ගුවන් හමුදා රගර් ක්‍රීඩකයා ඝාතනය කර ඇත්තේ STF සෙබලුන් -සාක්කිරුවෙකු පවසයි

ගුවන් හමුදා රගර් ක්‍රීඩකයා ඝාතනය කර ඇත්තේ STF සෙබලුන් -සාක්කිරුවෙකු පවසයි

බස්නාහිර පළාත දකුණ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද දිලන්ත ලක්මාල් රාජපක්ෂගේ  මරණ පරික්ෂණ සාක්කි අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (20) විමසිමට නියමිතව තිබුන ද බන්ධනාගර ගත කර සිටින සාක්කිකරුව අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා සාක්කි විමසිම මැයි 08 ට දක්වා  කල් දමන ලදී.

සාක්කිකරු වන නිමේෂ් රන්දික පෙරේරා නැමැත්තාව මැයි 08 වනදාට අනිවාර්යෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස‍්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්මේන්තුවට නියෝග කළේය.

රාජපක්ෂ ගුවන් හමුදාවේ රගර් සංචිතයට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහුගේ වයස අවුරුදු තිස්තුනකි.

මාර්තු 07 මොරගහහේන මාවෝස් ඇල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිළියන්දල සිද්ධ මුල්ල ප්‍රබුද්ධ මාවතේ පදිංචි වසන්ත පෙරේරා සහ රූපසිංහ ආරච්චිගේ නයනාන්ද හෙවත් උක්කුම් මහත්තයා වෙඩි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය රාජපක්ෂ පාදුක්ක මිරියගල්ල ඔහුගේ මහා ගෙදර නිවසේ නිදාගෙන සිටියදී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන කෙරිණ.

මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද්දේ මාර්තු 07 වැනිදාය. එදින රාජපක්ෂ හෙවත් කලුවා සමග රන්දික පෙරේරා ඔහුගේ පෙම්වතිය බැලිම සදහා ජා ඇලට ගොස් ඇත. රන්දික  රාජපක්ෂ පෙම්වතිය බැලීමට ගොස් ඇත්තේ කුළියට ගත් වාහනයකින්ය. රන්දික පෙරේරා රාජපක්ෂලාගේ ගෙදර ගොස් උදේ ආහාරය ගෙන අතුරුගිරියට ගොස් අතුරුගිරියෙන් අධිවෙිගී මාර්ගයට පිවිස වත්තලින් එළියට පැමින ඇත.  රාජපක්ෂ පෙම්වතිය මුණ ගැසී ඇත්තේ වත්තල කීල්ස් එක අසල දීය. ඔහු පෙම්වතිය සමග පැය භාගයක් පමන කාලයක් කතා කර සිට නැවත  අධිවේගී මාර්ගය ඔස්සේ කහතුඩුවට පැමින , එතැනින් රන්දික පදිංචි නිවසට පැමින තිබිණ. රන්දික කුළී වාහනය යවා කලුවා සමග දහවල් ආහාරය ගෙන  ඇත. කලුවා සවසට 01ට පමන රන්දිකගේ යාළුවෙකු සමග මිරියාගල්ලට ගොස් ඇති අතර රන්දික පෙරේරා එදින සවස 5ට පමන ඔහුගේ අම්මාගේ නිවසට ගොස් ඇත. රන්දික පෙරේරා බිරිදවත් රැගෙන ඔහුගේ නිවසට ගොස් තිබුණි.  පසුදා (09) පාන්දර 2.30ට පමන බස්නාහිර පළාත දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගේට්ටු කඩාගෙන පැමින ඔහුගේ නිවස වටලා තිබිණී.  පසු එස්. ටී.එෆ්. නිලධාරියෙකු රන්දික පෙරේරාගේ නම කියලා කෑගහන කොට ඔහු දොර ඇරගෙන ඉදිරියට පැමින  ඇත. ගෙට ඇතුල් වුණු එස්.ටී.එෆ් නිලධාරීන් රන්දික පෙරේරාට අමානුෂික ලෙස පහර දී 2024 මාර්තු 07 වනදා සිදු වු වෙඩි තැබිමක් ගැන ප්‍රශ්න කර තිබිණ.

වාහනය එළවාගෙන ගියේ උඹ ,කලුවා තමයි වෙඩි තැබුවේ යැයි කියමින් පෙරේරාට එස්.ටී. එෆ්. භටයින් පහර දී ඇත. පාගොඩ යුනිට් එකේ ගුණසේකර උඹ මැරෙන්න ලැස්ති වෙයන් යැයි පවසා ඇත. රන්දික පෙරේරාගේ බිරිද ඔහුව මරන්න එපා යැයි හඩා වැටිණ. කලුවා එස් .ටී.එෆ්. වාහනයේ ඇතුලේ සිටින බව රන්දික පෙරේරා දැක තිබිණ.   එස්.ටී.එෆ්. භටයන් කිපදෙනෙකු රන්දික පෙරේරාගේ නිවසේ නතර කර කලුවාව රැගෙන ගොස් ඇත. පසු උදේ 6.00 ට පමන එම කණ්ඩායම් පැමින කලුවා යන්න ඔ්නි ගමන් ගියා  යැයි පවසා ඇත.  මාර්තු 08 වෙනිදා උදේ රන්දික පෙරේරාව පාගොඩ දකුණු කොළඹ අපරාධ කොට්ඨාශ රැගෙන ගොස් දින හතකට රැදවුම් නියෝග භාරයේ මත තබාගෙන පසුව අයිස් ග්‍රෑම් 12 දමා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ගුවන් හමුදා රගර් ක්‍රීඩකයා ඝාතනය කර ඇත්තේ STF සෙබලුන් -සාක්කිරුවෙකු පවසයි

