ජවිපෙ නංගි පෙන්වා අක්කා දෙයි
මේ මොහොත වන විට රනිල් වික්‍රමසිංහ විසින් ජවිපෙ අනුර කුමාර දිසානායක මෙහෙවන අතර එය සෝමවංශ කළ දේශපාලනයේම දිගුවකි . එය පොදු ජනතවට නොතේරෙන අයුරින් ඉතාමත් සුක්ෂමව කරගෙන යෑමට කුමාර දක්ෂයෙකි .
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට නටන කුමාරලා ගේ දේශපාලනයෙන් රටට කිසිදු යහපතක් සිදු නොවේ . ඔවුන්ගේ ගමන වසර කිපයකට පමණ සීමා වනු ඇත . නැවත වතාවක් තමුන් රැවටි ඇත්තේ බැටළු හමක් පොරවා ගත් කපටි හිවලෙකුට බව ජනතාව කෙටි කාලයකදී අවබෝධ කර ගන්නවා ඇත.
මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය කැදවා ඇතත් එය පවත්වන්නේ නැත . එය අපේ දේශපාලන අවබෝධයයි . ජවිපෙ ද එය දනී . නමුත් ඔවුන් ජන අරගලය දිය කිරීමට ජනතාව මැතිවරණ වාදය වෙත කැදවාගෙන යති . ජවිපෙ ඉල්ලා සිටින්නේ පළාත් පාලන මැතිවරණයක් නොව මහා මැතිවරණයකි,
පොදු පෙරමුණ කැසකවන්නේ රනිල් ඊලග ජනාධිපති ඡන්දයට ඉදිරිපත් කිරීමටය . ජනාධිපතිවරණ ජන්දයකදි සජිත්ට සහ අනුරට ඡන්ද දෙකට කැඩී යන අතර උතුරේ දෙමළ ජන්ද වලින් වික්‍රමසිංහ බලයට පත්වනු ඇත . වසර 5 ක් ඇවෑමෙන් මහලු වික්‍රමසිංහ නාමල්ට බලය ලබාගැනීමට ඉඩ සලසා විශ්‍රාම යනු ඇත.
රනිල් ඉහත ක්‍රම දෙකින් එකක් තෝරා ගන්නවා ඇත, මගේ අවබෝධය අනුව ඔහු අනුර කුමාරව තෝරා ගන්නා බවයි. එය එසේ වන්නනේ චීන හිතවාදී රාජපක්ෂලා බලයේ සිටින තුරු ජාමුඅ ණය දෙන්නේ නැත. එම නිසා රනිල් අනුරව පෙරට ගනු ඇත , කවුරු පෙරට ගත්තද මේ මොහොතේ ලාංකීය මධ්‍යම පංතිය පිඩිත පංතිය ගොඩට වැටීම නතර කළ නොහැකිිය .ඒ වගේම යුරෝපා රටවල සහ ඇමෙරිකාව ඇතුළු දියුණු ධනේශ්වර රටවල ධනවාදය අවසන් ගමන් යමින් සිටි . ඔවුන්ට තව දුරට අපට උපකාර කළ නොහැකි අතර කළ හැක්කෙ ඔවුන්ගේ පැවැත්මට අපව තව තවත් හුරා ගන ෑම පමණි ,
අපගේ අවබෝධය අනුව මුළු ලෝකයේම තව වසර කීපයක් තුල ධනවාදය වළදමා නව ක්‍රමයකට ගොඩනැගිමට ජනතාව පෙරට එනු ඇත .
ඉදිරි වසර 2 යන විට අනුර කුමාර රනිල් දිගය ලාංකීය ජනතාවද අවබෝධ කර ගන්නවා ඇත, අවබෝධ කරන්නවා පමණක් නොව රටේ ආර්ථික ,දේශපාලන ,සමාජමය ප්‍රශ්න වලට විසදුම් නොමැති ගෝඨාභය පහරදී එලවා දැම්මා සේ අනුර කුමාරාවද එදාට එළවා දමනු නිසැකය . එය අප දන්නා දේශපාලන යයි .
ගාමිණී වැන්ඩකෝන් 27 ,01. 2023
( අදින් වසර 31 කට පෙර මා ජවිපෙ දේශපාලන මණ්ඩලයට ලිපියක් යැවිය එහි සරංශය මෙසේ විය *
සහෝදර වරුනි
වර්තමානයෙ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ සිටින සෝමවංශගේ නායකත්වයෙන් ලංකාවේ ආර්ථික ,දේශපාලන සහ සමාජමය අල්පමාත්‍ර වෙනසක් කළ නොහැක, ඔහුට කළ හැක්කෙ ධනේශ්වර ආණ්ඩුව සන්නද්ධ බලයෙන් විනාශ කළ ද දේශපාලන වශයෙන් මරා දැමීමට බැරිවූ ජවිපෙ දේශපාලන වශයෙන් මරා එය ධනපති පංතිය ආරක්ෂා කරන තවත් ධනේශ්වර පක්ෂයක් බවට පත් කිරීම පමණකි , ඔහු කොමියුනිස්ට් ව්‍යපාරය විනශ කළ තවත් ගොර්බචෝෆ් කෙනෙකු පමණි. ඔහු ජවිපෙ විනශ කරනු නිසැකය .
දැනට සමාජ ක්රමයේ වෙනසක් සදහා සමාජවාදය ගැන කතා කරන ජවිපෙ නුදුරේම දීම බටහිර රටවල, ඇමෙරිකාව සහ ඉන්දියාවේ ධන කුවේරයන්ගේ අවශ්‍යතාවයට නැටවෙන රූකඩයක් බවට පත් වනු ඇත. එය අධිරාජ්‍යවාදීන්ගේ කිහිලිකරුවක් වනවා පමනක් නොව කම්කරු පිඩිත මහජන අරගලයේ අලුගොසුවා වනු නියතය . රටට බරපතල හානියක් කරන පක්ෂය වන අතර දැනට දස දහස් ගණනින් ජනතාව අමතන සොමවසං අවසන කාලයේ දී දෙතුන් දෙනක් වත් ඇමතීමේ හැකියාව නොමැතිව ඉතිහසයේ කුනු කුඩයට වැටෙනු ඔබ දකිනු ඇත,
, මා ජවිපෙට යැවූ ලිපිය පිටු 30 කට අධිකය එය මා 1991 වසරේ එනම් වසර 32 කට පෙර පක්ෂ දේශපාලන මණ්ඩලයට යැවූ අතර එම ලිපියෙ පිටපත් කුමාර් ගුණරත්නම් (* ඔහුගේ මස්සිනා වූ එවකට ස්විට්සර්ලන්තයෙ සිටි පාලිත සෝමරත්න හරහා ද ටිල්වින් සිල්වා ( එවකට ඔහු මැගසින් බන්ධනාගාරයෙ සිටි අතර එවකට එහි සිටි යක්කල විමලේ සහෝදරයා මගින්ද , කරුණා ගමනායක එවකට landon වල ජිවත් විය . ඇය එම ලිපිය ගුවන් තැපෑලෙන් යවන ලදී ,යක්කල විමලේ සහෝදරයා එවකට මැගසින් බන්ධනාගාරයේ සිටි අතර ඔහුගේ සහොයුරා වූ යක්කල විරේ මගින් ලිපිය ලබාදෙන ලදී ,සෙල්ටන් රජපක්ෂ(*ඔහු එවකට මැගසින් බන්ධධනාගාරයේ ටිල්වින් සිල්වා සමග එකම කාමරේ වසර ගණනක සිට සිරගත කර තිබුණි , landon ජවිපෙ කමිටුවට( පොල් පිරිස් සහෝදරයාට ලන්ඩන් වල සිටින ගාමණී( 1989 ගාල්ල ජවිපෙ දිසා ලේකම් එවකට ද දැනටද landon වල ජිවත් වේ . එගොඩ බැද්දේ ගුණසිරි(එවකට ද දැනටද ඕස්ට්‍රේලියාවේ ජිවත් වේ * , පර්ලිමේන්තු වට බෝම්බ ගැසූ අජිත් කුමාර එවකට එළියට පැමිණ පක්ෂයේ වැඩ කරමින් සිටියේ . ඔහු වර්තමානයේ අමෙරිකවේ ජිවත් වෙයි . ,සුනිල් මාධව ප්‍රේමතිලක( එවකට හිරු පත්තරයේ වැඩ කරන ලදී ) දාර් මේ සහෝදරයා( එවකට ඉතාලියේ ජවිපෙ සංවිධායක වි ය . එවකට තායිලන්තයෙ සිටි පක්ෂ සහෝදර වරුන්ට ,( දැනට ෆ්‍රන්ස යෙ ජිවත් වන පත්ම සිරි මගින් යැව්වෙමු * සමන් ප්‍රියංකර ( එවකට ජපානයේ ජවිපෙ සංවිධායක , අද වන විට ඒ ලිපියේ ලියු සියල්ලම සත්‍ය වී ඇත . එය දීඝ ලිපියකි . ඉදිරියේ එය ඔබට කියවිමට සලස්වමි.