ සෞඛ්‍ය සේවා බිද වැටිමට සහ එහි ප්‍රතිඵලයක් ලෙසඇති වු දරුණු මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ හතරවන ජිනිවා සම්මුතියට අත්සන් කළ අය වගකිව යුතු බවයි .
රෝහල් සියල්ල දැන් ක්‍රියාත්මක වීම නතර කර ඇත. අල් නස්ර් ළමා රෝහල සහ ළමුන් සදහා වන අල් රස්ට්ස් විශේෂිත රෝහල වෛද්‍ය ආධාර සදහා තවදුරටත් කටයුත කළ නොහැත . ඔවුන් ඊශ්‍රායල් ප්‍රහාරයට ගොදුරු වී ඇත.
රෝහල් දෙකහිම ප්‍රධානී Mustafa al Kahlout පැවසුවේ අපි සම්පුර්ණයෙන්ම වටවෙලා රෝහල් පිටත ටැංකි තියෙනවා අපිට එළියට බහින්න බැහැ කියාය .
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සිකුරාදා ළමුන් දුසීමකට වැඩි පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්ට අල් රහ්ටිස් රෝහලෙන් අසල්වැසී ඊජිප්තුව සහ ජෝර්දානයේ රෝහල් වෙත ගෙන යන ලදී. අල් නසර් රෝහලේ රැදි සිටින ළමුන් 30 දෙනාට සිදු වුයේ කුමක්ද? යන්න තවමත් පැහැදිලි නැති පවසයි .
ජායා රූපය සහ තොරකුරු අල් ජාසීරා ඇසුරින්