ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව කම්කරුවෝ පාරට බසිති
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදනෙකු කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ “බේන්ජී” ඇගලුම් කර්මාන්ත ශාලාවේ පාලනනාධිකාරීයට බලපෑම් කළා යැයි එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් එම මන්ත්‍රීවරු දෙදනා පැමිණි වාහන හරස් කරමින් විරෝධය පා ඇත.
මන්ත්‍රීවරු එහි පැමින ඇත්තේ බේන්ජී ඇගලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ අවස්ථාව ඔවුන්ට දෙන්නැයි එහි පාලනාධිකාරීයට බලපෑම් කිරීමට බව සේවකයෝ පවසති.
ආයතනයේ ප්‍රවාහන පහසුකම් අවිධිමත් බවට පැමිනි ලැබි ඇති බැවින් ඒ ගැන සොයා බැලීම සදහා මන්ත්‍රීවරු එම ආයතනයට පැමිනි බව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරද්දී , පැවසූ බව සේවකයෝ පවසති.
මන්ත්‍රීවරුන්ගේ වාහන හරස් කළ බේන්ජී ආයතනයේ සේවකයෝ ද පසුගිය මැතිවරණයේදී ජන්දය දුන්නේ ජාතික ජන බලවේයටයට යැයි පැවසු බවත් වාර්තාවේ.
ජායා රූපය සී නිව්ස් වෙබ් අඩවියෙන්.