ජනාධිපති අනුර කුමාර මහජනයාගේ හතුරෙකු වන ධනපති රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයට කැප වුනු ආදර්ශයක් යැයි සුදුහුනු තවරයි

ජනතාවගේ ජන වරම පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පෙන් වු කැපවිම සහ දැකු වු ආදර්ශයට එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වන බව අනුර දිසානායක නමවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දිමෙන් අනතුරුව ජාතිය අමතමින් පැවසීය .

සැප්තැම්බර් 22 සවස රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවති ජයග්‍රාහී ජනාධිපති අපේකෂකයා දැනුම් දිමෙන් පසු නමවන ජනාධිපතිවරයා ලෙස තේරිපත් වු අනුර දිසානායක අදහස් දක්වමින් පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් කටයුතු කළ බවට වික්‍රමසිංහට චෝදනා එල්ල කළේය .

වික්‍රමසිංහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මැතිවරණ කටයුතු යෙදුනු බවට චෝදනා කළ දිසානයක ජනාධිපති ලෙස දිවුරුම් දෙමින් ජනතාවගේ ජන වරම පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරු වෙනුවෙන් පෙන් වු කැපවිම සහ දැක් වු ආදර්ශයට ඔහුට හද පතලෙන් ස්තුති කළේය . නමුත් එම කතාව ඇතුලේ කම්කරුවන් ,ගොවියන් .ශිෂ්‍යන් සහ මේ රටේ පීඩාවට පත් වී සිටින මහජනයා ගැන හෝ අඩුම තරමේ අනුර කුමාර මෙතැනට ගෙන එම සදහා ජිවිත පරිත්‍යාග කළ ජවිපෙ කිසිවෙකු ගැන හෝ සදහන් නොකළේ අහම්බයෙන් නොව අනුර කුමාර සහ ජවිපෙ පදනම්ව සිටින මධ්‍යම පන්තියේ නරුම සහ සෙවලකම විසිනි.

ජනාධිපති අනුර දිසානායක අද (24) හිටපු ජනාධිපති වික්‍රමසිංහ හමුවිම සදහා ඔහුගේ නිවසට ගොස් ඇති බවත් වාර්තාවේ.

ජනාධිපති අනුර කුමාර තුළ එම පරස්පරයන් පැන නගින්නේ හුදෙක් ඔහුගේ පෞද්ගලික දුර්ගුනයක් උඩ නොව ඔහුගේ මධ්‍යම පාන්තික පන්ති ස්වභාවයෙන් ගලා එන්නකි. විද්‍යාත්මක දර්ශනයක්ය මත පදනම් වෙනවා වෙනුවට, මතු පිට තලයේ දිස් වන දේවල් මත පදනම්ව තින්දු තිරණ ගැනීම නිසා අනුර කුමාරට එකාග්‍ර මතය පිහිටා කටයුුු කිරීමට නොහැකිය. මන්ද මතුපිට තලය නිරන්තයෙන් පන්ති අරගලය විසින් කළඹවනු ලබන නිසාවෙනි. මේ වර්ගයේ අය සදාචාරයට වැඩි නැඹුරුවක් දක්වති.

ජාතික ජන බලවේගයට මෙවර ජනාධිපතිවරණයෙදී සහයෝගය දුන් ඊනියා බුද්ධිමතුන්ගේ සිට බංකොලොත් මධ්‍යම පාන්තිකයෝ තත්කාරයවාදියෝ මෙන්ම සදාචාරවාදිහු වෙති.

එක්තරා පන්ති තත්වයකදී උතුරේ සංහාරක යුද්ධයෙදී එල් .ටි.ටි.ඊ. සංවිධානයටත් වඩා පෙරමුණට පැමිණ දකුණේ සිංහල ආණ්ඩුව සමග ගේම ඉල්ලු සමහර හාදයෝ සහ ඊනියා මනවහිතවාදීන් තවත් පන්ති තත්යකදී එම ජන සංහාරක යුද්ධයෙදී රාජපක්ෂ රේජීමය පවා යුද්ධයට තල්ලු කරමින් දෙමළ ජන සංහාරයේ යෙදුනු අලුගෝසුවන් සමග යහාන් ගත වෙති. පශ්චාත් නුතනවාදීන් ,පශ්චාත් මාක්ස්වාදීන් , ග්‍රාම්ස්චිවාදීන් සහ ව්‍යාජ වම්මු මෙතෙක් කතා කළ න්‍යායන් පසෙකට දමා , නකුට දෙපරන්ද අස්සේ රුවාගෙන සමාන්‍ය ජනයා මෙන් ජාජබය පිටුපස ගෑටුහ.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ යනු ධනපති පන්තියේ නියෝජිතයෙකු මෙන්ම කම්කරු -පිඩිත මහජනයාගේ පන්ති හතුරෙකි. කම්කරු-පීඩිතයන්ට එරෙහිව බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය බවට කුප්‍රකට ඉතිහාසයක් වික්‍රමසිංහ සතුව ඇත. අනුර කුමාර වික්‍රසිංහගේ පන්ති ස්වරුපය සහ ඔහු ම‍ෘග පාලකයෙකු යන්න අමතක කර දමා වික්‍රමසිංහ ඔහුට ජනපති පුටුව දී යෑම ගැන ප්‍රජාතන්ත්‍රවාදයට කැප වු සහ ආදර්ශමත් නායකයෙකු යැයි උචාරුවෙන් පවසයි. වික්‍රමසිංහ අතහැර ගියේ ඔහුගේ පෞද්ගලික දේපලක් නොව  මහජන දේපලය. අනුර කුමාර ජනාධිපති විමෙන් පසු වික්‍රමසිංහ මන්දිර අතහැර නොගියා නම් ඔහුට වන දේ අනුර කුමාරටත් වඩා වික්‍රමසිංහ දැනුවත්ය .

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අතීතයේ දිවිපිදු සහෝදරවරු ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින ඝාතකයාගේ සංස්කෘතියට මොන තරම් අනුර කුමාර ලෝබ බැද සිටිනවා දැයි පැවසුවොත්  ජනාධිපති විමෙන් පසු සිදු කළ පලමු කතාවේදී වික්‍රමසිංහගේ  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ගැන කතා කිරීමට  ඔහු පැකිලුනේ නැත.

අනුර කුමාරට වික්‍රමසිංහ සමග ඇත්තේ පන්ති ප්‍රශ්නයක් නොව සදාචාරමය සහ සංස්කෘතික ප්‍රශ්නයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *