ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධවෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු !
රනිල් -රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුවා වී සිදු කරන්නන යන්නේ නිදහස් අධ්‍යාපනය නැමැති මිනි පෙට්ටියට ඇණ ගැසීමක් බව විශ්ව විද්‍යාල කථීකාචාරවරු ඊට එරෙහිව මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කරමින් ආ්වට සිය විරෝධය ඵල කරති . එම මාධ්‍ය නිවේදනය පහතින් ඵල වෙි .
අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙනන් දින වැඩි වන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබද සැක සංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොරබ දන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින්අධ්‍යාපනය සමාජමය දේපලක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට අර ඇදීම පිළිබඳව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු වශයෙන් අප සැලකිළිමත් වන්නෙමු.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අපකීර්තියට පත්කිරීමේ ව්‍යාපෘතිය සමඟ මෙම ප්‍රතිසංස්කරණ යෝජනා බැඳීපවතින බව අප පෙන්වාදෙන්නේ කෝපයෙන් යුත්වය. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වෙන්කරන අරමුදල් කප්පාදුකරන අතරේ සියළු විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීම ද රජය සිදුකරයි. බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාරවල නිමග්න වන බව පැවසෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයින් රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන් සේවා නියුක්තියට නොසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය ගැනීම කර සඳහා ප්‍රමාණවත් රැකියා වෙළඳපොලක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය . මේ ආඛ්‍යාන නිසා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව, ගත හැකි එකම ක්‍රියා මාර්ගය බවට ද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවති . එහෙත් මෙවැනි ප්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහි දී සාකච්ඡා නොවේ.
මෙහි නවතම යෝජිත ප්‍රතිසංස්කරණ වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාර අදහස් විමසීමකින් තොරවය, අදහස් විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක්‍රියාවලියකි. මෙමඟින් ප්‍රාථමික ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත් සමීප නිදහස් ප්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පාසල් අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ වෙනස්කම්ද යෝජනා කොට තිබුණත්, මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම් වලට අවධානය යොමු කිරීමයි.
ව්‍යුහය සහ ආණ්ඩුකරණය
මෙම යෝජනා වලට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍යය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක්අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර, එතුළ පෞද්ගලික අංශයට සැළකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප්‍රතිපත්ති රාමුව තුළ රාජය අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන් කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනට මත් හිගත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත්, ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීක අධ්‍යාපනයට ඇත්තෙන්ම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ ”රාජ්‍ය නොවන හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන්, විශේෂයෙන්ම පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින්” (පිටුව 28) උසස්ධ් අයාපනයෙහිලා පෞද්ගලික අංශයේ භූමිකාව ප්‍රසාරණය කිරීමයි.
තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය
වත්මනේ තෘතීයික අධ්‍යාපනය වෙත ප්‍රවිෂ්ටය ලබාගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අඩුබවට දුක්වන රජය (යෝජිත ප්‍රතිපත්ති රාමුවේ එය උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 8.9% ක ප්‍රමාණයක් බවට සාවද්‍ය ප්‍රරකාශයක්ද සිදු කරයි), 2022 වසරේදී අධ්‍යාපනයට වෙන්කොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක්පමණක් බව ලෝක බැංකු වාර්තා වලට අනුව පෙනේ. එය ලෝකයෙන්ම අධ්‍යාපනයට වෙන්කොට ඇති දෙවැනි අඩුම ප්‍රතිශතයයි. මෙම ආයෝජනය සඳහා රජයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට නැත. ඒවෙනුවට මෙම ප්‍රතිපත්ති රාමුව තුළ රජය යෝජනාකරන්නේ ”පවතින සම්පත්ත නැවත බෙදාහැරීම, රාජ්‍ය නොවන ක්‍රියාධරයින් සමඟ හවුල්කාරීත්වයන් තුළින් අමතර සම්පත් ලබා ගැනීම, සහ පෞද්ගලික පරිත්‍යාග වලින් සම්පත් ලබාගැනීම” (පිටුව 4) යන ක්‍රම ඔස්සේ එම ආයෝජන අවස්ථා සාධනය කර ගැනීමයි.
මෙම ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමය රජයේ විශ්වවිද්‍යාලවලවත්ම නෙහිපවතින ක්‍රම යසම්පූර්ණයෙන්ම පෙරලාදැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අරමුදල් තුන්ආකාරයකින් සම්පාදනය වනු ඇත: රජයෙන් ලැබෙන ප්‍රතිපාදන, පාඨමාලා ගාස්තු ආදිය තුළින් සිසුන් දක්වන දායකත්වය සහ විශ්වවිද්‍යාලයෙන් සම්පාදනය කරගන්නා අරමුදල් යන ඒවාය. තනිතනි පාඨමාලා සඳහා වෙන්වන අරමුදල් ප්‍රරමාණය තීරණයවනු ඇත්තේ ඒවාට බැඳෙන සිසුන්ගේ ප්‍රමාණය මතය. මෙම මාදිලිය තුළ රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ලටම සියපැවැත්ම සහ අරමුදල් සඳහා තරඟ වැදීමට සිදුවනු ඇත.
අධ්‍යාපනයට ප්‍රවේශය
ඓතිහාසිකව, ද්විතීයික හාතෘතීයික මට්ටමේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා විෂමතා අඩුවීම මෙන්ම දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවට ඉන්මිදීමේ මාර්ගයක් විවරවීම ද සිදුවිනි. මේ තුළින් මධ්‍යම පාන්තික බොහෝදෙනා ප්‍රයෝජන ලබා තිබේ. සමහර අධ්‍යයන පාඨමාලාවල පවත්වාගන්නා දිස්ත්‍රික්කෝටා මෙන්ම වෙනත් එවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට සංවේදී ප්‍රතිපත්ති නිසා ස්ත්‍රී-පුරුෂභාවය, පන්තිය, කුලය, ප්‍රාදේශීය අනන්‍යතාවය වැනි සාධක වල බලපෑමෙන් තෙරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනී මේහැකියාව සිසුන්ට ලැබී ඇත. එය රටේ සමාජ යුක්තිය ප්‍රවර්ධනයෙහිලා ඉතා වැදගත් භුමිකාවක් ඉටුකරයි. නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පැවැත්ම සදහා නිදහස්ද අධ්‍යාපනය වැදගත් වන්නේ එමගින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෘත්තිකයන් අඩු මිලකට නිර්මාණය කරන හෙයිනි.
සිය අරමුදල්ස්වයංව සම්පාදනය කරගැනී මනව ප්‍රතිපත්තියට අනුව විශ්වවිද්‍යා වල වගකීමක් බවට පත්වන නිසා, යම්දෙන ලද අවස්ථාවක විශ්වවිද්‍යාලයක් මඟින් ලබා දෙන පාඨමාලා එම මොහොතේ වඩාත්ම ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වනු ඇත. ඒවාට ඇදී එන සිසුන්ද නාගරික ඉහළ මධ්‍යම පාන්තික සිසුන් වනු ඇත්තේ, රැකියා වෙළඳපොල තුළ වැඩිවාසියක් ඇති ඹවුනට විශ්වවිද්‍යාල වලට බඳවාගැනීම් වලදී වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇති නිසාය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිසම විසින් විදෙස් සිසු ආකර්ෂණය කරගැනීම සඳහා වීසා බල පත්‍රයක් නිකුත් කිරීමත්, උපාධිය ලබාගැනීමෙන් පසු ලංකාව තුළ රැකියා අවස්ථා සම්පාදනය කිරීමත් අරමුණු කිරීම තුළ මෙම ගැටළුව තවදුරටත් තීීීව්‍ර වනු ඇති බව පෙනීයයි (පිටුව 26).
විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සමාජවිෂමතා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට, ඒ සඳහා රජයේදායකත්වය එන්නඑන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම්වල තේරුම වන්නේ කාලයක් යන විට ධනවත් පවුල් වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒතුළින්, පවතින සමාජ අසමානතා තවදුරටත් තීව්‍රවේ.
මෙවැනි ප්‍රතිපත්තියකින් දැවැන්ත ප්‍රතිවිපාක ඇති වේ. අප දන්නා නිදහස් අධ්‍යාපනය වියැකී යනු ඇත. අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය අහිමි වූවිට සමාජයේ ආන්තික කණ්ඩායම් වලට ප්‍රගමනය සඳහා පවතින ස්වල්පයක් මාර්ග වලින් එකක්ද වැසී යනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුවෙන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික, දැනටමත් වෙනත් විකල්ප කණ්ඩායම් වලට බලපෑමක් නොවෙි . සමාජ ස්ථායිතාව වෙනුවෙන් කරදර වන පිරිස, නිදහස් අධ්‍යාපනය වියැකී යන්නට හැරීමෙන් ඇතිවන දැවැන්ත අස්ථාවරත්වය අවබෝධ කර ගත යුතුය.
යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අප තදින් විරුද්ධ විය යුතු අතර, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවටඅඅවධාරණය ද කළ යුතුවේ.
අත්සන්කළේ:
- A. K. David, formerly Univ. of Peradeniya
- A. M. Navaratna Bandara, formerly Univ. of Peradeniya
- Ahilan Kadirgamar, Univ. of Jaffna
- Anurudda Karunarathna, Univ. of Peradeniya
- Anuruddha Pradeep Karnasuriya, Univ. of Sri Jayewardenepura
- Anushka Kahandagama, formerly Univ. of Colombo
- Arjuna Parakrama, Emeritus Professor, Univ. of Peradeniya
- Aruni Samarakoon, Univ. of Ruhuna
- Athulasiri Samarakoon, Open University of Sri Lanka
- Asha L. Abeyasekera, formerly Univ. of Colombo
- Avanka Fernando, Univ. of Colombo
- Ayomi I. Irugalbandara, Open University of Sri Lanka
- B. D. R. Prasantha, Univ. of Peradeniya
- B. M. H. S. K. Banneheka, Univ. of Peradeniya
- Barana Jayawardana, Univ. of Peradeniya
- Bhathiya Rathnayake, Univ. of Peradeniya
- Chamathka Devasirie Kariyawasam, Univ. of Peradeniya
- Camena Guneratne, Open University of Sri Lanka
- Chamika A. Silva, Univ. of Peradeniya
- Chammika Mallawaarachchi, Univ. of Visual and Performing Arts
- Charudaththe B. Illangasinghe, Univ. of Visual & Performing Arts
- Chathurika Munasinghe, Univ. of Peradeniya
- Chinthaka Chandrakumara, Univ. of Colombo
- Chrishantha Abeysena, Univ of Kelaniya
- Crystal Baines, formerly Univ. of Colombo
- Dayapala Thiranagama, formerly Univ. of Kelaniya
- Dewmini Amunugama, Univ. of Peradeniya
- Dhamma Dissanayake, Univ.of Colombo
- Dhanuka Bandara, Univ. of Peradeniya
- Dileepa Witharana, Open University of Sri Lanka
- Dilrukshi Abeysinghe, Univ.of Colombo
- Dilmi Tharaka, Univ. of Peradeniya
- Dimagi Pitawala, formerly Univ. of Peradeniya
- Dinuka Wijetunga, Univ.of Colombo
- Erandika de Silva, formerly Univ. of Jaffna
- A. Janarth, Eastern University, Sri Lanka
- F. M. Nawastheen, Open University of Sri Lanka
- Farzana Haniffa, Univ. of Colombo
- Fazeeha Azmi, Univ. of Peradeniya
- G. D. U. P. K. Gamage, Univ. of Peradeniya
- Gameela Samarasinghe, Univ. of Colombo
- Gananath Obeyesekere, formerly Univ. of Peradeniya
- Ganganee Chandima Samaraweera, Univ. of Ruhuna
- Gayani Nawarathna, Univ. of Peradeniya
- Gayatri Wijekoon, Univ. of Colombo.
- Geethika Dharmasinghe, Univ. of Colombo
- Gihan de Chickera, formerly Univ. of Colombo
- H. Sriyananda, Emeritus Professor, Open University of Sri Lanka
- Harshana Rambukwella, formerly Open University of Sri Lanka
- Hasini Lecamwasam, Univ. of Peradeniya
- Hasintha Wijesekara, Sabaragamuwa Univ. of Sri Lanka
- Hasitha Pathirana, Univ. of Kelaniya
- Hiniduma Sunil Senevi, Sabaragamuwa Univ. of Sri Lanka
- Ishafa Illiyas, Univ. of Peradeniya
- J. Prince Jeyadevan, Univ. of Jaffna
- Jayadeva Uyangoda, Emeritus Professor, Univ. of Colombo.
- Jennifer Edama, Univ. of Peradeniya
- Jinasena Hewage, formerly Univ. of Ruhuna
- K. K. G. Randula, Univ. of Colombo
- K. M. S. Wimalasiri, Univ. of Peradeniya
- Kalpa Rajapaksha, Univ. of Peradeniya
- Kamal Wasala, Univ. of Moratuwa
- Kamani Sylva, Univ. of Peradeniya
- Kanchuka Dharmasiri, Univ. of Peradeniya
- Kasun Gajasinghe, formerly Univ. of Peradeniya
- Kaushalya Ariyarathne, Univ. of Colombo
- Kaushalya Perera, Univ. of Colombo
- Kethakie Nagahawatte, Univ. of Colombo
- Krishantha Fedricks, Univ. of Colombo
- Krishmi Apsara, Univ. of Peradeniya
- Kumudu Kusum Kumara, formerly Univ. of Colombo
- Lahiruka Madhuwanthi, Univ. of Peradeniya
- Liyanage Amarakeerthi, Univ. of Peradeniya
- M. A. Nuhman, formerly Univ. of Peradeniya
- M. M. Alikhan, Univ. of Peradeniya
- Madhara Karunarathne, Univ. of Peradeniya
- Madhubhashini Disanayaka Ratnayake, Univ. of Sri Jayewardenepura
- Maduranga Kalugampitiya, Univ. of Peradeniya
- Madushani Randeniya, Univ. of Peradeniya
- Mahendran Thiruvarangan, Univ. of Jaffna
- Mahim Mendis, Open University of Sri Lanka
- Manoj Alawathukotuwa, Univ. of Peradeniya
- Ven. Muthukeliyawe Indarathana, Univ. of Peradeniya
- N. Gafoordeen, Univ.of Colombo
- Nadeesh de Silva, Open University. of Sri Lanka
- Neavis Morais, Open University. of Sri Lanka.
- N. G. A. Karunathilaka, Univ. of Kelaniya
- Nicola Perera, Univ. of Colombo
- Nira Wickramasinghe, formerly Univ. of Colombo
- Nirmal Ranjith Dewasiri, Univ. of Colombo
- Nishani Jayaweera, Univ. of Peradeniya
- P. Iyngaran, Univ. of Jaffna
- Paba Suraweera, Univ. of Peradeniya
- Pamuditha Herath, formerly Univ. of Peradeniya
- Pavithra Ekanayake, Univ. of Peradeniya
- Pavithra Jayawardena, Univ. of Colombo
- Prabhath Jayasinghe, Univ. of Colombo
- Pradeep Peiris, Univ. of Colombo
- Priyantha Fonseka, Univ. of Peradeniya
- R. T. Gamalath, Univ. of Peradeniya
- R. Angammana, Univ. of Peradeniya
- Rajan Hoole, formerly Univ. of Jaffna
- Rajitha Ranasinghe, Univ. of Peradeniya
- Ramanie Jayatilaka, formerly Univ. of Colombo
- Ramesh Ramasamy, Univ. of Peradeniya
- Ramila Usoof, Univ. of Peradeniya
- Ramya Kumar, Univ. of Jaffna
- Ranjini Obeyesekere, formerly Univ. of Peradeniya
- Rohan Laksiri, Univ. of Ruhuna
- Ruhanie Perera, Univ. of Colombo
- Rumala Morel, Univ. of Peradeniya
- Rupika Rajakaruna, Univ. of Peradeniya
- Ruth Surenthiraraj, Univ. of Colombo
- S. Sivasegaram, formerly Univ. of Peradeniya
- S. Arivalzahan, Univ. of Jaffna
- Sachini Marasinghe, Univ. of Peradeniya
- Sahani Situbandara, Univ. of Peradeniya
- Samal Vimukthi Hemachandra, Univ. of Colombo
- Saman Dharmakeerthi, Univ. of Peradeniya
- Saman Pushpakumara, Univ. of Peradeniya
- Samudrika Sylva, Univ. of Colombo
- Sandaruwan Subasinghe, Univ. of Peradeniya
- Sarala Emmanuel, Open University of Sri Lanka
- Sarath Witharana, Univ. of Kelaniya
- Sasanka Perera, formerly Univ. of Colombo
- Sasinindu Patabendige, formerly Univ. of Jaffna
- Saumya Liyanage, Univ. of Visual and Performing Arts
- Savitri Goonsekere, Emeritus Professor, Univ. of Colombo
- Savitri Kumar, Emeritus Professor, Univ. of Peradeniya
- Seetha Bandara, Univ. of Kelaniya
- Selvaraj Vishvika, Univ. of Peradeniya
- Shalini Wijerathna, Univ of Peradeniya
- Shamala Kumar, Univ. of Peradeniya
- Shanil Wijesinha, Univ. of Colombo
- Shashikala Assella, Univ. of Kelaniya
- Shirley L. Wijesinghe, Univ. of Kelaniya
- Shyamani Hettiarachchi, Univ. of Kelaniya
- Siri Hettige, Emeritus Professor, Univ. of Colombo
- Sirima Gajameragedara, formerly Rajarata Univ. of Sri Lanka
- Sithumini Rathnamalala, Univ. of Moratuwa
- Sivamohan Sumathy, Univ. of Peradeniya
- Sudesh Mantillake, Univ. of Peradeniya
- Supoorna Kulatunga, Univ. of Peradeniya
- T. Sanathanan, Univ. of Jaffna
- Tasneem Hamead, Univ. of Colombo
- Thiru Kandiah, formerly Univ. of Peradeniya
- Udari Abeyasinghe, Univ. of Peradeniya
- Ven. Uduhawara Ananada, Univ. of Colombo
- Unnathi Samaraweera, Univ. of Colombo
- Upul Abeyrathne, Univ. of Peradeniya
- Uwin Ariyarathna, Univ. of Peradeniya
- Varuni Ganepola, formerly Univ. of Colombo
- Vasanthi Thevanesam, Emeritus Professor, Univ. of Peradeniya
- Vihanga Perera, Univ. of Peradeniya
- Vijaya Kumar, Emeritus Professor, Univ. of Peradeniya
- Visakesa Chandrasekaram, Univ. of Colombo
- Vivimarie Vanderpoorten, Open University of Sri Lanka
- Warshi S. Dandeniya, Univ. of Peradeniya
- W. D. N. S. M. Tennakoon, Wayamba Univ. of Sri Lanka
- Wijith Rohan Fernando, Univ. of Kelaniya.
- W. M. M. P. Hulugalla, Univ. of Peradeniya
- W. M. T. P. Ariyaratne, Univ. of Peradeniya
- W. T. L. S. Fernando, Sabaragamuwa Univ. of Sri Lanka
- Yasas Kulasekara, Univ. of Peradeniya
- Yushani Alahakoon, Univ.of Peradeniya