ජාජබය ජයග්රනය කරන්න ලක්ෂ70 ක් ගත යුතුයි , දෙවන මනාපයේ වාසිය සජිත් ප්‍රේමදාසට
මෙවර ජනාධිපතිවරණයෙදී එක් අපෙක්ෂකයෙකුටත් 50% ඉක්ම වු ජන්ද ප්‍රතිශතයක් ගත නොහැකි නිසාත් ජයග්රාහි ජනාධිපති අපෙක්ෂකයා තේරීම සදහා දෙවන මනාපය ගණන් කිරීමට සිදු වන බවත් දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාසගේ මනාප ගොඩ වැඩි කිරීම සදහා නාමල් රාජපක්ෂට අවසාන මොහොතේ ඉල්ලා අස්වන්නැයි ධනපති කදවුරෙන් විශාල බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තාවේ .
වාර්තා වන ආකාරයට නාමල් රාජපක්ෂ සැප්තැම්බර 21 වෙනිදාට පෙර අපෙත්ෂකත්වයෙන් ඉල්ලා අස් වුවහොත් ඔහුට ලබා දීමට නියමිත පොහොට්ටු ජන්ද වලින් විශාල ජන්ද සංඛ්‍යාවක් ජනාධිපතිධුර අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට ලැබිමට සලස්වන බවත් වික්‍රමසිංහට මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහනය කළ නොහැකි වුවත් ඔහුට තුන්වන ස්ථානය හිමිවනු ඇත.
දෙවන මනාපය ගණන් කරන්නේ තුන්වන ස්ථානය හිමි කර ගත් අපෙක්ෂකයාගේ ජන්ද පත්‍රිකාවේ ඒ ඒ අපෙක්ෂකයාට ලබා දි ඇති මනාප අනුපිළිවෙල අනුව බවත් වික්‍රමසිංහ තුන්වන ස්ථානයට පැමිනියහොත් එහි සම්පුර්ණ වාසිය සැලසෙන්නේ ප්‍රේමදාසටය . ජාජබයේ ජනාධිපතිධුර අපෙක්ෂක අනුර කුමාර දිසානයක ජයග්‍රහනය කරන්න නම් ප්‍රකාශිත ජන්ද වලින් 50% ක් ගත යුතුය . ජන්ද වලින් ලක්ෂ හැතෑවක් වැඩිය ගත යුතුය. දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුහොත් ජාජබයේ අපෙක්ෂකයාට අවාසි වනු අතර එහි වාසිය ප්‍රේමදාසට ලැබෙනු ඇත.
නාමල් රාජපක්ෂ සහ ප්‍රේමදාස අතර පැවති රහස් සාකච්ජාවල දී ප්‍රේමදාසට දෙවන මනාපය ලබා දෙන බවට රාජපක්ෂ පොරොන්දු වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඔහු ඉල්ලා අස්සුනත් නැතත් දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රේමදාස ජයග්‍රයනය වැළැක්විය නොහැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති .
කිසිම අපෙක්ෂකයෙකුට 50% ගත නොහැකි නිසා ලංකා ඉතිහාසයේ පලමු වතාවට දෙවන මනාපය ගණන් කිරීමට සිදු වන බව දේශපාලන විචාරකයෝ මෙන්ම මැතිවරණ කොමිසම් සභාව ද මත ඵල කරති .මෙවර ලියා පංදිචි ජන්ද සංඛ්‍යාව එක්කෝටි හැත්ත ලක්ෂයකි . එම ජන්ද සංඛ්‍යාවෙන් 50% ක් කියන්නේ ජයග්රහන කිරීම සදහා එක් අපෙක්ෂකයෙකු ලක්ෂ හැතෑවකට වැඩිය ගත යුතුයි.
දෙවන මනාපය ගණන් කරන්නට සිදු වුවහොත් රටේ කලබකාරී තත්වයක් ඇති වෙතැයි විවිධ අය මත ඵල කර ඇති අතර සමහර තානාපති කාර්යාල ඔවුන්ගේ පුරවැසියන්ට මෙරට නොපැමිණෙන්නැයි අනතුරු පවා අගවා තිබේ .
ජාජබය , සජබය සහ රනිල් වික්‍රමසිංහගේ අතර බරපතළ ප්‍රතිපතිමය වෙනස්කම් නැත ඔවුන් සියලුම දෙනා ධනපති ක්රමයේ ආරක්ෂකයෝ වෙති .ධනපති ක්රමයේ ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ධනපති ක්‍රමය අර්බුදයට ගියේ රාජපක්ෂලා සහ රනිල්ලාගේ සොරා කෑම නිසා මිස ධනපති ක්රමයේ අර්බුදයක් නිසා නොවන අතර ජාජබයේ හොද මිනිසුන්ගෙන් ධනපති ක්‍රමය කළමනාකරණය රැගෙන යා හැකි බව ජවිපෙ කම්කරු -පීඩිත මහජනයා අතර මතයක් ගෙන යයි . මෙවැනි ව්‍යාපාරයක් බලයට පැමිනියහොත් කම්කරු -පීඩිත මහජනයාට සහනයක් සැලෙතැයි විශ්වාශ කළ හැකි ද? ජාජබය බලයට පැමිනියහොත් ධනකුවේරයන්ගේ දෙපොල වලට හෝ ධනයට අත නොතබන අතර එවායේ ආරක්ෂකයින් බවට පත් වනු ඇත. වමේ අපි මේ වැනි ව්‍යාපාරයක් දිනවන්නේ ඇයි ?