LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගෝඨා - රනිල් ආණ්ඩුවේ මර්දනය ගැන අවධානයෙන් සිටින්නැයි ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ඉල්ලනවා

අරගලකරුවන්ට එරෙහිව ඔවුන්ගේ මුහුණ රවුම් කරපු විඩියෝ පෙන්වමින් අත්අඩංගුවට ගන්න රජයේ ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් පොලිසිය මාධ්‍ය ඉදිරියේ කදුගෑස් ඇස් මට්ටමෙන් එල්ල කරපු කිසිදු නිලධාරීයෙකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව අරගලකරුවෙක් වන සේනාධි ගුරුගේ පැවැසිය .

ගුරුගේ එසේ පැවැසුවේ ගාලුමුවදෝර ගෝඨා ගෝ ගම පාසැලේ අද (16) සවස පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවේදී අදහස් දක්වමින්ය.

පසුගිය 09 වෙනිදා ගාලුමුවදෝර අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ මැරයන් ගේ විඩියෝ තිබියදීත් සැකකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි කී ගුරුගේ අරගලකරුවන්ට එරෙහිව පමනක් නිතී ක්‍රියා කරන බවත් පෙන්වාදුන්නේය .

ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය .

පොලිසිය කියන්නේ විවෘතව තියෙන්න ඹ්න තැනක් . ජනතාවගේ අදහස් ප්‍රකාශ කරන්න , විරෝධය පා පුළුවන් තැනක් . නමුත් පසුගිය 09 වෙනිදා අපි පොලිස් මුලස්ථානයට පා ගමනින් යද්දී , පොලිස් මුලස්ථානය ඉදිරිපිට මාර්ග බාධක ඉදිකර තිබුණා .

රාජ්‍ය ත්‍රස්තවාදයට කොහොමද ඒ වැනි බලයක් ලැබුණේ කියලා . අපි ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ඉල්ලනවා ගෝඨා – රනිල් ආණ්ඩුව මර්දනය ගැන අවධානයෙන් ඉන්න කියලා .

3 thoughts on “ගෝඨා – රනිල් ආණ්ඩුවේ මර්දනය ගැන අවධානයෙන් සිටින්නැයි ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ඉල්ලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *