ජනාධිපති අනුර දිසානායක අද චිනයට

සිව්දින සංචරයක් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේ චිනය බලා පිටත්ව යාමට නියමිතය‍.

ජනාධිපති දිසානායක චිනය ලබා යන්නේ චින ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනාවකටය.

ජනාධිපතිවරයා ජනවාරි 14 වනදා සිට ජනවාරි 17 වනදා දක්වා සිව්දිනක් චිනයේ සංචාරයේ නිරතවනු ඇත.

එම සංචාරයේදී ජනාධිපති දිසානායක තාක්ෂණික සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර වල මෙන්ම දිළිදුකම පිටුදැකීම අරමුණු කරගත් ආදී ක්ෂේත්‍ර වලද සංචාරය කිරීමට නියමිත අතර චිනයේ ඉහල පෙළේ ව්‍යාපාරිකයන් ද හමුවීමට කටයුතු යොදා තිබේ.

මෙම සචරයේදී දෙපාර්ශවය අතර ද්විපාර්ශවීය ගිවිසුම් කියකට ද අත්සන් තැබීමට ද නියමිතය.

ජනාධිපති දිසානයක ඉන්දිය සංචාරයෙන් අනතුරුව යෙදෙන දෙවන සංචාරය චිනය වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *