ජාජබයේ පාර්: මන්ත්රීවරුන්ට බාධා කළා යැයි පුද්ගලයන් දෙදනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි
කුරුණෑගල බිංගිරිය “බෙන්ජි”ඇගලුම් කර්මාන්ත ශාලා පරිශ්රයේදී පෙරේරා (30) ද්ර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදනෙකුට මාර්ගය හරස් කර, තර්ජනය කළා යැයි පොලිසිය පුද්ගලයන් දෙදනෙකු සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිසිය එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදනා හෙට්ටිපොල මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කර තිබිණ.
පොලිසිය එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ,ජාජබයේ පාර්ලමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක කුලියාපිටිය අපරාධ විමර්ශන කොට්ඨාශයට කළ පැමිනිල්ලකට අනුවය.
බිංගිරිය බෙන්ජි ඇගලුම් කර්මාන්ත ශාලාවට පෙරේරාද (30) ගොස් ඇත්තේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජිත් ගිහාන් සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක පෙරේදා (30) දා බිංගිරිය බෙන්ජි ඇගලුම් කර්මාන්ත ශාලාවට ගොස් තිබුණි.
මන්ත්රීවරු එහි පැමින ඇත්තේ බේන්ජී ඇගලුම් කර්මාන්ත ශාලාවේ ප්රවාහන පහසුකම් සැපයීමේ අවස්ථාව ඔවුන්ට දෙන්නැයි එහි පාලනාධිකාරීයට බලපෑම් කිරීමට බව සේවකයෝ පවසති.