ජාජබ ආණ්ඩුව ආගමික මධ්‍යස්ථානයකට කඩා වදී අමාත්‍ය විජේපාලව කලින් දැනුම් දීලත් ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කර නැහැ

පසුගිය පෙබරවාරි 09 වනදා තිස්සමහරාම වීරවිල සේද වත්ත අංක 03 දරණ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදුණු වීරවිල පොලිසියේ ස්ථානාධිපති රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක්, ජවිපෙ සමාජිකයින් වන ගලප්පති සහ ජයලත් ඇතුළු භික්ෂු වහන්සේලා දෙනමක් එම නිවසේ පවත්වාගෙන යන දේවමෙහෙය නතර කරන්නැයි නිවැසියන්ට බැණවැදි තර්ජනය කොට ඇත.
එම සිදුවීමට මුහුණ දුන් ” ක්‍රිස්තුස්වහන්සේ සුභ ආරංචි සභාවේ “ප්‍රධාන දේවගැති ඩබ්ලිව්. ඒ .ඩි. කිංස්ලි ගලප්පති සහ ජයලත් සමග හතලිහක පමන පිරිසක් කඩාවැදීම සහභාගි වු බව ද අප සමග පැවසුවේය.
මෙම කඩා වැදුනු දවසේ දේව මෙහෙය නතර කරන්නැයි ගලප්පත්ති දේවගැති කිංස්ලිගේ පියාට තර්ජන ද කර ඇති බවත් වීරවිල පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස් දේවගැතිවරයගේ නිවසට කඩාවැදි බැණ තර්ජනය කිරීම නිසා ඔහුගේ මව බිය වි කම්පනයට පත්ව බිම ඇද වැටි ඇති බවත් පසුව ඇය තිස්ස දෙබරවැව රජයේ රෝහලට ඇතුළත් කර නේසාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව දේවගැතිවරයා පැවසීය
මෙසේ තර්ජන සිදු කර ඇත්තේ පෙබරවාරි 09 උදැසන වන අතර ඊට පෙර දිනයේ (08) රාත්‍රියේ නිවසට පහරදීමට වීරවිල පොලිස් ස්ථානාධිපතිගේ මුලිකත්වයෙන් කණ්ඩායමක් සුදානම් වන බව සැල වු වහාම :ක්‍රිස්තුස්වහන්සේ සුභ ආරංචි සභාවේ” විධායක ලේකම් පී.ජේ.ඊ.දේවගැතිවරයා මහජන ආක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමත්‍ය ආනන්ද විජේපාලට දුරකතනයෙන් කතා කොට සිද්ධි පිළිබද දැනුවත් කර ඇති බවත් පසුව සිද්ධිය ගැන ලිඛිතව ඉල්ලීමක කරන්නැයි ද ආමාත්‍යවරයා දේවගැතිවරයාගෙන් ඉල්ලා ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී තිබියදීත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් තිහක පමන පිරිසක් සමග පොලිස් ස්ථානාධිපතිවරයා වීරවිල සේද වත්තේ නිවස වටලා ඇති බවත් පසු එම නිවසේ සිටි එම නිකායේ ප්‍රධාන දේවගැතිවරයාගේ මවට,පියාට ,අක්කාට,නංගිට සහෝදරයාට සහ එම ප්‍රදේශය භාර දේවගැතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදි අත්අඩංගුවට ගන්නා බවට තර්ජන බරපතළ තත්වයකි.

මම තෝට කිව්වානේ මේ පළාත අතහැර යන්න කියලා . ඇයි තෝ යන්නේ නැතුව මේක අස්සේ රිංගාගෙන ඉන්නේ . තෝ මුලධර්මවාදියෙක් . මම අද උඹට හොද වැඩක් කරනව. තර්ජනය කර දේවගැතිවරයා අත තිබු රියදුරු බලපත්‍රය සහ යතුරු පැදියට ආදළ නිත්‍යානුකුල ලියවිලි පැහැර ගත් ස්ථානාධිපතිවරයා තෝ දැන්ම පලයන් යැයි කියා පන්නාගෙන ඇත.
පොලිසිය සමග වීරවිල සේද වත්තේ නිවසට කඩා වැදුණු පිරිස එම ප්‍රදේශයේ අය නෙවන බවත් ඔහු පැමිණ ඇත්තේ පිට පළාත් පැමිනි අය බව ගම්වාසීහු දේවගැතිවරයාට දැනුම් දුන් බව ඔහු මාධ්‍යයට පවසා තිබුණි.
පොලිසි වලට හෝ අනෙකුත් ආයතන වලට ඇගිලි ගසන්නේ නැතැයි නිතර කියන ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සිද්ධයට පෙර දින රාත්‍රියේ පසු දින සිදු වීමට යන අනතුර ගැන දැනුවත් කර තිබියදීත් අවශ්‍ය පියවර නොගැනීමෙන් පෙන්නුම් කරන්නේ විශේෂයෙන් බෞද්ධ නොවන ආගම් සම්බන්ධයෙන් ආණ්ඩුව දරණ විෂඝෝර ස්වභාවයත් ධනපති ක්‍රමයේ ඉවහා ගොස් ඇති අර්බුදය වසන් කිරීමට කම්කරු – පීඩිත මහජනයා ජාති ආගම් ඇතුළු සියලු රේඛා ඔස්සේ භේදීමට බල කර ඇති තත්වයයි. මෙය ලෝකය පුරා ධනවාදයේ කඩා වැටිමේ ප්‍රකාශනයකි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල් ට්‍රිම්ප් ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් සංක්‍රමණිකයන්ට සහ සමසිර ප්‍රජාවට යුද්ධ ප්‍රකාශ ගමන් ගාසාව සහ කැනඩාව ඇදා ගන්නා බවට තර්ජන කරයි. ජාජබ ආණ්ඩු අදහස් ප්‍රකාශ කිරීමේ හා සංවිධානය විමේ අයිතියට මෙන් අන්‍ය ආගමිකයින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම ආරම්භ කර ඇත.
පසු දිනක “ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බරුවෝ” නමින් සම්මන්ත්‍රණයක් හම්බන්තොට අගුනුකොළපැළැස්සේ ගැමි ගොවි ශාලාවේ පැවැත්වීමට සංවිධානය කර තිබු අතර එම ස්ථානයට බලහත්කාරයෙන් කඩා වැදුණු ජවිපෙ සමාජිකයින් එහි තිබු බැනර් කඩා දමා ගොවියන්ට ද තර්ජනය කර ඇත.
සමාජවාදී සමනතා පක්ෂයේ ශ්‍රී ලංකාවේ ජත්‍යන්තර සමනාත්මතාවය සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේහපාලන විද්‍යා අංශයේ ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදුනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පරාජය කළ හැක්කේ කෙසේද යන දේශනය එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිතේ මැදිහත් විමෙන් තහනම් කරන ලදී. ඔහු එම දේශනය තහනම් කළේ ආණඩුවේ ප්‍රතිපත්ති විවේචනය කළ නොහැකි බව පවසමින්ය.
ඉදිරියේදී ජාජබ ආණ්ඩුවට කම්කරු -පීඩිත මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කිරීම හැරුනු කොට වෙනත් මාවත නැති තත්වයක් ඇතුලේ ආණ්ඩුව මර්දනයනට තල්ලු වී යනු ඇත. ඊට මුහුණ දීම සදහා කම්කරු-පීඩිත ජනයාට ධනපති පිළිවෙතින් ස්වාධීන සංවිධාන ගොඩනගා ගැනීමෙන් හැර වෙනත් මාවතක් නැත.
ක්‍රිස්තුස් වහන්සේගේ සුභ ආරංචි සභාවේ ප්‍රධාන දේවගැති කිංස්ලි මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
තිස්සමහරාම වීරවිල පොලිසීයේ ස්ථානාධිපති සී අයි රාජපක්ෂ සන්නාසන්නද්‍ධ පොලිස් නිලධාරීන් තිස්දෙනෙක් පුරවා ගත් පොලිස් රථ තුනකින් ඇවිල්ලා, මගේ නිවසට වට කරනවා . නිවසට බලහත්කාරයේ කඩා වැදිලා මගේ දෙමව්පියන්ව බියවද්දවනවා .මගේ මව එම ක්‍රියාන්විතයේ ප්‍රතිපලයක් ලෙස රෝහල් ගත කරනවා . මගේ මවගේ වයස අවුරුදු 79 ක් වෙනවා. හෘදබාධයෙන් පෙලෙන රෝගියෙක්. දැන් අය තිස්සමහාරාම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. මගේ පියාට අවුරුදු 81 ක් වෙනවා. මගේ නිවස පිහිටා තිබෙන්නේ වීරවිල අංක 03 සේද වත්තේ. මම ක්‍රිස්තුස් වහන්සේගේ සුභ ආරංචි සභාවේ ප්‍රධාන දේවගැතිවරයා.

රෝහල් ගත කරන සිටින දේවගැතිවරයාගේ මව
. මේ ඊයේ දවසේ වෙච්ච ප්‍රශ්නයක් නොවෙයි. මිට මාස හතරක් තිස්සේ සැලසුම් සහගතව සිදු වුණු ප්‍රශ්නයක් . මිට මාස හතරකට කලියෙන් මට ආරංචි වුණා යම් ආගමික ඝටනයක් වෙන්න යනවා කියලා .එක මට දැන ගන්න ලැබුනෙත් මේ ස්ථානාධිපතිවරයගෙන්ම තමයි .ස්ථානාධිපතිවරයා මගේ ගෙදර පණිවිඩයක් එවලා තිබුණා වහාම දේවස්ථානයේ දෙවගැතිවරයත් නිවසේ අයිතිකාරයත් ඇවිල්ලා එයාව හමුවෙන්න කියලා. මම දේවගතිතුමාට තනිවම පොලිසියට යන්න එපා කියලා උපදෙස් දුන්නා. කොළඹ සිට නීතිඥ මහතෙකුත් පළාතේ දේවගැති තුමා සී.ජි.කන්නන්ගරත්,මගේ තාත්තත් මගේ අක්කත් වීරවිල පොලිසියට යැවුවා. නිත්‍යානුකුල භාවයට ආදාළ ලියකියවිලිත් අරගෙන යන්න කියා මම කිවිවා. අපේ නීතිඥතුමා පොලිස් ස්ථානාධිපතිතුමගෙන් අහලා තියෙනවා අපට එන්න කිවේ ඇයි කියලා .ප්‍රශ්නයක් නැහැ. ඔලොල්ලන්ගේ නිවසේ දේව මෙහහෙයක් පවත්වනවාද කියලා දැන ගන්න. නිර්නාමික දුරකතන ඇමතුම් කිපයක් ආවා දේව මෙහෙයක් පවත්වනවා කියලා. අපේ දේවගැතිතුමා සහ නීතිඥවරයා ප්‍රකාශ කරලා තියේනවා ඒ දෙපිරිසම මුණ ගස්වලා සාකච්ජාවක් අවස්ථාවක් අරන් දෙන්න කියලා. . ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර නිතර කොල් කරලා කියනවා . හොදයි ඒ ස්වාමින් වහන්සේ පොලිසියට කැදවන්න එදාට අපිත් එන්නම් කතා කරන්න .ඒ ස්වාමීන් වහන්සේ නම හෙළි කරන්න කැමැති නැහැ. මේ අයඋපතින්ම ක්‍රිස්තියානි නිවසක් . මේ නිවසේ එතුමාගේ ඥාතීන් සහ එතුමාගේ බැතිමතුන් කිපදෙනෙක් රැස් වෙලා ඉරුදිනට නමස්කාර මෙහෙයක් පවත්වනවා. එකට ද තියේන ප්‍රශ්නය මොකක්ද? නීතිඥවරයා ප්‍රශ්න කරලා තියේනවා. අපි 1989 ඉදලා අපේ නිවසේ යාඥා කරන්න පටන් ගත්තේ . අපේ නිවසට වර්තමාන විපක්ෂ නායකතුමාත් ඇවිල්ලා තියේනවා. ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රික රනිල්ගේ ආණ්ඩු කාලයෙත් අපි යාඥා කළා.
. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම ඇදහිමට පමනක නොවෙයි තමන් විශ්වාස කරන ලබ්ධිය අනන්‍යයන්ට දේශනා කිරීමටත් අයිතියක් තියේනවා. මේක බෞද්ධ රටක් පමනක් නොවෙයි .සර්ව ආගමික රටක්. මධ්‍යස්ථානය ලියාපදිංචි කර ගන්න කියලා ස්ථානාධිපතිතුමා කියලා තියේනවා . ඔහු එහෙම කියද්දී මට සැකයක් ඇති වුණා.ලියපදිංචි කරන්න කියලා ඔහු කියන්නේ ඇයි කියලා . ඉන් පසුව. මගේ පුජකයාට ආගමික කටයුතු වල නිරත වෙන්න පාර්ලිමේනතුව අනුමත කළ පුජක අක්‍රපත්‍රයක් තියේනවා . ඔගොල්ලන්ගේ ආගම කර ගන්න .හැබැයි ගොඩක් සේනග රැස් කර ගන්න එපා . පොලිස් ස්ථානිධිපති තුමාට එහෙම කියන්න අයිතියක් නැහැ. මගේ අම්මාටයි දේවගැතිතුමාටයි මම උපදේස දුන්නා එන ශ්‍රාවකයෝ සීමා කරන්න කියලා . ගෙරදට අයට පමනක් දේව මෙහෙය කරන්න කියලා. මට දැන ගන්න ලැබුණා ස්ථානාධිපතිතුමා අපේ ආගමට එරෙහිව කුමන්ත්‍රණකාරි වැඩ කරනවා කියලා.
පළාතේ දේවගැතිතුමාට ස්ථානාධිපතිවරය දැනුම් දිලා තිබුණා තාත්තාගෙන් ලියුමක් දේවගැතිවරගෙන් ලියුමක් සහ ප්‍රදේශයේ ග්‍රාමසේවකගෙන් ලියුමක් ගෙනැවිත් දෙන්න කියලා. ලියුම් දෙන්න ගිය දවසේ නීතිඥවරයා ඉදිරියේ හැසිරුණු විධියට නොමෙයි ස්ථානාධිපති හැසිරිලා තියෙන්නේ. දේවගැතිතුමාට ඉතා පහත් විධියට කතා කරලා තියේනවා .උඹ මේ කරන වැඩ මොනවාද ,උඹලාට නිදහස දුන්නේ කවුද? ලියුම් අරගෙන ආවාට මම භාර ගන්නේ නැහැ .වහාම දේව මෙහෙය නතර කරපන්. වහාම පලයන් මෙහෙන් ඔය ගෙදරට උඹ යන්න එපා. මම උඹට දෙන අන්තිම අවස්ථා කියලා පරුෂ වචනයෙන් බැණ වැදිලා තියේනවා. අසංක දේවගැතිතුමා මට විස්තරව කිව්වා. පස්සේ මම දේවගැතිවරයාට කතා කළා .ලියුම් ගත්තා ද ඇහුවාහම උදුරලා ගත්තා කිව්වා. නැවත පොලිසිය පැත්තට එන්න එපා කියලා තර්ජනය කරලා. මම නිවසේ අය දැනුවත් කළා පරිස්සමෙන් ඉන්න කියලා . අට වෙනිදා රැ ගම්වාසියෙක් දුරකතනයෙන් කතා කරලා කිව්වා සංවිධානාත්මක පිරිසක් ඔබතුමගේ නිවසට කඩා වදින්න සුදානමක් තියේනවා කියලා . මේ පිරිස් සංවිධානය කරන්නේ පොලිස් සිථානාධිපතිවරයා කියලාත් කිව්වා . අපි දන්න බුද්ධි අංශ නිලධාරයෙකු ඉන්නවා. මම සහෝදරයාට කිව්වා කොල් කරලා බලන්න කියලා . එවැනි දේයක් හෙට සිදු වන බව එම බුද්ධි නිලධරයා තහවුරු කරලා තියේනවා. අපේ මාධ්‍ය ප්‍රකාශක දේව ගැතිතුමාට මම කිවිවා මෙහෙම දෙයක් ආරංච් වෙලා තියේනවා මේ ගැන රජය දැනුවත් කරන්න කියලා . එතුමා මහජන ආරක්ෂක ඇමතිතුමාට දුරකතනයේ කතා කරලා මේ ගැන කිවිවා. එහෙම දේයක් ගැන දැනුවත් වෙල නැහැ වට්ස්ඇප් එකට ඉක්මනින් ලියුමක් දාන්න කියලා . අපි ලිපිය දැම්මා . සාලිත ප්‍රනාන්දු දේවගැතිවරයාගේ අත්සනෙන් යැව්වා. ඒ නිසා අපට ප්‍රශ්නයක් තිබුනේ නැහැ. රටේ ජනාධිපතිවරයා මහ ඉහලින් මානවහිකම් ගැන කතා කරනවා නිසා අවිශ්වාසයකුත් තිබුණේ නැහැ . එතුමා බලයට එන්න කලියෙන් සහ පසුවත් කිව්වා රටේ ආගමික නිදහස තියේනවා කියලා .ආගමික අරගල නැවත ඇති වෙන්න දෙන්නේ නැහැ කියපු නිසා මම ගෙදර අයට කිව්වා බව වෙන්න දේයක් නැහැ කියලා . මහජන ආරක්ෂක ඇමති තුමාටත් දැනුම් දුන් නිසා අපි නිදහසේ ඉමු කියලා . පොලිස් නිලධාරීන් 30 පමන ගිනි අවිත් සමග ගේ වට කරලා තියේනවා ස්වාමීන් වහනසෙලා දෙනමක් ඇවිල්ලා ඉන්නවා . අපේ ගමේ කවුරුවත් ඇවිල්ලා නැහැ . වීරවිල පොලිසිය තියෙන්නේ මගේ ගෙදර ඉදලා කිලෝමිටර දෙකහමාරක් දුරින්. ජනතා විමුක්ති පෙරමුණේ ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ගලප්පත්ති සහ ජයලත් සහෝදරවරුන් වීරවිල පන්සලේ විහාරාධිපතිත් එවගේම කන්දමන් කඩ විහාරස්ථානයේ ප්‍රධාන නායක හාමුදුරවොත් අල්ලපු ගමේ පිරිසකුත් ඇතුළු 40 පමන පිරිසක් අපේ ගෙදරට පැමිණෙමින් ඉන්නවා කියලා. ගෙදර හිටියේ මගේ තාත්තා අම්මා නංගි අක්කා සහ මගේ අයියයි විතරයි . අල්ලපු ගෙදර ඇන්ටි ඇවිල්ලා ඉදලා තියේනවා .
මුලධර්මවාදී පාස්ටරයා ඉන්නවාද කියලා තමයි දෙමළ චිත්‍රපට ඉන්න රැජිනකාන් වගේ තමයි කෑගහගෙන ස්ථානාධිපති ඇවිල්ලා තියෙන්නේ .පොලිස් ස්ථානාධිපති අපේ ගෙට ඇතුල් වුණා. මම උඹට එදා කිව්වා නේද පොලිසේදී මෙතැන්ට එන්න එපා කියලා . උඹ කොහොම ද මගේ අණ කඩාගෙන මෙහෙට ආවේ . උඹ දන්නවා ද මට තියේන බලය නැගපන් ජිප් එකට .උඹව අත්අඩංගුවට ගන්නයි මම අවේ කියලා පරුෂ වචනයෙන් මෙයා බැණ වදිනවා. ඉන් පස්සේ දේවගැතිවරයා කියලා තියෙනවා මම අවේ මේ තාත්තාට යාඥා කරලා යන්න. එක පාරටම දේවගැතිවරය අත තිබු පර්ස් ඒකි උදුරාගත් ස්ථානාධිපති ලයිසන් ඉන්ෂුරනස් දේවගැති පුජක අක්ක්‍රපත්‍රය අරගෙන ඇගිල්ල දිග් කරකර තෝ තෝ කිය කියා බැණ වැදුණා . තෝ නාකිය මම තෝට කිව්වා නේ එදා පොලිසියෙදී මේ මුලධර්මවාදීන්ව ගෙන්න ගන්න එපා කියලා මගේ තාත්තාට පරුෂ වචනයෙන් බැණ වැදිලා. තෝ දැන ගනින් නාකිය තෝවත් අත්අඩංගුවට ගන්නවා .
අපේ අමිමා මැදහත් වෙලා කිවිවා අපේ ආගම අදහන්න අපට නිදහසක් නැද්ද කියලා . නාකි ගැහැණි කට වාහ ගනින් උඹලාට මේ ගෙදර ආගම අදහනන් අයිතිය දුන්නේ කවුද? අපේ පුතා තමයි මේ දේවගැතිවරයා එවලා තිනේනේ .මගේ පුතා ප්‍රධාන දේවගැතිවරයා .උඹේ පුතාටත් කියපන් මේ හම්බන්තොට එන්න බැහැ. ස්ථානාධිපති පොලිස් නිලධාරින් නියෝග කරනවා අත්අඩංගුවට ගන්න කියලා . ස්ථානාධිපතිවරයා බිමත්ව ඉදලා තියෙන්නේ. මගේ ගෙදර ගණිකා මඩමක්ද? මගේ ගෙදර බුරු ගහන තිප්පොලක් ද? කසිප්පු පෙරන තැනක්ද? මගේ ගෙදර අයිස් හෝ කුඩු විකුණනවාද? අයි. එස්. එස් .සටන්කරුවෙකු අත්අඩංගුවට ගන්න එනවා වගේ ජිප් තුනක් අරගෙන ආයුධ සන්නද්ධ ඇවිල්ලා. මගේ ෆොන් එක දුන්නාම කතා කළේ නැහැ. දේවගැතිවරයාව පලයන් පලයන් කියලා එලෙව ගත්තා. මගේ වසමෙන් පලයන් නැතිනම් කරන දේ දන්නා කියලා තර්ජනය කරලා . දිසාපති, ප්‍රාදේශිය ලේකම් ස්ථානාධිපතිට දැනුම් දුන්නාලු යාඥා කරන අය අත්අඩංගුවට ගන්න චක්‍රලේඛනයක් නිකතු කරලා තියෙනවා කියලා. අනුර කුමාරට ඡන්දය දෙන්න කියලා මම කිතුනුවන් ගෙන් ඉල්ලුවා . මම අද දුක් වෙනවා ඒ ගැන . අපේ ගමේ කිසිම ගම්වාසියෙක් අපේ ආගමික නිදහසට බාධා කරලා නැහැ . පොලිස් ස්ථානාධිපති ත්‍රස්තවාදයෙක් වගේ අපේ ගෙදරට කඩාගෙන පැනලා තියෙන්නේ . කතෝලික සභාවේ ප්‍රධානියෙක් ගෙන් ඇහුවාහම කිවිවාලු එගොල්ලන්ට යාඥ අයිතියක් නැහැ කියලා . ගලප්පති තාත්තාට කියලා තියේනවා ආගම අදහන එක නතර කරන්න කියලා. එය ජනතා විමුක්ති පෙරමුණෙ සමාජියෙක් . පාස්ටර්ස්ලාට යාඥා කරන්න බැහැ කියලා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියේනවාද ජනාධිපතිතුමා ? ඔබතුමගේ ආණ්ඩුව තියේනකම් අපි පල්ලි වහන්නම්. අපි ඔබතුමා ආණ්ඩු තියේන කම් අපි ආගම අදහන්නේ නැහැ. පාස්ටර්ලා ගහනවා පොලිසය ගන්නේ ගහපු කෙනාගේ පැත්ත. ක්‍රිස්තුස් වහන්සේ කියලා අපි නිවට වෙන්න ඔ්නේ නැහැ. ඔයගේ ආණ්ඩුව තියේනකම් අපි ආගම් අදහන්නේ නැතිව ඉන්නම්.

ප්‍රධාන දේවගැතිවරයා වීරවිල පොලිසයට දමන ලද පැමිනිල්ලෙ පිටපතක්.
ජායාරූපය අන්තර්ජාලයෙන් ගත්තකි.