ජවිපෙ අම්බාරුවෝ ගොවි සම්මන්ත්‍රණය කඩාකප්පල් කරති

“ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බාරුවෝ “යන මැයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබු ජාතික ගොව් සම්මන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් පිරිසක් පැමිණ කඩාකප්පල් කළ බවට ගොවියෝ චෝදනා කරති.
මෙම සම්මන්ත්‍රණය අගුණුකොළපැලැස්ස උස්වැව ගැමිදිය අද (13) පෙවරු (10) අගුණුකොලපැළැස්ස උස්වැව ගැමිදිය ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබුණි
එම සම්මන්ත්‍රණය පෙරටුගාමී සමාජවාදි ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන ගණනාවක් මැදිහත් වී සංවිධානය කරන ලදි.
ජවිපෙ සමාජිකයින් සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීම සදහා කලහාකාරි ලෙස හැසිරී ඇති බවත් එම කලහාකාරී ලෙස හැසිරිනු පිරිස පැමිණ ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට බව සමාජවාදි ගොවි සංවිධානය චෝදනා කරයි.