ජනාධිපති උපදෙස් මත , නීතිපතිගේ මැදිහත්විමෙන් ඉන්දික ප්‍රභාත්ව දෙවන වරටත් ඝාතනය කරයි!
කටුවනගම ආචාරිගේ මහේෂ් ඉන්දික ඝාතනයට ආදාළව කිසිදු පුද්ගයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමානවත් සාක්කි හා කරුණු අනාවරණය වී නොමැති නිසා එම නඩුවට ආදාල වැඩිදුර නීතිමය පියවර ගැනීමට අපේක්ෂා නොකර බව නීතිපති වෙනුවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිෂ්ණා වර්ණකුල අත්සනින් බලපිටිය මහේස්ත්‍රාත්ට, අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපතිට සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්ලපිටියට යන අයට ලිඛිතව දන්වා යවා ඇත.
ඉන්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේ කොට්ටේගොඩ දි අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්නට යැයි අහුන්ගල්ලට රැගෙන ගොස් වෙඩි තබා මරා දමන ලදී. එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් බලපිටිය අධිකරණයේ ඒආර් 2049 /22 අංකය යටතේ විභාග වු අතර 2024 ජුලි 09 වනදා එම නඩුවේ තින්දු දෙමින්,බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩි .ජානක ප්‍රකාශ කළේ සාක්කි වලින් සහ වෛද්‍ය වාර්තාව අනුව ආත්මාරක්ෂාව සදහා තැබු වෙඩි තැබිමකින් සිදු වු මරණයක් නොව චේතාන්විතව සිදු කළ මරණයක් බව තහවුරු වී ඇති බවත් එම මරණකරුට වෙඩි තැබු පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කෙරිණ.
බලපිටිය මහේස්ත්‍රාත්වරයා අවුරුදු දෙකකට ආසන්න කාලයක් සාක්කි විමසමින් සහ වෛද්‍ය වාර්තාව සැලකිල්ල ගෙන දුන් තින්දු හැල්ලුවට ලක්කරමින්, ඉන්දික ප්‍රභාත්ගේ ඝාතන සිද්ධියට ආදාලව සාක්කි හා කරුණු අනාවරණය වී නොමැති නිසා කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකි බව නීතිපති වෙනුවෙන් කියද්දී, නීතියේ පන්ති ආධිපත්‍ය එළිමහනට කන්දු වි ඇත.
පසුගිය දිනක ජාතික ආරක්ෂක කමිටුව රැස් වු අවස්ථාවේ ජනාධිපති අනුර දිසානායකගෙන් පොලිස් විශේෂ බලකායට එරෙහිව අපරාධ නඩු සහ මානවහිමිකම් නඩු 17 ක් දමා අති බවත් එම නඩු ඉවත් කර දෙන්නැයි ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලා සිටි බවත් පසුව ජනාධිපතිවරයා නීතිපතිට ඒ ගැන සොයා බලා පියවර ගන්නැයි උපදෙස් දී ඇත. ඒ අනුව නීතිපතිවරයා එම නඩුව ආදාළව නෛතික පියවර නොගැනීමට තිරණය කර ඇති බැවින් ,බලපිටිය මහේස්ත්රාත්වරයාට නඩුව හකුළා ගන්නැයි දන්වා ඇත. මහර බන්ධනාගාරයේ රැදවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති ගැටුමෙන් රැදවියන් 11දෙනෙක් මරා දැමු අතර තුවාල ලැබු රැදවියන් ගණන 111 කි. මෙම මරණ 11 බැලු බැල්ලමට අපරාධයක් බවට සාධාරණ සැකයක් උද්ගත ඇති බැවින් , අපරාධ නඩු සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව සුදුසු කඩිනම් පියවර ගෙන ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට වැලිසර මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය. පසුව එම නඩුව ද නීපතිවරයා විසින් වසා දමන ලදී.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මරා දමන ලද හා මානව හිමිකම් කඩ කරන ලද නඩු 17 ක් එම බලකායට එරෙහිව ගොනු කර ඇති බවත් එම නඩු වලින් නීතිපතිවරයා විසින් මේ වන විටත් නඩු කියක් වසා දැමීමට පියවර ගෙන ඇද්ද යන්න හෙළි වී නැත.
ජනාධිපති අනුර දිසානායක විධායක බලතල පාවිව්වි කරමින් විභාග කළ යුතු සහ විභාග නොකළ යුතු නඩු ගැන තින්දු කිරීමට යෑම එකාධිපතියෙකුගේ ලක්ෂණ පෙන්වන්නක් වන අතර ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් දිසානායක මිලිටරි -පොලිස් ආඥඥාදායකත්වයකට පාර කපමින් සිටි.
ජාතික ජන බලවේගය කම්කරු – පීඩිත මහජනයාට හතුරු විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරීන් කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තැබු ව්‍යාපාරයකි.