ජවිපෙ ව්‍යාජ විප්ලවවාදී සළුපිලි උනා දමා තමන් කවුදැයි පෙන්වයි

“…අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බලය පිහිටුවීම. ඒක තමයි තියෙන යථාර්ථය. මේ මොහොතේ තියෙන යථාර්ථය. ඉදිරියේ දී ඇති වෙන වෙනස්වීම් එක්ක ඒක වෙනස් වෙයි ද දන්නේ නැහැ. නමුත් අපි තෝරාගෙන තියෙන පාරඔික….අපි උපාය උපක්‍රම,සැලසුම් ඔක්කොම හදන්නේ …මේකට තියෙන සම්ප්‍රදායික බලය නිෂේධනය කරලා අලුත් බලයක් ප්‍රතිෂ්ඨාපනය කරන්නේ කොහොම ද? ඒක සංකීර්ණ කතාවක්. ලෝකයේ ගොඩක් තැන්වල ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙන්නේ සන්නද්ධ ව්‍යාපාරය හරහා. අපි එතැන නැහැ…. ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේ ජනතාවගේ ජනවරමක් හරහාය. ජනතාව ජනවරමකින් දෙනවා ඒ හමුදාවට නියෝග දීමේ බලය…ඒ පොලීසියට නියෝග දීමේ බලය. ඔික තමයි අපි හිතන්නේ දැනට බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ආකාරය කියලා.”මේ උපුටනය ඔිස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති ජාජබ රැස්වීමක දී සහභාගිකයෙකු ජවිපෙ පෙසප සමග සමගියකට නොයෑම සම්බන්ධයෙන් ඇසූ පැනයකට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක දුන් පිළිතුරෙහි කොටසකි. මෙය පිළිතුරේ අවධානය දිය යුතුම කොටස බව අපේ අදහස ය. මන්ද එය දේශපාලන බලය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයේ දී ජවිපෙ ඉන්නා තැන නිශ්චිතව හා ඉතා නිරවුල්ව ඉදිරිපත් කර තිබෙන නිසා ය. අනුර කුමාරට අවශ්‍ය වුයේ එම කාරණය කියා සිටීම නොව ජවිපෙ පෙසප සමග පොදු එකඟතාවකට නොඑන්නේ මන් ද යන්න සභාවට පැහැදිලි කිරීම බව පැහැදිලි ය. ඒ අනුව ඔහු පෙසප නම නොකීවාට මෙහි දී නිශ්චිතවම කියා සිටියේ ඔවුන් සන්නද්ධ අරගලය පිළිගන්නවා නමුත් අපි දැන් එහෙම නැහැ. මේ නිසාඅප දෙගොල්ලන්ට එකට දේශපාලනය කරන්න බැහැ කියන එකයි. මේක එක ගලකින් කුරුල්ලන් දෙන්නෙකු මරා ගැනීමක් වගේ වැඩක්. එකක් පෙසප සමග සමගියකට නොයන්නේ මන්ද කියන පැහැදිලි කරන්නට යාමක්. අනෙක රනිල් වික්‍රමසිංහලා සිය මර්දනය සාධාරණීය කරන්න දඩමීමෙක් සොයමින් ඉන්න අවස්ථාවක හෙමින් සීරුවේ ඔන්න අපි නොවෙයි අන්න අරගොල්ලො තමයි කියලා දේශපාලන බිමේ තමන්ට තියෙන යම් අභියෝගයක් වන පෙසප පාවා දීමට කටයුතු කිරීමක්. ජවිපෙ නායක මෙන්ම ජාජබ නායන අනුර කුමාර දිසානායකගේ මේ පාවා දීම හෙළා දැකිය යුතු යි. ජවිපෙ හෝ ජාජබ සෙසුනායකයයින්ට”අනුරසහෝදරයා ඔබ කළ ඔය වැඩේ වැරදියි” කියා කියන්නට තරම් ශක්තියක් තිබේදැයි අපි නොදනිමු. අප දන්න ආකාරයට නම් පෙසප පාර්ලිමේන්තුවාදය ප්‍රතික්ෂේප කළාට සන්නද්ධ අරගලයඋත්කර්ෂයට නංවන්නේ නැහැ. ඔවුන් උත්කර්ෂයට නංවන්නේ ජන අරගලය යි. වැඩබිමේ, ගොවිබිමේ, වීදියේ ආදී වශයෙන් වන ජනතාවගේ අරගලය යි. පාර්ලිමේන්තු අරගලයට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත අරගලය යි. නිදසුන් ලෙස 2022 මාර්තු – ජූලි ජන අරගලය වැනි අරගල මාධ්‍යය යි. ඔවුන් අරගලයේනිශ්චිත අවධියක දී සන්නද්ධ මැදිහත් වීම පිළිගන්න පුළුවන්. නමුත් ඔවුන් මේ නිශ්චිත අවකාශය තුළ ප්‍රවර්ධනය කරන්නේ හුදු පාර්ලිමේන්තුවාදී අරගලයට ඉහළින් ජන අරගලය යි. ඒක වැරදි නැහැ. ඒක
ඔසවා තැබිය යුතු ප්‍රධාන අරගල මාධ්‍යය යි. අපට අනුව පෙසප එය ප්‍රවර්ධනය කරන්න යන ආකාරය තුළ ඇතැම් කට්ටිවාදී ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒත් ජවිපෙපාර්ලිමේන්තුවෙන් පිටත ජන අරගලය හුදෙක් සන්නද්ධ අරලයට ඌනනය කිරීම පටු, ග්‍රාම්‍ය, අවරසිකවැරද්දක්.
අනුර කුමාර දිසානායකට (හා අනෙකුත් ජවිපෙ නායකයින්ට ) අමතක උනාට 2019 ජූලි මස 04 දින සම්මත
කරන ලද ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පදනම් ලියවිල්ල වන “වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී හා
පීඩිත බලවේගවල මූලිකත්වයෙන් ගොඩ නගන ජාතික ජන බලවේගය සඳහා වන අවබෝධතා
එකඟත්වය” නම් ලියවිල්ලෙහි 14 වන ඡේදය මගින් පාර්ලිමේන්තු අරගලයට ඉහළින් ජන
අරගලය ඔසවා තැබුවේ මෙහෙමයි. “අද දවසේ ගොඩ නැගිය යුතුව තිබෙන මෙම පොදු මහජන
ව්‍යාපාරය හා මහජන ආණ්ඩුවක් සඳහා වන ව්‍යාපාරය හුදෙක් මැතිවරණ සීමා මායිම් තුළ ගොඩ
නැගෙන හෝ ගොඩ නැගිය යුතු ව්‍යාපාරයක් නොවේ. බහුජන අරගලය සමග අතිනත ගෙන දිරියට යා
යුතු එය පැන නගින විෂයබද්ධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මැතිවරණ අරගල මාධ්‍යය ද නිසි
අවධාරණයෙන් යුතුව උපයෝගීකර ගැනීමට ද මැදිහත් විය යුතු ය.”

ජවිපෙ මෙම ලියවිල්ල කුණු කූඩයට දමා ඇති බවත් වත්මන් ජාජබයේ අතිබහුතරයක්, නායකත්වයේ පවා මෙවන් ලියවිල්ලක් ගැන අසාවත් නැති බවත් අපට සහතික ය. අප මෙහි දී අපේක්ෂා කරන්නේ මෙම කාරණයට වැඩි යමක් පිළිබඳ අවධානය යොමු කිරීමට ය. එනම් 1. අනුර කුමාරගේ පිළිතුර මගින් එක එල්ලේම ජවිපෙ මාක්ස්වාදය, විප්ලවීය සමාජවාදයඅත්හැර තිබෙන්නේ කෙසේ ද යනු පෙන්වා දීමහා 2. මහජන ව්‍යාපාරය පිළිබඳ අනුර කුමාර දිසානායක හා එනයින් ජවිපෙමහජන ව්‍යාපාරය යන්න වටහා ගෙන ඇත්තේ මොන තරම් සාවද්‍ය ලෙස ද යන්න පෙන්වා දීම ය. එසේ වුව ද අප මෙම කෙටි සටහනේ සාකච්ඡා කරන්නේජවිපෙ රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම් අත්හැරීම ගැන ය. අනෙක ඊළඟ
සටහනක දී සාකච්ඡා කරමු.අනුර කුමාරගෙන් ප්‍රකාශිත ජවිපෙ මෙම නිශ්චිත “අත්හැරීම” සුළු ධනපති සමාජවාදී මිතුරන් බොහෝ දෙනෙකුගේ අමන්දානන්දයට හේතුවනු ඇති බවපැහැදිලි ය. මාක්ස්වාදය හා විප්ලවීය සමාජවාදය එහි සාරාර්ථයෙන් පිළිගන්නවුන් වශයෙන් අපිදු ඒ සම්බන්ධයෙන් සතුටු වෙමු. මන්ද ජවිපෙ නායකයා එනයින් ජවිපෙ නායකත්වය විසින් තමන් මාක්ස්වාදය සමග නැති බවහැංගි හොරා නැතිව එක එල්ලේම ප්‍රකාශයට පත් කරමින් ජවිපෙ සම්බන්ධයෙන්
බොහෝ දෙනෙකු තුළ පැවති අවුල අවසන් කර තිබෙන නිසා ය.
ජවිපෙ සැබවින්ම මාක්ස්වාදය, විප්ලවීය සමාජවාදය ප්‍රායෝගික දේශපාලනයේ දීඅත්හැර දමා තිබුණේ ‌බොහෝ කාලයක සිටම ය. එහෙත් එය අභ්‍යන්තරදේශපාලන අධ්‍යාපන කඳවුරුවලදී රාජ්‍යය, විප්ලවය ආදිය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම් පදගත අර්ථවලින් සිය සාමාජිකයන්ට ඉගැන්වීය. ඒ අනුව ජවිපෙඑළියේ මොන දේශපාලනය කළත් සමාජිකයා තම පක්ෂය මාක්ස්වාදී පක්ෂයක්පමණක් නොව රටේ එකම මාක්ස්වාදී පක්ෂ යයි පිළිගත්තේ ය. එම පදගත ඉගැන්වීම්වලට අනුව ජවිපෙසාමාජිකයා වටහා ගත්තේ පක්ෂය එළියේ කරන වැඩ එය අනුගමනය කරන උපක්‍රම ලෙසිනුයි.

මෙහි දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විවෘතවම හා එක එල්ලේම කරඇත්තේ රාජ්‍යය පිළිබඳ ජවිපෙ නායකත්වය ඉන්නා මාක්ස්වාද විරෝධී ආස්ථානය ප්‍රකාශයට පත් කිරීම ය. රාජ්‍යයේ පංතිමය ස්වභාවය හා හරය ප්‍රතික්ෂේප කරන මාක්ස්වාදයෙන් පලාගියවුන් තොරතෝංචියක් නැතිව දේශනා කළ හා කරන හුදෙක් පාර්ලිමේන්තු වරමක් හරහා ධනේශ්වර රාජ්‍යයට අණ දීමේ අවස්ථාව ලබා ගැනීම මගින් ජනතාවට විමුක්තිය ලබාදෙන්නට ශපත කළ සංශෝධනවාදී
මායාව යළිත් ප්‍රකාශයට පත් කිරීම ය. ජවිපෙ සිය ප්‍රධාන ප්‍රකාශකයා වන නායක අනුර කුමාර දිසානායකගේ වදන්
හරහා මේ කියන්නේ කුමක් ද? “….ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේජනතාවගේ ජනවරමක් හරහා. ජනතාව ජනවරමකින් දෙනවා ඒ හමුදාවට නියෝග දීමේ බලය…ඒ පොලීසියට නියෝග දීමේ බලය. ඔික තමයි අපි හිතන්නේ
දැනට බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ආකාරය කියලා. රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම කුමක් ද? රාජ්‍යය කියන්නේ පංතිමය උපකරණයක්. ඔිනෑමරාජ්‍යයක් බලයේ සිටින පංතිය බලය නැති පංතීන් සිය බලය යටතේ පවත්වා ගනිමින් ස්වකීය පලප්‍රයෝජන රැක ගැනීම සඳහා යොදා ගන්නා බලහත්කාරයේ හා මර්දනයේ උපකරණයක්. පීඩක
පංතීන්ගේ රාජ්‍යයක් කිසිදාක පීඩිත පංතිවල ඵල ප්‍රයෝජන වෙනුවෙන් යොදා ගන්න බැහැ. රාජ්‍යය නැමැති යන්ත්‍රයේ ප්‍රධානීන් සියල්ලෝම පාහේ පාලක පංතිය සමග ඓන්ද්‍රිය බැඳීම් සහිතව සිටින්නන්. ලංකාවේ නම් ඔවුන් පාලක පංතියේම කොටසක් වන දූෂිත නිලධර ධනපති පංතියේම නියෝජිතයින්. ජවිපෙ සිය නායකයා ලවා කියනවා රාජ්‍යයේ ප්‍රධානතම උපකරණවලින් දෙකක් වන හමුදාවට හාපොලීසියට (වචනයෙන් නොකීවාට පරිපාලන යන්ත්‍රයටත් එක්ක) නියෝග දෙන්න මැතිවරණ හරහා තමන්ට ජන වරමක් දෙන්න කියලා. මැතිවරණයකින් ඇතැම් විට ආණ්ඩු බලය ගන්න පුළුවන් වේවි. ඒත්
රාජ්‍ය බලය ගන්න පුළුවන් ද? ඒක කරන්න බැහැ. රාජ්‍යය යි ආණ්ඩුවයි කියන්නේ එකක් නොවයි දෙකක් කියලා ජවිපෙ ප්හාදින් දන්නවා. මේ ක්‍රමය යටතේ තාවකාලිකව ආණ්ඩු බලය අත්පත්කර ගත්තත් රාජ්‍යය නමැති උපකරණයේ බලය සෙලවෙන්නේ නැහැ. දහසකුත් එකක් ඓන්ද්‍රිය බැමිවලින් එය ධනපති පංතිය සමග පමණක් නොවෙයි ඒ පංතියේ විදේශ ස්වාමීන් සමගත් බැඳිලා ඉන්නවා. ප්‍රගතිශීලී නිලධාරීන් ස්වල්ප දෙනෙක් හමුදාව තුළ, පොලීසිය හා පරිපාලන යන්ත්‍රය තුළ ඉන්න පුළුවන්. එසේ සිටියාට ලොකු වෙනසක් වන්නේ නැහැ. මෙය වාම දේශපලනයක යෙදෙන්නක් දැන සිටිය යුතු ප්‍රාථමික සත්‍යයක්. ජවිපෙට මේ ප්‍රාථමික සත්‍යය අමතක වීම දෛවෝපගත සරදමක්. ධනපති ආණ්ඩුවක් හා
ධනපති රාජ්‍යය අතර නම් සුළු සුළු ගැටුම් තිබිය හැකි වුවත් ලොකු ගැටුම් ඇති වෙන්නේ නැහැ. මක් නිසා
ද ධනපති ආණ්ඩුවත් ධනපති රාජ්‍යයත් යන දෙකම පාලක ධනපති පංතියේ උපකරණ දෙකක්, අවයව දෙකක් වන නිසා යි. නමුත් පීඩිත පංතිවලට අයත් ආණ්ඩුවකටත් පීඩක පංතිවලට අයත් රාජ්‍යයකටත් සාමකාමී සහජීවනයෙන් කටයුතු කරන්න බැහැ. සහජීවනයෙන් කටයුතු කරන්න නම් ආණ්ඩුව ධනපති පංති රාජ්‍යයට අවනත විය යුතුමයි. එසේ වීම වැළකිය නොහැකියි. නැතිනම් ගහලා පන්නලා දානවා.ඒක තමයි යථාර්ථය.
දැන් ජවිපෙ කියන්නේ අපට බලය දීලා බලන්න. පෙරළන හැටි, කරන හැටි අපි පෙන්නම් කියලා. මේවා හුදු කයිවාරු මිස යථාර්ථය නොවෙයි. හමුදා කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පෙරළා දමන්න පුළුවන්. මේ සඳහා ඔිනෑ තරම් නිදසුන් තිබෙනවා. ජවිපෙ සිය අභ්‍යන්තර දේශපාලන පංතිවල දී මේ පිළිබඳව මොන තරම් නම් නිදසුන් දෙමින් කරුණු පැහැදිලිකර දී ඇත් ද? පීඩිත පංති ආණ්ඩුවලට පමණක් නොවෙයි යම් යම් සාපේක්ෂ සීමා සහිත ජනහිතකාමී පියවර ගන්නා ධනපති ආණ්ඩුවලටවත් පවතින්නට ඉඩ නොදෙන යථාර්ථයකුයි ලොව පුරා දක්නට තියෙන්නේ. පැරණි රාජ්‍යය වෙනුවට නව රාජ්‍යයක් ගොඩ නගන්නේ නැතිව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණක් කළ හැක්කේ උපරිම උනොත් ප්‍රතිසංස්කරණ ටිකක් කිරීම පමණයි. ජනතාව ඉල්ලා සිටින විසඳුම් ලබා දීමට නම් කළ යුතුව තිබෙන ප්‍රතිසංස්කරණ විප්ලවීය ආකාරයෙන් සිදු කළ යුතුම යි. ජවිපෙ කියන වංචා දූෂණ නැති කිරීම යන්න පමණක් ගත්තත් විප්ලවීය ආකාරයේ පියවර නොගෙන ඒවා නතර කරන්න බැහැ. හිස සිට දෙපතුළ දක්වා දූෂණයෙන් පිරී තිබෙන රාජ්‍ය යන්ත්‍රයක් මගින් ඒවා විප්ලවීය ලෙස වෙනස්
කරන්නට හැකි යයි සිතීම ම උග්‍ර මනෝරාජිකත්වයකට ගොදුරු වීමක්. ජවිපෙට තවදුරටත් මෙතෙක් කර ගෙන ආවා සේ එහි අභ්‍යන්තර කතාවලින් හෝ මාක්ස්වාදී පක්ෂයක් ලෙසින් පෙනී සිටිය හැකි ද යන ප්‍රශ්නය පැන නගී. දැන් එයට තමන් වටා පෙළ ගැසෙමින් සිටින සුළු ධනපති හා මැද ධනපති පමණක් නොව මහ ධනපති ව්‍යාපාරිකයන් පවා සනසන පරිද්දෙන් ස්වකීය ප්‍රතිපත්ති සකස් කර ගන්නට බල කෙරී තිබේ. ඡන්දය දිනන්නට නම් එතෙක් නමට හෝ පවත්වාගෙන ආ
ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුව තිබේ. පර්ත් නුවර දී අනුර කුමාර‌ගෙන් විවෘත ලෙසම ප්‍රකාශයට පත් වූයේ එම වෙනස් කිරීම යි. මාක්ස්වාදය ගැන කියවලා, අධ්‍යාපන කඳවුරුවල දී රාජ්‍යය පිළිබඳ ජවිපෙ නායකයින්ම කියා දුන්න අදහස්වලට සවන් දීලා ඒ වගේම මාක්ස්වාදී පොත පත කියවලා මාක්ස්වාදය ගැන යම් අවබෝධයක්, විශ්වාසයක් හා බැඳීමක් තිබෙන සහෝදර සහෝදරියන් ජවිපෙ තුළ සිටින්නට පුළුවන්. එවන් සහෝදර සහෝදරියන්ට අප කියා සිටින්නේ තම නායකයින් තමන්ව මේ ගෙන යන්නේ කොහාට දැයි යන්න විමසන්නට ශක්තියක් ඔබට තිබිය යුතු බවයි. නැති නම් ඔබ රැවටිල්ලේ පමණක් නොව ස්වයං රැවටිල්ලේ ද ගෙදුරු බවට පත් වනු නියත බවයි.
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
2023 ජූලි 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *