ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මරපු ආකාරයට ජාජබ ආණ්ඩුව තරුණයන් ඝාතනය කරයි.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මරපු ආකාරයට ජාජබ ආණ්ඩුව තරුණයන් ඝාතනය කරයි.

ඔහු හෝ ඇය පාතාලයට සම්බන්ධ වීමට බලපෑ හේතුව කුමක් වුවත්  ඒ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් රජයට වගකිමක් ඇති බවත්  ඒ නිසා අපි ඉස්සෙල්ලා ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අතරම  ඒවැනි පුද්ගලයන් නිර්මානය කරන හේතු  නැති කිරීමටත් කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස පවසයි.

මේ සමාජයේ සමහර අය පාතාල ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න හේතුව සමාජ ආර්ථික ප්‍රශ්න බවට විග්‍රහයක් තිබෙන බවත්  එක වෙනස් කරන්න ඇවිල්ලා තවම ගතවෙලා තියෙන්නේ මාස තුනක් බවත්. මේවා ඇවිලිලා දශක ගණනාවක ප්‍රශ්න  බව කී අමාත්‍යවරයා අමාත්‍යංශ හරහා තින්දු තීරණ අරගෙන සුදානම් වන්නේ එම ප්‍රශ්න විදීමට බවත්  එම ප්‍රශ්න විසදීමේ වැඩ පිළිවෙලත්. සමාජ ආර්ථික අර්බුදයට විසදුම් සොයන එකත් අයවැය දිහා බැලුවාහම පෙනෙන බවත් පැවසීය.

ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජෙයේ ප්‍රවෘත්ති දෙපාර්මේනතුවේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද(25) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී  ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරි නැගු ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින්ය.

මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්න දෙක පහතින් පල වේ.

කලින් ආණ්ඩු වගේ ජාජබ ආණ්ඩු අපරාධ කාරයන් අත්අඩංගුවට ගත්තද ඔවුන් මර දමන්නේ නැහැ.  එහෙම මරා දමන්න මොනම ආණ්ඩුවකට අයිතියක් නැහැ. නීතිය හමුවට ඉදිරිපත් කරන්න කියලා අපි ජනමාධ්‍යවේදීන් විධියට ආණ්ඩුවෙන් ඉල්ලුවා.  ඉල්ලා දිනය දෙක තුනක් යදිදී කොටහේන අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසිය ඉතා අමානුෂිකව ඝාතනය කරනවා. දැන් මේ ආණ්ඩුවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා වෙනුවට  ඝාතනය කරන්න පටන් අරගෙන. කොටහේනේදී අත්අඩංගුවට ගත් ප්‍රගාස් නිර්මානන්දන්ගේ  මුහුණට ගහලා  වෙඩි තැබීම නිසා ඔහු දේහය තැන්පත් කළ පෙට්ටිය සීල් කරලා. නිර්මානන්දන්ගේ දේහය ඔහුගේ මව පදිංචි නිවසට රැගෙන උත්සහ කරද්දී ,  පොලිසියෙන් එකට ඉඩ දිලා නැහැ. මිනීය තබලා තියෙන්නේ මල් ශාලාවක . මේක ද ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාය ? පොලිසිය තරුණයන් දෙදනාට වෙඩි තැබුවේ ආණ්ඩුවේ නියෝගයකටද?? පැවති ධනපති ආණ්ඩු වල පිළිවෙතටම ජාජබ ආණ්ඩුවත් අනුගත වෙලා නේද?

දේශපාලඤයෝ දුෂිතයි කියලා අපි බැණ වදිනවා .ඒ වගේම පොලිසියත් දුෂිතයි. පොලිසිය පසුගිය දින සිදු වු අපරාධ දෙකටම සම්බන්ධයි. අපි මේ ගැන වැඩබලන පොලිසිපතිවරයාගෙන් විමසුවාහම ඔහු පැවසුවේ පොලිසිය අපරාධ වගට ගොදුරු වීමට ප්‍රධාන හේතුව දරිද්‍රතාවය ජිවත්වීමට තරම් ප්‍රමානවත් වැටුපක් නොලැබිම කියලා . මේ කරණය සමාජයටත් ආදාළයි . පාතාල අපරාධකරුවන් ආයුද පෙනවන්න කියලා අරගෙන ගිහිල්ලා මරා දමනලා විසදන්න බැහැ. පාතාලය බිහිවීමට ආදාළ ආර්ථික දුප්පත් කම නැති කරන්න වැඩපිළිවෙලක් ජාජබ ආණ්ඩුවට තියෙනවාද?

අමාත්‍යවරයා වැඩිදුර අදහස් දක්වමින් මෙසේද පැවසිය‍.

අපි වැඩිම අවධානයක් යොමු කරලා තියෙන්නේ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සහ ආර්ථික පලදායිතාවය වැඩි කිරීමට සහ රටේ පොදු ජනතාව අතරට මුදල් ගලා යෑම සැලස්විමටයි. ඔවුන්ගේ ජිවිත නගා සිටුවිම සදහා  එක දිර්ඝ කාලීන වැඩපිළිවෙලක්. කෙටි කාලීන වැඩ පිළිවෙක් ලෙස මොන හේතු නිසා පාතාලයට සම්බන්ධ වුනත් ඒ හරහා කෙනෙක්ගේ ජිවිත නැති කරන්න,හොරකම් කරන්න , මිනී මරන්න ,කප්පම් ගන්න. දුෂණය කරන්න අයිතියක් ලබා දෙන්න බැහැ.

– ප්‍රශ්නය – අණ්ඩුව නීතිය හමුවට පමුනුවනවා කියා සැකකරුවන්ව වෙඩි තබා ඝාතනය කරනවා. ආණ්ඩුව දැනුවත්වද මේ ඝාතන සිද්ධ වුණේ , ආණ්ඩුව මේ පිළිවෙත දිගටම ගෙනියනවාද?

උත්තර – ආණ්ඩුවක් හැටියට අපේ අවශ්‍යතාවය තියෙන්නේ මේ සියලු දෙනා අධිකරණය හමුවට පමුණුවලා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒතැනදී ඒ ක්‍රියාවලියට බධා වෙනවා නම් ක්‍රියා මාර්ගයක් ගන්නත් සිද්ධ වෙනවා. අපි හිතනවා පසුගිය දින ඇති වු සියලු ක්‍රියාවන් සම්බන්ධව ආදාළ පාර්ශ්ව විසින් විමර්ශන කරගෙන යනවා. ඒ විමර්ශන වල යම් අඩුපාඩුවක් තියෙනවා කියලා මාධ්‍යවේදීන් විධියට ඔබලාට ප්‍රශ්න කරන්න පුළුවන්. අපි පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා . නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. ඒතැනදී කවර පාර්ශවයක අඩුපාඩුකම් සිද්ධ වුනත් රජය විමර්ශන වලට සහයෝගය දෙනවා අඩුපාඩු සිද්ධ වෙලි තියේනවා නම් එවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2021 පාර්ලිමේන්තුව ප්‍රකාශයක් කළා පොලිසිය සැකකරුවන් මරා දමලා දේශපාලකයන්ව ආරක්ෂා කරනවා කියලා. පරණ විධියට රගපානමින් ඉන්නවා කියලා . මේ ආණ්ඩුවට බලයට පත් වු පලමු ඝාතනය තමා කොටහේන දී සැකකරුවන් දෙදනෙක් ඝාතනය කිරිම. මේ ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා වුනාද? සාකච්ජා වුණු දේවල් මොනවාද? අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ කතාව තවමත් වලංගුද? සැකකරුවන් ඝාතනය විම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?

උත්තරය – ජනාධිපතිවරයා නොවෙයි අපි ආණ්ඩුව ගන්න කළේ පමනක් අදත් අපේ ස්ථාවරය එක. විමර්ශන වල යම් අඩුපාඩුවක් වෙනවානම් එක නිවැරැදි කර ගතයුතුයි. විමර්ශන ක්‍රියාවලිය පිළිබද මට අවසන් නිගමනය දෙන්න බැහැ. සියල්ල පවතින්නේ විමර්ශන වලට යටත්ව පොලිසිය පැත්තෙන් සිදු වෙලා තියෙන දේවල් ගැන විමර්ශන වාර්තා ආවාට පසුව බලමු. පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ජනාධිපතිගේ ආරක්ෂාව හෝ කොටහේන සිද්ධිය ගැන සාකච්ජා වුණේ නැහැ.

ප්‍රශ්නය -මි

ට පෙර වුණේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව ආයුධ පෙවන්න කියලා අරගෙන ගිහිල්ලා පොලිස් නිලධාරියෙකු අතේ තියෙන ආයුධයක් උදුරන්න ගියා කියලා මරා දැමුවා . මෙතැනදී කොටහේන ස්ථානාධිපතිගේ ආයුධය උදුරලා තියෙන්නේ එක් සැකකරුවෙක්. අනෙක් සැකකරුවාටත් පොලිසියෙන් වෙඩි තියනවා. විපක්ෂයේ ඉන්දැද්දී සැකකරුවන් නීතියට හමුවට පමුනුවා දඩුවම් කරන්න කියලා ඉල්ලපු ඔබලා දැන් අත්අඩංගුවට ගන්න සැකරුවන් මරන්න පටන් අරගෙන? අඩුම ඔබතුමාටත් සානුකම්පාවක් නැද්ද? ඔබතුමා සමහර නියෝජ්‍ය ඇමතිවරුන් අතින් වන අඩුපාඩුකම් වලට ඔබ කණගාටුව ප්‍රකාශ කරනවා .අඩුම තරමේ එහෙම දේයක්වත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නොකරන්නේ මන්ද?

උත්තරය – සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කෙරෙනවා. එක සිද්ධියක් ගැන විතරක් කතා කරන්න බැහැ . එක සිද්ධි ජාලයක්. විමර්ශන වාර්තාව ආවාට පස්සේ බලමු.

ඔබ දන්නවා මේ ඝාතන සංස්කෘතිය ආරම්භ වන්නේ ඔබේ පක්ෂයේ නිර්මතෘ රෝහණ විජේවීර මහතාව ආයුද පෙන්නන් කියලා අරගෙන ගිහිල්ලා තමයි මරා දමන්නේ. අද බලයේ ඉන්නේ එම පක්ෂය. ඔබලා යටතේ එහෙම වෙනවා. අඩුම තරමේ මේක ආඩුපාඩුවක් අපේ පිළිවෙත මේක නොමෙයි කියන්නේ කොටහේන දී සැකකරුවන් දෙදනෙකු පොලිසිය කළ ඝාතනය අනුමත කරනවා කියන එකනේද?

අමාත්‍යවරයා උත්තරයක් දෙන්න කලියෙන් මාධ්‍යවේදීයෙකු වෙනත් ප්‍රශ්නයක් ඇසීම නිසා ඇමතිවරයා එම ප්‍රහ්නය මග හැරියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *