ජාජබ /ජවිපෙ අයවැය හදලා තියෙන්නේ ධනකුවේරයෙකු වන දුමින්ද හුලංගමුවලා බව ජාකමයේ දුමින්ද නාගමුව පවසයි

ජාජබ /ජවිපෙ අයවැය හදලා තියෙන්නේ ධනකුවේරයෙකු වන දුමින්ද හුලංගමුවලා බව ජාකමයේ දුමින්ද නාගමුව පවසයි

ජාතික ජන බලවේග ආණ්ඩුව ලංකා ඉතිහාසයේ ‌‌‌ෙ‌එතිහාසිකම වැටුප් වැඩි විම කළාට පස්සේ රජය අංශයේ කම්කරුවෝ පාරට බැහැලා උද්ඝෝෂණය කරන බවත් මුලික වැටුප වැඩි වෙන කොට අත්තිකාල සහ විශ්‍රාම වැටුප ඇතුළු දීමනා වැඩි විය යුතු නමුත් එම දීමනා අක්‍රමනය කර මුලික වැටුපක් පමනක් වැඩි කර ඇති බව ජාතික කම්කරු මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව පවසයි.

මෙවර අයවැයෙන් ධනකුවේරයන්ට රුපියල් බිලියන 500 ක් බදු සහනයක් දෙන්න හදන බවත් ජනාධිපති අනුර කුමාර දිසානයකගේ අයවැය හදන්නේ ධනකුවේරයෙකු මෙන් වානිජ මණ්ඩලයේ සහාපති . බදු සමාගක ප්‍රධානියෙකු සහ විගණන සමාගමක අයිතකරුවෙකු වන දුමින්ද හුලංගමුව බව දුමින්ද නාගමුව හෙළි කළේය.

ඔහු එම අදහස් ප්‍රකාශ කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් 2025 අයවැය සහ ජනතාවගේ හෙට දවස මැයෙන් කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ පෙබරවාරි (10) පැවති සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කරමින්ය.

ජාජබ /ජවිපෙ ආණ්ඩුව මගින් අධ්‍යාපනය සදහා මෙවර අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 617 ක් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයට සහ ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 150ක් වැඩි කර ඇති බවත් යුද්ධයක් නැති රටක ආරක්ෂක අමාත්‍යංශයට මේ පමනම මුදලක් වැඩි කළේ  ඇයි ? කාව මර්දනය කරන්නද, මේවා ප්‍රශ්න කළ යුතු නැද්දැයි නාගමුව සභාවෙන් විමසා සිටියේය.

ජාජබ /ජවිපෙ අයවැය හදලා තියෙන්නේ ධනකුවේරයෙකු වන දුමින්ද හුලංගමුවලා බව ජාකමයේ දුමින්ද නාගමුව පවසයි

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

 මේ රටේ ජනතාවට තෙල් ගෑස් නැතිවෙච්ච වෙලේ පාරට බැහැලා ඒ සටන නායකත්වයක් දිලා  තමයි වෙනසකට පාර කැපුවේ.අද ඒ දේශපාලන වෙනසට පාර කපලා ගෙනාපු ආණ්ඩුවක්  අද මේ රටේ අධ්‍යාපනයට සලකන හැටි  තමයි කියන්නේ. අධ්‍යාපනයට 6% ක් දෙනවා කිව්ව  ආණ්ඩුවේ අගමැතිනිය හා අධ්‍යාපන ඇමතිනි  රනිල් වික්‍රමසිංහගේ අයවැයෙන් අධ්‍යාපනය සදහ වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 617 ක මුදලක් . අන්තර විශ්ව විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලය වෙනම පාගමනක් ආවා විශ්ව විද්‍යාල ආචාරයවරු වෙනම පාගමනක් ආවා .ඒ පාගමනට රනිලුත් ගියා අධ්‍යාපනය 6% දෙන්න කියලා .ඒ පාගමනට අනුර දිසානායකත් ගියා. ඒ පාගමනට අද ඉන්න අගමැතිනි සහ අධ්‍යාපන ඇමති හරිනිත් ගියා. ඇය කිව්වා මාස දෙකකට කලියෙන් පලමු අයවැයෙන් 03% අධ්‍යාපනයට වෙන් කරනවා කියලා . කොහෙන්ද එකට මුදල් කියලා ඇහුව්වාහම ඇය කිව්වා ආරක්ෂක වියදම අපි කපා හරිනවා කියලා. ආරක්ෂක වියදම් කපනවා කිව්වා .අධ්‍යාපනය සදහා කීයද වෙන් කරලා තියෙන්නේ ඔබ මේක ප්‍රශ්න කළ යුතුයි.අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ රනිල්ගේ අයවැයට වඩා සීයට දශම .1 කින් තමා වැඩි වෙලා තියෙන්නේ. මේක තමයි දශම එකේ යුක්තිය. සීයට 6% ක් ඉල්ලලා පාගමන් ගිය අය අද  දශම එකකින් වැඩි කරලා තියෙනවා .අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 544 ඉදලා බිලියන 617 වැඩි කරලා තියෙනවා.මේ ගොල්ලෝ කියනවා අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා කියලා. 

මේ අයවැයෙන් මහපොල ශිෂ්‍යාධාරය වැඩි කරනවා කිවිවා.  අපි බලපොරෝත්තු වු ගාණනට වඩා අඩු ගාණක් වෙන් කරලා තියෙන්නේ.මට වේදිකාවේ ඉන්න කොට මතක් වුනා ඔබත් සමග බෙදා ගන්න. අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කළේ අහාර පාන වල  මිල ගණන් සහ අපට ලැබුණු මහපොලින්  ජිවත් වුනේ කොහොමද කියලා. අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කළේ මහපොලෙන් ලැබුණේ රුපියල් 1200 යි. ඒ කළේ බිත්තර නැති  දවල් ක‍ෑම එකාක් රුපියල් 7යි . බිත්තර හරි මාළු සමග කෑම එකාක් රුපියල් 12 යි.තේ එකාක් රුපියලයි.කිරි තේ එකාක් රුපියල් දෙකයි.මධුෂාන් සහෝදරයා කිව්වා දැන් මිල ගණන් ගැන. අද බැලුවාහම උදේ කෑම එකාක් සමන්‍යයෙන් රුපියල් 100 ක් වන අතර දවල් කෑම එකාක් 120 වෙනවා. ඒදා මහපොල ලැබුණේ 1200 ක් .අද දවල් කෑම රුපියල් 120ක් වෙනවා එදා අපි ගත්ත කෑම එකකට වඩා දහගුනයකින් වැඩි වෙලා. අපිට ඒදා 1200 ක් ලැබෙන කොට අද ඔගොල්ලන්ට 12000 ලැබෙන්න ඔනේ.අද තේ එකාක් රුපියල් 20ක් නම් ඔබගේ මහපොල වාරිකය රුපියල් 20 වැඩි වෙන්න ඔනේ.1200 රුපියල් 28000 වෙන් ඔනේ.අපි කිරි තේ එක ගත්තේ රුපියල් දෙකකට අද සාපේකෂව බැලුවොත් 65.000 වෙනවා මහපොල ශිෂ්‍යත්වය. අපි හිතනවා මෙතැන ඉතාමත් පැහැදිව ජිවත් විමේ ප්‍රශ්නයක් තියේනවා කියලා.අපි රුපියල් 1200 එදා විශ්ව විද්‍යාල තුළ ජිවත් වුණා. විශ්ව විද්‍යාල සහෝදරවරුන්ගේ ගෙවල් වල ගියාහම අම්මලා රුපියල් 20.000 15.000 බැංකු පොතට දානව ජිවත්වෙන්න. සමහර ශිෂ්‍යයෝ ඉන්නවා කැළණියේ රුහුණ විශ්ව විද්‍යාල වල අර්ධ කාලීන වැඩ කරලා තමයි ඉගෙන ගත්තේ. සමහර සිසුන් විශ්ව විද්‍යාල ඇතුලේම කොන්ත්‍රාත් වැඩ කරනවා.රුපියල් දෙදහාට තුන්දාහට වැඩ කරනවා. සමහර ශිෂ්‍යයෝ හිටියා කවුරු හෝ කනකන් ඉදලා පිගාන ඉල්ලන් ගිහිල්ල රුපියල් 03 ක් දිලා අඩු කනවා. අඩුවෙන් තමයි දවස ගෙවා ගන්නේ.ඉතාම දුෂ්කර කොන්දේශි මත තමයි විශ්ව විදයාල ශිෂ්‍යයෝ ජිවත් වෙන්නේ. ඒහෙම ජිවත් වන ශිෂ්‍යයාට හැම අවුරුද්දකම වැඩි මුදලක් වෙන් කරනවා .එකට හේතුව තමා උද්ධමනය තියෙන කොට අයවැය ආදායම් වැඩි වෙනවා හැම අවඅරුද්දකම.ආදායම් වැඩි වන කොට අනිවාර්යෙන් රුපියල් වලින් වැඩි පුර වෙන් කරනවා. එක අමුතු දෙයක් නොවෙයි. ඉතාම ප්‍රතිගාමි අයවැයක් මේක රනිල්ගේ අයවැයෙන් පවා කලින් අයවැයට වඩා පස්සේ ඉදිපත් කරන අයවැයේ අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩියි. එක සමාන්‍ය දේයක් . එක කියලා තමයි අපේ ඇස් නිලංකාර කරන්නේ. නමුත් දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විධියට ගත්තාම දශම එකයි වැඩි වෙලා තියෙන්නේ. අධ්‍යාපනයට එහෙම කද්දී ,ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත‍්‍යංශයට රුපියල් බිලියන 150 ක් වැඩි කරලා තියෙන්වා . මොකටද යුද්ධයක් නැති රටක ආරක්ෂක වියදම් බිලියන 150 ක් වැඩි කළේ ඇයි කාව මර්දනය කරන්නද? මේවා ප්‍රශ්න කළ යුතු නැද්ද? ඔබට මහපොල වාරිකය වැඩි කරන්න බිලයන 4.6 ළදරු පාසැල් වලට රුපියල් බිලියන යයි. ඔබේ අම්මා තාත්තා මහපොලවත් සමග පොරබදනවා නම් පොහොර සහනාධාරය දෙන්නේ  රුපියල් බිලයන 35 යි. නමුත් ඔබ දන්නවාද? මේ රටේ අර්බුදයට වගකිව යුතුයි. මේ රටේ කෙරුම්කාර ධන කුවේරයන්ට මේ ආණ්ඩු රුපියල් බිලියන 500 ක බදු සහනයක් දෙනවා.බදු කපා හරින්න හදනවාලු. එතකොට මේ සහාන දෙන්න් කාටද? ඔබට බියන 4.6යි බිලිදු ළමුන්ට බිලියනයයි. ගොවීන්ට බිලියන 35යි.  ධන කුවේරයන්ට බිලයන 500 ක බදු සහනාධාර  දෙන්න හදනවා. ඒකත් තියෙන්නේ ඉංශ්‍රීසියෙන් පුට් නෝට් වලින් .ජනාධිපතිවරයාත් මේක කියවන්නේ නැතිව තමයි අයවැය ඉදිපත් කළේ. මේක අනිවාර්යෙන්ම දුමින්ද හුලංගමුව කියන්නේ ප්‍රධාන බදු සමාගමක ලොක්කෙක්.මිනිහත් මේ  රටේ විගණන සමාගමක ලොක්කෙක්. බදු අය කරද්දී එවා කපා හැරීමට එගොල්ලෝ මැදිහත් වෙනවා. වානිජ මණ්ඩලයේ සහාපති.මේ අය තමයි අනුර දිසානායකගේ අයවැය හදන්නේ. එක වාක්‍යකයක් දානවා නෙගෙවන ලද බදු මාස හයක් ඇතුළත සියලුම බදු වලට අය කරන මුදල්පා හරිනවා කියලා.බිලියන 500 කියන්නේ පොඩි ගානක් නොවෙයි. අපි දුන්නේ නැහැ අපිට දුන්නේ නැහැ කියල කතා කරලා වැඩක් නැහැ . මේක ලංකාවේ ‌‌‌ෙඑතිහාසික වැටුප් වැඩිවිමක් .වැටුප් වැඩි කළාට පස්සේ උද්ඝෝෂණ කරනවා.  මුලික වැටුප වැඩි කරන කොට එක වටේ තිබෙන ප්‍රතිලාභ  කපා හැරලා. මුලික වැටුප වැඩි වෙනකෙට අත්තිකාල සහ විශ්‍රාම වැටුප් දිමනා වැඩි වෙනවා. මේ සියල්ල අක්‍රමනය කරලා තමයි මුලික් වැටුප වැඩි කරලා තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *