ජාතික,මහජන ආරක්ෂාවට මුවා වී STF මිනීමරුවන් රකින ඔත්තුගල

පොලිස් විශේෂ කාර්ය බලකාය සතු රහසිගත තොරතුරු හෙළි කළා යැයි සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්තුවා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විල්ගම මුදියන්සේලාගේ ධනුෂ්ක සමන් කුමාරව නොවැම්බර් 05 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නොවැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැහැදිලි චෝදනාවක් නැතිව සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තබා ගැනීම නොහැකි යැයි පවසා ඇති මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 11 වනදාට චෝදනා ඉදිරිපත් කිරීමට අසමත් වුවහොත් සැකකරු මුද්‍ර හරින බව ද රහස් පොලිසියට දන්වා ඇත.

සමන් කුමාර අත්අඩංගුවට ගැනිමත් සමග “ එස් .ටි.එෆ්. මෙහෙයුම් නවත්තන්න එස්.ටි.එෆ්.ඇතුළේ ඉදන්ම ගහපු දැවැන්ත පාවාදීමක සුළමුල “මැයෙන් නෙත් එෆ්.එම්. “බැලුම්ගල” නාලිකාව මගින් ඔහු ගැන හෙළි කළේය.

සමන් කුමාර 2014 ජනවාරි 10 වනදා පොලිස් විශේෂ කාර්ය බලකායට බැදෙන අතර 2019 යේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව අවුරුදු  04 හතරක් පමන සේවය කොට ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සමන් කුමාර කිලිනොච්චියට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරුට අනුයුක්තව සේවය කර ඇත.

සමන් කුමාර අත්අඩංගුවට ගන්නේ ඔක්තෝම්බර් 27 වනදා වන අතර ඔක්තෝම්බර් 29 වනදා කෑගල්ල රඹුක්කන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් ඔහුගේ ක‍ෑගල්ල පොල්හෙන ප්‍රදේශයේ භාගයට ඉදිකර ඇති නිවස පරික්ෂා කර ඇති බවත් පසුව සමන් කුමාරගේ මහ ගෙදර පිහිටි විල්ගම බෝගහ වත්ත ප්‍රදේශයට ගොස් ඇති එම නිලධාරීන් එම නිවස පරික්ෂා කර එහි තිබි විශේෂ කාර්ය බලකායට අයත් නිල ඇදුමක් පමනක් රැගෙන ගිය බව ඔහුගේ මව වන ආර්.බී. සෝමාවති (63) ලියුම්කරු එහි ගිය අවස්ථාවේ පැවසුවාය.

සමන් කුමාරගේ පියා විල්ගම මුදියන්සේලාගෙ පියදාස (68) වන අතර ඔහු පිරිමි දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු රැකියාවක් වශයෙන් කුලී වැඩ කරන අතර සමන් කුමාර එම පවුලේ පළමු දරුවාය. අනෙක් දරුවන් දෙදනාගෙන් එක් අයෙකු විදේශ ගතව සිටින අතර අනෙක් දරුවා ද මෙරට රැකියාවක් කරති.  සමන් කුමාර සමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්ව ඇති අතර කැළණි විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියක් හදාරමින් සිටින අතර වාරේ විශේෂ කාර්ය බලකායට බැදී ඇත. ඔහු අවිවාකයෙකි.

සමන් කුමාර අත්අඩංගුවට ගන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමග ඔහුට පැවති සම්බන්ධය උඩ නොව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ඉන්දික ප්‍රභාත්ගේ බිරිද සමග පැවති මිත්‍රත්වය මත එම ඝාතනයට ආදාළ තොරතුරු ඔහු විසින් එළියට දැමුවා ද යන සැකය මතය. සමන් කුමාර “ලංකා පාතාලය “ නමින් පවත්වාගෙන ගොස් ඇතැයි කියන මුහුණු පොත් පිටුව නිසා ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ඇතුළු නිලධාරීන්ගේ වෛරයට ඔහු පාත්‍ර වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ එම බලකායේ ප්‍රධානීන් මත යැපෙන බැලුම්ගල ඇතුළු ව්‍යාජ මාධ්‍ය ආයතන සහ එම ආයතන වල වැඩ කරන ඔත්තුකරුවන් විසින් සමන් කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ රහස් හෙළි කළා යැයි පැවසුවද ඔහු විසින් හෙළි කළ රහස් මොනවාදැයි ඔවුන් හෙළි කර නැතුවා පමනක් නොව රහස් යැයි කියා කෙබර ඇද බාති.

සමන් කුමාර රාජය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කරද්දී, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කටයුතු වල නිතර වී ඇත. මත්ද්‍රව්‍ය ජාවරම් සහ පාතාලය මැඩලීමේදී තොරතුරුකරුවන්ගේ තොරතුරු මත සිදු කරන මෙහෙයුම් වලට අමතරව එම ජාලා ඇතුලේ දිය වී පාතාල සමාජිකයින් ලෙස හැසිරෙම්න් සිදු කරන තොරතුරු රැස් කිරීම තවත් විධියකි. එම ජාලා වල ප්‍රධානීන්ගේ සිත් දිනා ගැනීම සදහා මිනීමැරීමට සහ මංකොල්ලා කෑම් වැනි සිද්ධි වලට පවා සහභාගි වු නිලධාරීන්ගේ අත්දැකිම් අප අසා ඇත.  පසු කළ එම ක්‍රියාකාරකම් එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට හෝ මඩ ගැසීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් ඔවුන් විසින්ම නඩත්තු කරන මා‍ධ්‍ය භාවිතා කරමින් සිදු කරන සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියා මහජනයා විසින් හෙළා දැකිය යුතුය.

හිටපු අමාත්‍යවරයෙකු වන වම්පික රණවක ගේ නයකත්වය යටතේ බිහි වු ජාතික හෙළ උරුමය පක්ෂයට ඇතුල් වු රාජය බුද්ධි අංශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙකු එම සංවිධානය විසින්  දෙමළ ජනයාට එරෙහිව ගොඩනැගු ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු වශයෙන් ද ඔහු  කටයුතු කර ඇත. මොහු ෂාරුක් කාන්ට බෝම් ගැසීමට සිද්ධයට, ක්‍රිස්තියානි පල්ලි වලට බෝම්බ ගැසීමට සහ සිංහල දෙමළ කලා උළෙලට පහර දීම සදහා සහභාගි  වු අයෙකු බව ද වාර්තාවේ . යහපාලන ආණ්ඩුව කාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවට චම්පික රණවක ජාතික ආරක්ෂක කමිටුවට සහභාගි වු අවස්ථාවේ මේ බව හෙළි වී ඇත. අප එම බුද්ධි නිලධරයාගේ නම හෙළි නොකරන්නේ එම පක්ෂයට හැර අන්අයට එහි වැදගත් කමක් නොමැති බැවින්ය.

සමන් කුමාර පාතාල සමාජිකයින්ට තර්ජනය කර මුදල් ඉල්ලුවා යැයි කියන හඩ පට සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබද සංවාද අඩංගු හඩ පට ඔහුගේ දුරකතනයේ තිබි ලබා ගත්තා ද? නැතිනම් එම හඩ පට සමන්ට එරෙහි ලබාදුන්නේ වැල්ලෙ සාරංග සහ බටුවත්තේ චාමරලාද? බටුවත්තේ චාමර සමන්ට පුද්ගලයෙකු මරන්නැයි කියයි. සමන්ට යකඩ කෑල්ලක් නැති බව පවසයි. අපේ පැත්තට එන්න ඔ්න තරම් යකඩ දෙන්නම් යැයි චාමර සමන්ට කියයි. චාමරගේ යකඩ ගැන සොයනවා වෙනුවට බැලුම්ගල සහ විශේෂ කාර්ය බලකාය සමන්ට එරෙහිව ඔහුව පාවිච්චි කර ඇත.

සමන් කුමාර පොලිස් විශේෂ බලකායේ සෙබලෙකු සිටියදී කළා යැයි චාමිකලා හෙළි කරන තොරතුරු සම්බන්ධයෙන් අපට විශ්වාසනීය භාවයක් නැතුවා පමනක් නොව ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකුව සිටිමින් පාලකයන් ආරක්ෂා කරමින් මහ ජනයාට එරෙහිව සිදු කළ කටයුතු සම්බන්ධයෙන් අපි පෙනී නොසිටින්නෙමු.

 වරුණ ජයසුන්දරලා සමන් කුමාරව දඩයම් කරන්න පටන් ගන්නේ ඉන්දික ප්‍රභාත් ගැන වැඩ සටහනක් කරමු යැයි ඔහු චාමිකට යෝජනා කිරීමෙන් අනතුරුවය. සමන් කුමාර චාමික සමග කතා කරන හඩ පටයේ පොලිස් පරික්ෂක කොළඹගේ සැග වී සිටින්නේ කොහේදැයි විමසා ඒ පිළිබද තොරතුරුක් බලා ගැනීමට උත්සහ කරයි. වාමික උත්සහ කරන්නේ සමන්ව කොටු කර ගැනීමටය නමුත් ඔහු කොටු ව් නැත. පොල් කාවයියා , අරු මු ගැන කියන ඔයාට අයි.පි.කොළඹගේ ඉන්න තැන සොය ගන්න බැරි ඇයි දැයි වාමික ඔහුව පහත් කර කතා කරයි. චාමික සමන් සමග කතා කළ සියලුම හඩ පට වරුණ ජයසුන්දරට ලබා දී  ඔහුව පාවා දී ඇත. එම හඩ පට ජයසුන්දරට ලබා දුන්නා පමනක් නොව බැලුම්ගල හරහා විකාශනය කිරීම මගින් මා‍ධ්‍ය ආචාර ධර්ම අමුඅමුවේ උල්ලංඝණය කර තිබේ.

සමන් කුමාර අත්අඩංගුවේ සිටියදී  ඔහුට එරෙහිව බැලුම්ගල ජයසුන්දරට පක්ෂව සහ  ඔහුගේ උවමනාවෙන් වෙනුවෙන් එකපාර්ශ්විය වැඩ සටහන සිදු කර ඇත. ප්‍රවෘත්තියක් පල කරද්දී ,එම ප්‍රවෘත්තීයට අදාළ අනෙක් පාර්ශවයේ අදහස් පිළිබදව විමසීම අනිවාර්ය වන අතර තොරතුරු සහ අවශ්‍ය ලියවිලි තිබුන ද එවා ඇත්ත යන්න විමසා ඊට අදාළව පාර්ශ්වයේ මතය ද පල කිරීම වඩාත් නිවැරැදී මාධ්‍ය භාවිතාවක් පෙන්නුම් කරන්නකි. බැලුම්ගල සමන්ගේ හඩ පට යැයි ඔහුගෙන් අසා තහවුරු කරගන්නේ නැතිව ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස පල නොකර විකාශනය කිරීම මාධ්‍ය ආචාර ධර්ම වලට මෙන්ම පවතින නීතියට පටහැනිය.

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය පොලිස් විශේෂ කාර්ය බලකාය පමනක් නොව පොලිසිය සහ පොදු ආරක්ෂක අංශ මහ ජනයාට එරෙහිව සිදු කරන අපරාධ මානව හිමිකම් කඩ කිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලීම සහ පාතාල කණ්ඩායම් වල උවමනාවන්ට කොන්ත්‍රාත් පදනමට සිදු කරන මිනිමැරුම් හෙළි කළේය . විශේෂයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය දෙක තුනට කැඩි පාතාල කණ්ඩායම් කොන්ත්‍රාත් කරන බව අපි හෙළි කළෙමු .ඒ වගේම  ඇඹිලිපිටියේ පොඩි ඉන්දික හෙවත් ප්‍රභාත් ඉන්දික ඝාතනය කළේ , පාතාල කොන්ත්‍රාතුවකට බවත් අපි හෙළි ක‌ළෙමු .

බැලුම්ගල සමන් කුමාරව කුරුසයේ තබා ඇණ ගසන්නට ගොස් පොලිස් විශේෂ කාර්ය බලකායේ පල්ල ගැලවි ගොස් ඇත. බැලුම්ගල සමන් කුමරා සම්බන්ධයෙන් කියන කතාව සත්‍ය නම් , සමන් කුමාර පමනක් නොව සමස්තයක් විධියට එම බලකායම වැටි ඇති තැන පෙන්නුම් කරන්නකි. අප විශේෂ කාර්ය බලකාය පිළිබද කළ හෙළි කිරීම සාකල්‍යයෙන්ම නිවැරැදි බව බැලුම්ගල විසින් තහවුරු කර තිබේ.

බැලුම්ගල පාතාල කණ්ඩායම් අතර පවතින ප්‍රතිවිරෝධතා පාවිචිචි කරමින්, තොරතුරු රැස් කරන ගමන් ඊනියා නීතියේ අධිපත්‍ය පිහිටු වන මුවවෙන් සහ පාතාල සමාජිකයින් ආරක්ෂ අංශ වලට හිලෑ කර දෙන කොන්ත්‍රාත්තුව භාර වී ඇත්තේ බැලුම්ගලටයි. අප බැලුම්ගල රාජය බුද්ධි සේවාවට අයත් හොරණැවක් බව අප පැවසුවේ ඒ නිසාය. බැලුම්ගල මෙන්ම චාමිකට එරෙහිව විවිධ චෝදනා එල්ල වී ඇත. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්නැයි අපි චාමිකලාගෙන් ඉල්ලන්නෙමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *