ජාජබ ආණ්ඩුව ඊනියා විරුවන් ආරක්ෂා කරන්නේ ඔවුන් ද යුද්ධය කාලයේ අපරාධ කල්ලි මෙහෙයු නිසාද?
සරත් මද්දුමාගේ විසිනි
මෙමෙත් තුර්කියේ සිට මෙහි රැකවරණ පතා ආ කුර්දි ජාතාකයෙක් . තරුණ කාලයේ ඔහු තුර්කියේ මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වීම නිසා වසර කිපයක් සිරගතව වෙලා ඉදලා තියෙනවා.
ඔහු මම ඉන්න නගරයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් .මෙමෙත් පැලස් කැබැබ්- රෙස්ටුරන්ට් එක ඔහුගේ . දවසක් වෙළද වැලකදි ඔහු මට මුණ ගැහිලා වනක්කම් එප්පඩි සුකෙම් කියලා ඇහුවා. ඇත්ත වශයෙන් ස්වීට්සර්ලන්තයේ අති බහුතරයක් ජනතාව ලංකාව දන්නේ අපේ සහෝදර දෙමළ ජනතාව නිසා. ලංකාවේ සිංහල කියලා ජන වර්ගයක් ඉන්නවා කියලා ස්විට්සර්ලන්තයේ ජිවත් වන ජනයා දන්නේ නැහැ.
මෙමෙත් සුපිරි වෙළද සැලේ අයිතිකරුට කියනවා ලංකාවේ දැන් තියෙන්නේ කොමියුනිට්ස් ආණ්ඩුවක් කියලා.ඔහු එහෙම කියනනේ ඔහුගේ රේස්ටුරන්ට් එකේ වැඩ කරන මොහාන් සහෝදරයා කියපු නිසා කියලා මම හිතනවා.
මෙහි ජිවත්වන බොහෝ දෙමළ ජනයා හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කොමියුනිට්ස් පක්ෂයක් කියලා. ධනේශ්වර ක්‍රමය අබුර්දයට යන බොහෝ වෙලාවට අධිරාජ්‍යවාදය විසින් ටික කාලයකට වාමාංශික යැයි කියා ගන්නා කණ්ඩායම් බලයට රැගෙන එන අවස්ථාවන් තියෙනවා. ධනපති ක්‍රමය රැක ගන්න එවැනි උපක්‍රම අනුගමනය කරනවා. ලංකාවේ වෙලා තියෙන්නෙත් ඒහෙම දේයක් දැයි ඔහු මගෙන් ඇහුවා.
මම මැතිවරණයේදි එන්.පි.පි. එකට සහාය නොදුන්නත් වත්මන් ආණ්ඩුවට ලංකා ඉතිහාසයේ කිසිදු පක්ෂයකට නොලැබුණු ජනවරමක් මහ මැතිවරණයේදි ලැබුණා. ඔවුන් ඒවැනි ජනවරමක් ලැබුණේ NPP විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙල මෙන්ම අවුරුදු 76 ක් මෙරට පාලනය කළ ප්‍රභු දේශපාලනයට එරෙහිව බව මා මෙමෙත්ට පැහැදිලි කරලා දුන්නා. මේ කතා බහා ඇති වුණේ මාලීමා ආණ්ඩුව බලයට පැමිණ අළුත . නමුත් මේ වන විට සිදුවෙම්න් පවතින දෑ එක්ක ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ ජනතා අභිලාෂයන්හී පරතරය වැඩි වෙමින් පවතින තත්වයක් උදා වෙලා තියේනවා.
පාස්කු ප්‍රහාරයත් ලසන්ත ඝාතනයත් ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමත් ගැන පමනක් නොව ඉන් ඉදිරියට ගොස් සිවරාම් ඝාතනයටත් යුක්තිය ඉටු කිරිමට සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන්න ගෙන එන බවට NPP එක පොරොන්දු වුණා. කදුකරයේ සහ උතුරු -නැගෙනහිර දෙමළ ජනයාගේ ගැටළු වලට මතුපිටින් කළ අමාන්ත්‍රණයට පවා එම ජනයාගේ ආකර්ශනය මාලිමාවට ලැබුණු බව මගේ අදහස.
ආණ්ඩුවේ ප්‍රකාශිත ප්‍රතිපත්ති හා භාවිතය අතර පරස්පරයන් ලකුණු කළ අවස්ථා අතර තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ නොමග යැව්වෙක් යැයි චෝදනා එල්ල වු විශ්‍රාමික පොලිස් ලොක්කෙක් විජේපාලගේ පොලිස් අමාත්‍යංශයේ උපදේශකයෙකු බවට පත් කරනවා.
නීතියේ ආධිපත්‍ය කැළලක් වු ඊලග සිදුවීම නීතිපති විසින් මහර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 11 මරා දැමිමේ සිද්ධියේ චුදිතයින්ට නඩු පැවරීමක් නොකර සිටීම සහ අහුන්ගල්ල ඝාතනයේ චුදිත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියාට එරෙහිව නඩු නොපැවරීමේ තීරණය නීති කති ගැනීමට පෙර ජනාධිපති අනුර කුමාරගෙන් එස් .ටි.එෆ් ලොක්කා තම නිලධාරින්ට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව ඉවත්කර දෙන්නැයි කළ ඉල්ලීම මානව හිමිකම් සහ සිවිල් ක්‍රියාධරයින්ගේ පිළිකුලට භාජනය වුණා.
මාලීමා ආණ්ඩුවේ මෙම පරස්පරතා සිදුවනුයේ ඔවුන්ට අත්දැකීම් නොමැතිකම නිසා හෝ ඔවුන් රජයේ නිලධාරී පැලැන්තියට යට විම නිසා හෝ නොව ඔවුන්ගේ පන්ති ස්වභාවයෙන් වගේම ධනේශ්වර අබුර්දයේ ප්‍රතිපලයක්. NPP එකට සහාය දක්වන්නැයි පැවසුවත් මම එය පිළිනොගන්නේ ආණ්ඩුවේ ගාමක බලවේගය ජ.වි.පෙ. හෝ ඔවුන් සමග සන්ධානගතවු මාධ්‍ය පාන්තික කණ්ඩායම් බිලින්දා නොවන නිසා .
අනික නීතිපති ලසන්තගේ ඝාතනයේ ප්‍රධාන සාක්කිකරුවන් හෝ සැකකරුවන් එම නඩුවෙන් ඉවත්කර දැමිමට ඔහු කටයුතු කරන්නේ නීතිපතිගේ පෞද්ගලික උවමාව මත යන්න මම පිළිගන්නේ නැහැ.
ඊට මාලිමා ආණ්ඩුවේ පෙරමුණු බල ඇණිය වු පොලිස් -හමුදා සාමුහිකයේ ද බලපෑම් තිබිය හැක.ඒ මන්දයත් මහින්ද .සිරා ,ගුටා ,සහ රනිල්ගේ පාලනය යටතේ ඔවුන්ද අඩු වැඩි වශයෙන් රාජය ත්‍රස්තවාදය ක්‍රියාවට නැන්වු අනීතික ක්‍රියාවන් වල යෙදුනු අය විම.
මතුපිටින් ගෑලරි පිනවිමේ සංදර්ශනය පහත මාලයේ ජනයා පිනවීමට පමනක් සීමා කරනු ඇත්තේ බල හුවමාරුව සදහා ලංකාව මෙතෙක් පාලනය කළ සංවිධානාත්මක අපරාධකරුවන් සහ අධිරාජ්‍යවාදී ගෝලීය බලවතුන් සමග තිරය පිටුපස ඇති කරගත් සම්මුතීන් අනුව විය හැක .
ටිරාන් අලස් තවමත් පොලිසීය මෙහෙය වන්නේ යැයි ද ජවිපෙ ඔහුගේ ප්‍රාණ ඇපකරුවන් වි ඇතැයි ද මැවිසිලි නගන්නන් ද සිටිනවා . පාර රාජය පවත්වගෙන යෑමට කැපවිමද ඒ සම්මුතීන් අනුව සිදුවෙනවා විය හැක.
ඉදිරියේදි අයිඑම්එෆ් නියෝග ක්‍රියාවට නැගීමේදි සහ නව ලිබරල් ධනවාදයේ යක්ෂයාට එරෙහිව වන කම්කරු -පීඩිත ජනයාට මැඩලීමට ඔවුන්ටද ආණ්ඩුවේ නිල මැරයින්ට අමතරව පාර රාජ්‍ය අවශ්‍ය වෙනවා.