ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ  සභාපති සේවකයෙකුගේ කණ පලයි

ශාන්ත විජේසුරිය විසිනි.

ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ සභාපති දර්ශන අබේරත්න තමන්ගේ කුපාඩි වැඩ හෙළි කරතැයි සැකකර, එම ආයතනයට අයත් නුගේගොඩ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කණට පාරදීම නිසා ඔහු රෝහල් ගත වී නේවාසිකව ප්‍රතිකාර ලබයි .

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ජතික ප්‍රවාහන වෛද්‍යාතනයේ නුගේගොඩ ප්‍රධාන ශාඛා කාර්යාලයේ ‌කාර්යාල සහායයෙකු ලෙස සේවය කරන ජනිත් චතුරංගය .

සභාපතිවරයා තමන්ට පහර දුන්නැයි චතුරංග බදුරලිය පොලිසියේ CIB 342 /342 අංකය යට‌තේ පැමිණිල්ලක් දමා ‌‌ඇත.

චතුරංගව මුලින් බදුරලියේ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඒතැනින් ඔහුව නාගොඩ රෝහලට මාරු කර යවා ඇත. චතුරංග මේ වන විටත් නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි .

සභාපතිවරයා ඔහුට පහර දී ඇත්තේ දෙසැම්බර් 30 වනදා වන අතර එදින බදුරලිය කුකුළේගම (LAYA LIESURE) හි පැවැති නායකත්ව පුහුණු වැඩසටහනක් තිබි ඇත . එම වැඩ සටහන නිම වි චතුරංග ‌නිවස බලා යෑමට සුදානම් වෙද්දී , එහි අධ්‍යක්ෂකවරයෙක් සභාපතිතුමා ගොස් හමුවෙන්නැයි දැනුම් දී ඇත. පසුව චතුරංග සභාපතිවරයා හමුවීමට ගිය අවස්ථාවේ ඔහුගේ කමිසයෙන් ඇද කණට පහර දී ඇත .

චතුරංගට එරෙහිව සභාපති අබේරත්නට කේළම් කියා , උසිගන්වා ඒවා ඇත්තේ ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ නුගේගොඩ කාර්යාලයේ වවුනියා ශාඛාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කාන්තාවක් බව එම ආයතනයේ සේවකයෝ පවසති .

චතුරංග තමන්ට සභාපති අබේරත්න පහර දුන්නැයි බදුරලිය පොලිසියේ පැමිණිල්ල දමා ඇත්තේ දෙසැම්බර් 30 වෙනිදාය . නමුත් මේ වනතෙක් සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් ,පොලිසිය ඔහුලගේ කටඋත්තරයක් පවා මේ සම්බන්ධයෙන් අරගෙන නැතැයි “ලොකු එකාට එක නීතියක්ව පොඩි කාට තවත්යෝ නීතියක් යැයි” සේවකයෝ සිය කනස්සල්ල ඵල කළහ .

මුළු රටම ආර්ථීක වශයෙන් කඩාවැටි බංකොලොත් වි ඇති මොහොතක ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න යටතේ පවතින ජාතික ප්‍රවාහන ‌වෛද්‍යාතනනය නායකත්ව වැඩමුළු සදහා ලක්ෂ හතලිහක පමණ මුදලක් වැය කර කැම වලට අමතර සියලුම සේවකයින් හට මත්පැන් ද ලබා දී තිබේ .

චතුරංගට පහර දීමේ සිද්ධිය රාජ්‍ය ඇමතිවරයාට සේවකයින් විසින් දැනුම් දී බවත් ඔහු විසින් සභාපතිවරයා බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ .

“මම දවල් පහලට ගියේ නංගි හමුවෙන්න . මම නංගි හමුවෙලා උඩට යන කොට වවුනියා ශෘඛාවේ වැඩ බලන ප්‍රධානි දේශානි නිලංකා මිස් මගෙන් ඇහුව්වා උඹ ආවේ අපේ ඔත්තු බලන්න ද කියලා . මම කිවිවා නංගි බලන්න ගියා කියලා . මම උඹ ගැන බලා ගන්නම් කියලා නිලංකා මිස් මට තර්ජනය කළා . .මම ඊට පස්සේ ක්‍රීඩාංගණය පැත්තට ගියා . උත්සවය ඉවර වෙලා මම ගෙදර යන්න හදන කොට සභාපතිතුමා මට කතා කළා කියලා අධ්‍යක්ෂක සර් කිව්වා . පස්සේ මම සභාපතිතුමාගේ ගියා . මම යන කොට සභාපතිතුමා හෝටලයේ හිටියේ නැහැ . මම සභාපතිතුමා එනකම් බලාගෙන හිටියා . සභාපතිතුමා ආපු ගමන් මගේ කමිසයෙන් අල්ලාගෙන මගේ කණට පහර දුන්නා . මට හිතාගන්න බැරි වුණා . මගේ කණට ගහලා ඇයි උඹ පහලට ගියේ කියලා සභාපතිතුමා තමන්ගෙන් ඇසු බව චතුරංග ලංකා ස්කයි නිව්ස් සමග පැවැසීය .

සභාපති දර්ශන අබේරත්න .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයගේ අදහස් දැනගැනීම සදහා ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය ඔහුගෛ් දුරකතනයට කතා කළ ද සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි විය .

පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (02) වෛද්‍යාතනයේ සේවකයෝ මධ්‍යය හමුවක් තබා මහජනයාට සහ රටේ ප්‍රධානියා දැනුවත් කිරීමට කටයුත් කළ ද පොලිසීය මෙන්ම මාධ්‍යය ද පාලකයින් ආරක්ෂා කිරීම නිසා ප්‍රධාන මාධ්‍යයේ ‍‍‍එම ප්‍රවෘක්කීය විකාශනය හිතාමතා වරණය කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *