ජවිපෙ ලාල්කාන්ත ධනපති බත් බැලයෙක්, කබරගොයා තලගොයා කරයි !

ශාන්ත විජේසුරිය විසිනි

 ගෝල්ෆේස් අරගලය පාර්ලිමේන්තුවට හරවන්න අපි ගියා . එක බිලොක් කළේ එම අරගලයේ හිටපු නායකයින් බවට ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල මණ්ඩල සභික කේ .ඩි .ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශයත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහුව දඩුකදේ ගසන්නැයි රජයෙන් ඉල්ලති .

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් ඇතුළු නීතිඥයින් පිරිසක් එම සිද්ධිය පිළිබද විමර්ශනයක් සිදු කර වහාම ලාල්කාන්තව අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිල්ලක් ද දමා ඇත.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුර විතානගේ ,පොදුජන පෙරමුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු කිප දෙනෙක් ලාල්කාන්තව වහා අත්අඩංගුවට ගන්නැයි පාර්මේන්තුවේදී අදහස් දක්වමින් ඉල්ලා සිටියහ.

ලාල්කාන්ත මිට පෙරත් අපි පාර්මේන්තුව අල්ලන්න ගියා වැඩේ වැළැක්කුවේ ගාලුමුවදොර නායනයකින් බවට යුටියුබ් සමග පැවති සාකච්ජා වල දී පවසා ඇත. නමුත් එදා එක ප්‍රශ්නයක් කර ගත්තේ නැති විපක්ෂය ලාල්කාන්ත එම ප්‍රකාශය නැවත ජනාධිපතිවරණය වේදිකාවේ කියද්දී  විපක්ෂය බෙරිහන් දෙන්නේ මැතිවරණ වාසි සදහා මිස ලාල්කාන්තලා ධනපති පාර්ලිමේන්තුව ඔහුව අත්අඩංගුවට ගන්නැයි බෙරිහන් දෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා එම පාර්ලිමේන්තව ලාල්කාන්ත ආරක්ෂා කරන බව දැනගෙනමය. සමගි ජන බලවේගය ජයග්‍රහණය කළත් ලාල්කාන්තව අත්අඩංගුවට ගන්නේ නැත. කම්කරු-පීඩිත මහජනයාගේ ජන්දය මංකොල්ල කෑම සදහා විපක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් සහ ජවිපෙත් ගෙන යන්නේ ජන්ද බලුපොරයකි.

ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශය මෙසේය.

“ගාලුමුවදොර අරගලය ගෝඨාභය යැව්වාට පස්සේ වහාම ඒ ජනතා නැගිටිම කෙලින්ම අපි පාර්ලිමේන්තුවට   හරවන්න ගියා. නමුත් ගෝල්ෆේස් අරගලයේ විසිරිච්ච පැතිරිච්ච පොදු ජන අරගලයේ තැන්තැන් වල සිටි නායකයන් ඒක බිලොක් කළ බව” ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත පවසයි.

“ගෝල්ෆෙස් අරගලයේ විසිරිච්ච පැතිරිච්ච නායකයින් අපි අරගල කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න නොවෙයි, ගෝඨාභය පන්නන් විතරයි කියලා කිව්වා. ගෝඨාභය පැන්නුවා අරගලය ඉවරයි .පාර්ලිමේන්තුව ඉතුරු වුණා ඉතුරු වුණ පාර්ලිමේන්තුවෙන් බිද වැටුණු කුළුණ ගොඩනැගු බව” ලාල්කාන්ත වැටිදුරටත් පැවසීය .

ඔහු එම අදහස් දක්වුයේ කොළඹ පැවති දේශීය ආදායම් වෘත්තිකයින්ගේ 16 වන සංවත්සරයට සහභාගි වෙමින්ය .

ලාල්කාන්තට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා මේ මෙහොතේ බරපතළ විරෝධයක් එල්ල වන්නේ ජාතික ජන බලවේගයෙනි . මක්නිසාද යත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කඩාකප්පල් කරන්නෙකු ලෙස ලාල්කාන්තව හංවඩු ගැසි ඇත. ජාතික ජන බලවේගය වඩා රැලි වී සිටින්නේ මේ  රටේ බංකොලොත් මධ්‍යම පාන්තිකයන්ගෙන් මෙන්ම ධනපති හමුදා  සහ පොලිසියේ සේවය කළ සහ සිටින ප්‍රතිගාමී කොටස් වලින්ය . හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වටා රැලි වී  සිටියේ ද එම  ප්‍රතිගාමී සහ බංකොලොත් මධ්‍යම පන්තිකයන්මය.  ධනපති ක්‍රමය කඩා වැටෙද්දී වඩාත්ම කලබලයට සහ අර්බුදයට යන්නේ  මධ්‍යම පන්තිකයන් මෙන්ම සුළු ධනේෂ්වර පන්තියයි .

ගෝල්ෆෙස් අරගලය අපි පාර්ලිමේන්තුව දෙසට හරවන්න හැදුවා අරගලයේ නායකයෝ යැයි කියා ගත්ත අය එක වැළැක්කුවා යැයි අරගලය හකුළා ගත් අවධියේ කියන කොට කාටත් එක දැනුනේ නැත . නමුත් බංගලාදේශ අරගලකරුවෝ පාර්ලිමේන්තුව ගිනි බත් කරලා, ආරක්ෂක ඇමති ඇතුළු මැතිඇමතිවරු මරන්න පටන් ගත්තාට පස්සේ ජවිපෙ ලාල්කාන්තලත් කම්කරු -පීඩිත මහජනයා උසිගන්වලා බංගලාදේශයක් කරන්න හදපු දේම ලංකාවේ කරන්න කුමන්ත්‍රණය කළා යැයි විපක්ෂයේ මන්ත්‍රිවරු  ,ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු සහ එම පක්ෂ වල නීති අංශ බොරු කලබලයක් ඇති කර මජනයා නොමග යැවීමේ උත්සහයක නිරත වී සිටිති.

විපක්ෂයට සහ අණ්ඩු පක්ෂයට එළඹෙන ජනාධිපතිවරණයේ දී අභියෝගයක් වි ඇති ජාජබය වටා එක්රොක් වන මහජනයා බියවැද්දීම සදහා ලාල්කාන්ත ජන අරගලය ධනපති පාර්ලිමේන්තුවට හරවා එම පාර්ලිමේන්තුව ගිනි තබා ධනපති රාජය බිද දැමීමට කුමන්ත්‍රණය කළා යැයි ලාල්කාන්තට චෝදනා කරමින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ජාජබයේ ජන්ද මංකොල්ලයක නිරත වන අතර ලාල්කාන්තලා පාර්ලිමේන්තුව අල්ලන්නට යද්දී , ගාලුමුවදොර අරගලයේ නායකයෝ එය පාවාදුන්නා යැයි කියමින්, රැඩිකල් ,ප්‍රගතිශීලි සහ තරුණ ජන්ද ජාජබය වෙත ආකර්ශනය කර ගැනීමට ඔහු කේබරයක් ඇද බායි.

 ජුලි 13 වනදා පාර්ලිමේන්තුව අල්ලන්න බත්තරමුල්ල පොල්දුව මංසන්දියට එන්නැයි සමාජ මාධ්‍ය හරහා දැනුම් දුන්නේ කවුදැයි අදටත් දන්නේ නැත. නමුත් එම පණිවිඩයත් සමග කම්කරු -පීඩිත මහජනයා  සතර දෙසින් පාර්ලිමේන්තුව දෙසට ගලා ගෙන ආවෝය . පාර්ලිමේන්තුව දෙසට මහජන ගග ගලන දුටු ලාල්කාන්ත සහ හදුන්හෙත්ති පොල්දුව මංසන්දියට කඩාපැන එහි නායකත්වය ගන්නට උත්සහ කළහ . පසුව මහජනය ඇදෙද්දී ඔවුන් මහජනයා තනිකර පලා ගොස්  ගියහ.

ලාල්කාන්තලා සහ හදුන්හෙත්තිලා පොල්දුවට පැමිණියේ පාර්ලිමේන්තුව අල්ලා ගැනිම සදහා නායකත්ව දීම සදහා නොව මහජනයා පාර්ලිමේන්තුව අල්ලා ගැනීම වැළැක්වීමටය .ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේ රැදෙමින් මහජනයාට එරෙහිව අණ පනත් සම්මත කර ගන්නේ ලාල්කාන්තලා පාර්ලිමේන්තුව මහජනයාගෙන් බේරගත් නිසාය . ධනපති පාර්ලිමේන්තුව බේරා රැකගත් ජවිපෙට පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරු තුති පුද කළ යුතුය.

ලාල්කාන්තලා පාර්ලිමේන්තුව අල්ලා ගැනිමේ ක්‍රියාන්විතය කඩාකප්පල් නොකලා නම් මහජනයා පාර්ලිමේන්තුව අල්ලා ගන්නට ඉඩ තිබුණි . නමුත් පාර්ලිමේන්තුව අල්ලා ගන්නට ගියා යැයි ‌වෛද්‍ය පැතුම් කර්නල් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදි. මෙහිදි හමුදාවෙන් පහර දීම නිසා විශාල පිරිසකට තුවාල සිදු විණ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දිමෙන් අනතුරුව පලමුව පාර්ලමේන්තුව රැක ගැනිමේ ක්‍රියාන්විතයට සම්බන්ධ වු හමුදා ප්‍රධානින් සහ සෙබළුන් එම පරිශ්‍රය තුළ මුණ ගැසි ව්‍යවස්ථාදායකය අරගලකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනිම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිය පුද කළේය.

ජුලි 13 වෙනිදා සවස පාර්ලිමේන්තුව ඇල්ලීම සදහා පොල්දුව මංසන්දියට පැමිණි මහජනයාට පහර දී පලවා යැරීමට හමුදාව සමත් විය. රනිලි එදින රාත්‍රියේ කම්කරු -පීඩිත මහජනයාගේ සහ හමුදා ප්‍රධානීන්ගේ විරෝධය මැද කොල්ලුපිටිය වාලුකාරාමයේදී දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තුව අල්ලන්න ගිය මහජනයාගේ පරාජය රනිල් ගැම්මක් කර ගත්තේය. පොලිස සහ හමුදාව පසු බස්සමින් ඉදිරියෙන් සිටි අරගලකරුවන්ගේ පසු බැස්සමට පාර්ලිමේන්තු සිද්ධිය තදින් බලප‍ෑවේය .ජුලි 22 පාන්දර ගාලුමුවදොර අරගල භුමීය සියලුම පැති වලින් වටලා පහර දෙන්නේ එවැනි පසුබිමකය.

පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සදහා පොල්දුව මංසන්දියට එන්නැයි ලාල්කාන්තලා වට්ඇප් සහ මුහුණු පොත හරහා දැනුම් දෙද්දී, අරගලයේ ක්‍රියාකාරීකයෙකු  වු රැට්ටා සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ඊට සහභාගි නොවන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටියහ . ගාලුමුවදොර එකාබද්ධ කම්ටුව ඒවැනි තීන්දුවක් ගෙන නැතැයි ඔවුන් මහජනයා දැනුවත් කළහ . ගාලුමුවදොර එකාබද්ධ කමිටුව ඒවැනි තීන්දුවක් ගෙන නොතිබුනු බව සත්‍යයකි . එම එකාබද්ධ කම්ටුව නියෝජනය කළ ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක් එරංග ගුණසේකර ඊට සාක්කියකි .  පසුව එම සිද්ධිය මාධ්‍ය හමුවක් තබා පැහැදිලි කරන්නට යද්දී ලියුම්කරු ඊට විරෝධය ප‍ෑම නිසා එය නතර කෙරිණ . ගාලුමුවදොර එකාබද්ධ කමිටුව අරගලය මෙහෙවන බව සත්‍යයක් වුවත් සමහර තැන් වල රජයේ ආයතන මහජනයා සංවිධානය වී අල්ලන්නේ නම් අපි ඊට සහය දිය යුතු වගේම එකාබද්ධ කම්ටුව එවා පාලනය කිරීම සදහා මැදිහත් විය යුතු යන්න ලියුම්කරුගේ අදහස විය .රුපවාහිනීයට දානිස් අලි ඇතුළු පිරිස යෑම ද  අගමැති කාර්යාලය අල්ලා ගැනීම ඒවැනි සිද්ධින් දෙකකි . විශේෂයෙන් දානිස්ලා ඇතුළු පිරිස රුපවාහිනීයට ගියේ ගාලුමුවදොර එකාබද්ධ කමිටුවේ සැලසුමක් අනුව හෝ දැනුවත් භාවයකින් තොරවය.  දානිස් ඇතුළු පිරිස රැපවාහිනියට යන්නට පෙර ලියුම්කරු සමග ජනාධිපති මන්දිරයේ දී කතා බස් කළ අතර අල්ලා ගත් ආයතන රැක ගන්නට සැලසුමක් නැතිව රුපවාහිනිය සංස්ථාව ඇල්ලීමෙන් ඵලක් නැති බව ලියුම්කරු ඔවුන්ට පෙන්වා දුන්නේය . ගලුමුවදොර එකාබද්ධ කම්ටුව පරයායම්න් පුද්ගල චරිත ඉස්මතු විය. එකාබද්ධ කමිටුව නියෝජනය කළ අති බහුතරයක් දෙනා රාජපක්ෂලාට සහ රනිල්ට ඒරෙහි වුවද ධනපති ක්‍රමය දිවි හිමියෙන් අරාක්ෂා කරන්නෝ වුහ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් වන තුරු ජනාධිපති මන්දිරය ඉදිරිපිට වාඩි ලා ගැනිම සදහා ගාලුමුවදොර එකාබද්ධ කමිටුව ත‍ීන්දුවක් ගත් නමුත් එය කෙසේ හෝ අල්ලා ගතයුතු යැයි අදහසක් එම කම්ටුවට තිබුණේ නැත. විශේෂයෙන් ලියුම්කරු ඇතුළු වාම ක්‍රියාධරීන් මහජනයා විශාල වශයෙන් පැමිණිය හොත් එය අල්ලා ගත යුතු බවට කළ යෝජනාවට ද විරුද්ධත්වයක් දැක් වුයේ ද නැත.

ඇත්තටම එම මන්දිර අල්ලා ගත්තේ ගලුමුවදොර අරගලයේ සිටි රැඩිකල් අරගලකරුවන්ගේ ද සහය ඇතිව කම්කරු -පීඩිත මහජනයා විසිනි. නීතිඥ ව‍ෘත්තිකයන් ද මෙහි දී දායක විය.

ලාල්කාන්තලා පාර්ලිමේන්තුව අල්ලන්නට මහජනයාව කැදවද්දී ,ගාලුමුවදොර එකාබද්ධ කමිටුව ඊට සහය පල කළා නම් ඔහු අද සිදු කරන රැඩිකල් කතා පිටුපස සැගව තිබෙන ව්‍යාජ බව මෙන්ම අවස්ථාවාදය පිටුපස තිබු සැබෑ පංති උවමනාවන් මහජනයා ඉදිරියේ හෙළිදරව් වන්නට ඉඩ තිබුණි. ජවිපෙ ලාල්කාන්ත අරගලයේ ආරම්භයේ සිට පැවසුවේ හිසක් නැති න්‍යාය පත්‍රයක් සහ නායකත්වයක් නැති අරගලයකට මැදිහත් වන්නේ නැතැයි කියාය .එසේ කියමින් පාර්ලිමේන්තුව අල්ලා ගැනිමට පෙරමුණ ගෙන එය අවුල් කර දැමුවේ අරගලකරුවන් ඊ ලගට පාර්ලිමේන්තුව අල්ලා ගනිතැයි බියෙනි. ධනපති පාර්ලිමේන්තුවේ මුර බල්ලා බවට මෙන්ම සුළු ධනේශ්වර පක්ෂයක සිට ධනපති පක්ෂයක් දක්වා ජවිපෙ වර්ධනය වී තිබේ . පැරැණි ධනපති පක්ෂ දෙක ගරාවාටෙද්දී, ධනපති ක්‍රමය රැක ගැනීම සදහා අධිරාජ්‍යවාදින්ගේ සහ ඉන්දියාවේ ද අනුග්‍රහය සහ ආශිර්වාදය ජවිපෙට ලැබි ඇත. එහෙම පක්ෂයක් අපි පාර්ලමේන්තුව අල්ලන්න ගිය අරගලයේ විසිරිච්ච පැතිරිච්ච නායකයෝ ඊට ඉඩ දුන්නේ නැහැ කියන කතාව පට්ටපල් කේබරයක් මෙන්ම කම්කරු -පිඩිත ජනයාගේ ඔවුන්ගේ වසගයට ගැනිම සදහා දැනුවත්ව ගෙන යන ව්‍යාපාරයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *