ජාජබ ආණ්ඩුව ඇතුලේ ගැටුමක්ද? අග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂාව තර කරයි
පොල්හෙන්ගෙඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවට අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය අද (07) සවස පොතක් එළිදැක්විමේ උත්සවයකට සහභාගි වනවා යැයි අග්‍රමාත්‍යවරිය ආරක්ෂක රැකවලුන් පොලිස් බල්ලන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබළු ඇතුළු පොලිස් නිලධාරීන් යොදාගෙන යකඩ කූරු වලින් ඇණ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ සෑම තැනම පරික්ෂා කරන බවට ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියට වාර්තා වේ.
අග්‍රාමත්‍යවරියගේ ආරක්ෂාව ගැන සිතා ඇයගේ ආරක්ෂකයින් ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ නතර කර ඇති එම දෙපාර්මේන්තැවේ සේවකයින්ගේ වාහන පවා ඉවත් කර ඇති බවත් වාර්තාවේ.
ජාජබයේ ඇමතිවුන්ට විශේෂයෙන් ජනාධිපතිගේ සහ අගමැතිගේ ආරක්ෂාවට විශාල සෙබළුන් සහ වාහන යොදගෙන නැතැයි අග්‍රාමාත්‍යවරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් ඇය පාර්ලිමේන්තුවෙන් පිට යද්දී අගමැතිවරිය පිටුපස යන වාහන පෝලිම විඩියෝ ගත කර විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රුපවාහිනීයේ පැවති සාකච්ජාවකදී පෙන්නුවත් නියෝජ්‍ය මහජන ආරක්ෂ ඇමති සුනිල් වටගල එය සත්‍යයක් යැයි පිළිගත්තේ නැත.
යුදමය වාතාවරණයක් නැති තතු යටතේ පොලිස් බල්ලන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබළු යොදාගෙන මේ වැනි පරික්ෂාවක් කරන්නේ ඇයි ද යන්න ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ සේවකයෝ ප්‍රශ්න කරති. ආණ්ඩුව ඇතුලේ ගැටුමක්ද?
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව සදහා නිල වශයෙන් යොද සිටින පිරිසට වඩා පිරිසක් සිවිල් පිට යොදා සිටින බවත් ජනාධිපතිවරයා රජකාරී හමාර කොට සෑම දිනකම පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට යන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැලවත්ත දක්වා සෑම අතුරු පාරකම පිස්තෝලයක් සමග සිවිල් පොලිස් හෝ හමුදා සෙබලෙකු යොද සිටින බවත් ලංකා ස්කයි නිවස් වෙත වාර්තාවේ.