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය අංගමුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් දමා පරික්ෂා කර ඇති බවත්  ඔහු මාර්ග බාධකය හරහා පැමිණ ඇති අතර යතුරු පැදිය නතර කරන්නැයි පොලිසිය අණ කරද්දී  රාජපක්ෂ පොලිසියට වෙඩි තබා පලා යන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තැබීම නිසා ඔහු මිය ගිය බව පොලිස් නිළධාරීහු අධිකරණයේ සාක්කි දෙමින් පැවසුහ. රාජපක්ෂ පොලිසියට වෙඩි තබා ඇතැයි කියන්නේ ගල්කටස් වර්ගයේ දේශීය නිෂ්පාදිත ගිනි අවියකිනි. ඔහු මාර්ග බාධකය පසු කර ගොස් යතුරු පැදිය කැලයට දමා මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට වෙඩි තැබීම සදහා ඉනෙන් යමක් අදිද්දී , ආත්මාරක්ෂාව සදහා පොලිසියෙන් ඔහුට වෙඩි තැබු බව අධිකරණය හමුවේ සාක්කි දෙමින් පොලිස් නිලධාරීන් පවසා ඇත.

රන්දික පෙරේරා මෙම නඩුකරයේ ප්‍රධාන සාක්කිකරයෙකි. රාජපක්ෂ එස්.ටි.එෆ්. ජිප් රථයේ සිටි බව රන්දික පෙරේරා දැක තිබිණ. කලුවා යන්න ඔ්නි ගමන් ගියා යැයි එස්.ටී.එෆ්. සෙබලුන් වාසි බස් දොඩා ඇත්තේ රන්දික පෙරේරා ඉදිරිපිටය. එම නිසා මෙම සාක්කිරුට ජිවිත හෝ වෙන යම් අනතුරක් සිදු වුහොත් ඊට කොළඹ අපරාධ කොට්ඨාශය සම්පුර්ණයෙන් වගකිය යුතුය.

රාජපක්ෂගේ පෙම්වතිය 2024 මාර්තු 07 වන උදේ 11.30ට පමන වත්තල කීල්ස් එක අසල හමු වු බවට සාක්කි දීමට නියමිතය. ගුවන් හමුදාවෙන් කීල්ස් ආයතනයේ CCTV කැමරා පරික්ෂා කළ බව ද වාර්තාවේ.

එස්.ටී.එෆ්. භටයන් රාජපක්ෂ වෙවෙ තබා ඝාතනය කර ඇත්තේ මාර්ග බාධකයේදී නොව මිරියගල්ල ඔහුගේ නිවසට ගොස් පැහැරගෙනවිත් බව රන්දික පෙරේරාගේ සාක්කියෙන් ඔප්පු වනු ඇත. එස්.ටී.එෆ්. භටයන් රාජපක්ෂලාගේ ගෙදරට ගොස් මත්ද්‍රව්‍ය ඇද්දැයි පුතාගේ කාමරය පරික්ෂා කළ බවත් නිවසේ වටිනා කියන දේවල් නැති නොවුණ බවට ඔහුගේ පියාගෙන් අත්සන් ගත් බව පියා පවසයි.

රාජපක්ෂ පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර 2025 මාර්තු 07 වනදාට අවුරුද්දයි දවස් 15ක් ගත වී තිබේ.

රාජපක්ෂ සහ රන්දික පෙරේර සංවිධානාත්මක පාතාල අපරාධකරුවෙකු යැයි පොලිසිය හදුන්වන හදයගේ යාලුවෝ වෙති.  රාජපක්ෂට එරෙහිව පාදුක්ක හෝ  වෙන යම් පොලිසියක් අපරාධමය සිද්ධියක් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නැති බව ඔහුගේ පියා පවසයි. එස්.ටී.එෆ් . සෙබලුන් රාජපක්ෂව මරා දමන්නේ හදයාගෙන් පලි ගැනීම සදහාය. විශේෂයෙන් රාජපක්ෂ හදයාගේ යාළුවෙකු වුවද  ඔහුගේ අපරාධ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නැති බවත් අප කළ සොයා බැලිම් වගදී දැන ගන්නට ලැබුණි.

මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් න‍ීතිඥ බුද්ධික මල්ලවාරච්චි පෙනී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *