ජනාධිපති ලේකම් කාර්යාලය හොරුන්ගේ තිප්පොලක් – 2022 කාර්යසාධන වාර්තාව හෙළි කරයි

022 වර්ෂයේ (ගාලුමුවදොර අරලගලය ) ඇතිවු කලබලකාරී වාතාවරණය තුළ දී ජනාධිපති ලේකම් කාර්යාලයට සහ කොටුව ජනාධිපති මන්දිරයේ භාණ්ඩ සහ උපකරණ වලට සහ දේපල වලට සහ වාහන වලට සිදු වී ඇති විගණිත දිනට තක්සේරු කර තිබුණු ආලාභාහානිවල වටිනාකම් වල එකතුව රුපියල් 36,675.854 ලෙස නිරික්ෂණය කර ඇති බවත් එය මුල්‍ය ප්‍රකාශන සමග ඉරිදිපත් කර තිබු පාඩු හා අතහැරීම් පිළිබද වාර්තාවට එය ඇතුළත් කර නොතිබු බව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2022 වර්ෂයේ අවසානයේ ඉදිිරපත් කර ඇති ජාතික විගණන වාර්තවේ සදහන් කර ඇත.

ගාලුමුවදොර අරගල සමයේ ජනාධිපත් මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපල වලට සහ වාහන වලට සිදු වී ඇති ආලාභහානිය රුපියල් 36,675 854ක් ලෙස තක්සෙරු කර තිබුණත් ඒය පාඩු හා අතහැරීම් පිළීබද ලේඛනයට ඇතුළත් නොකර ඇත්තේ වංචාවක් කිරීමේ අදහසින්ය . සුදු වු යැයි කියන ආලාභාහානීය පිළිබද තක්සේරුවේ නිවරැදි දයැයි සැකයක් මේ අනුව පැනනගී .

මෙම ජාතික විගණන වාර්තාව සදහා ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා ලෙස අතසන් තබා ඇත්තේ ජනධිපති ලේකම් එ .එම් .එස් .බී .එකනායක විසින්ය . මෙම වාර්තාව 2022 වර්ෂයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කර්යසාධන වාර්තාව ලෙස නම් කර ඇත.

20022 වර්ෂයේ අප්‍රේල් රට තුළ ඇති වු කලබලකාරී වාතාවරණය තුළ වාහන 22 කට අලභාහානි සිදු වී තිබුණත් එම වාහන වලින් 06 ක් 2023 මාර්තු 31 වෙද්දීත් ,අලුත් වැඩියා කර නොතිබු බව එම වාර්තාව මගින් හෙළි කරයි .

මුල්‍ය ප්‍රකාශන සමග ඉදිරිපත් කර තිබු ACA -6 පුල්‍ය නොවන වත්කම් පිළිබද ප්‍රකාශනයේ 2022 වර්ෂයේ ජනවාරි 01 දින ආරම්භක ශේෂයට රුපියල් 47, 529618 ක මුල්‍ය නොවන වත්කම් එකතු කර නොතිබුන ද එම වත්කම් සනාථ කර ගැනීමට විස්තරයක් විගණයට ඉදිරිපත් කර නැතැයි එම විගණන වාර්තාවට විගණකාධිපති වෙනුවෙන් අත්සන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහාකාරක විගණාධිපති බී .ඔි .ඩි . ප්‍රනාන්දු සදහන් කර ඇත.

භෞතික පැවැත්ම අනාවරණය කර ගැනීමට නොහැකිව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා පැවැත්ම තහවුරු කර ගැනීමට අසමත්ව ඇති බවත් එම වාහන වටිනාකම කොතෙක් දැයි මේ වන විටත් සොයා ගැනීමට නොහැකි බවක් එම වාර්තාවේ සදහන් වේ . ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මිල දී ගත් වාහන වල වගීය හෝ පාට නොදන්නා ජනාධිපති ලේකම් කාර්යාලය වාහන වල වටිනාකම් සොයන්නේ කෙසේද? වාහන එකාක් දෙකාක් නොව වාහන 51 ක් මිලදී ගෙන ඇති අතර එම වාහන වල නිත්‍යානුකුල ලියවිලි නැතැයි කියන්නේ මොන ත දුෂීත පරිපාලනයක් ද අනෙක් පැත්තෙන් මහජනයාගේ මුදල් හිතුමතේ වියදම් කරමින් අවභාවිතා කර ඇත.

ජනාධිපති කාර්යාලයට අයත් වාහන 28 ක් සමාලෝචි වර්ෂ්ය අවසාන විටත් රක්ෂණය කර නොමැති බවත් එම වාහන අතරින් 13 ක් අධි ආරක්ෂිත රථ වන අතර අධික මුදලක් රක්ෂණය සදහා වැය වන නිසාරක්ෂණය කර නොමැති බවත් සමාලෝචිත වර්ෂය අවසාන විටත් එම වාහන වල වටිනාකම තක්සේරු කර නොමැති බවත් එම වාර්තාවේ සදහන් කර ඇත. වාහනයක් ලියාපදිංචි නොකර හෝ රක්ෂණය නොකර පාරට දැමීම මාර්ග නීතිවලට අනුව වරදක් වන අතර නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ එම නීතියට පටහැනිව කටයුතු කර ඇති බවත් ආරක්ෂාව සදහා යැයි රක්ෂණ මුදල් පවා ගෙවීමට පවා නොහැකි අධික වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇති බව හෙළි වේ .

ජනාධිපති කාර්යාලය මගින් තාවකාලික පදනම මත වෙනත් රාජය ආයතන සතු වාහන 52 ක් ලබාගත් බව සදහන් තිබුණ ද විගණනයේදි වාහන 66 ක් භාවිතා කරන බව හෙළි වි ඇති බවත් වාහන වල තොරතුර අස්ථාන ගත වී ඇති නිසා වාහන ලබාගත් දින ද සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් එම වාහන සදහා සමාලෝචිත වර්ෂය තුළ රුපියල් 28 ,802 2454 ක් නඩත්තු වශයෙන් ජනාධිපති කාර්යාලය මගින් ගෙවා ඇති බව සදහන් කර ඇත.

වෙනත් රාජය ආයතන සහ විරාස්ථාන වෙත මුද්‍රහැර ඇති වාහන 116  ලියාපදිංචිය අයිතිය නිරාකරණය කර ගැනීම සදහා ලිපි ලේඛන වර්ෂයට පෙර ලබා දී ඇති නමුත් 2023 අප්‍රේල් මස දක්වා  ලියාපදිංචි අයිතිය එම ආයතන වලට පවරා දී නැතැයි ද වාර්තාවේ සදහන්ය .

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කර ඇති 2022 කාර්යසාධන වාර්තාව අන්තර්ජාලය ඔස්සේ සැරිසරයි . මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් එම් .එස් . බී .ඒකනායකගේ අස්සනින්ය .. මේ පිළිබද දැන ගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට කීපවතාවක් දුරකතනයෙන් කතා කළ ද වගකිව යුත්තෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *