ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ සභාපතිගේ කුපාඩි වැඩ වලට විරුද්ධ වු සේවකයන්ගෙන් පලි ගනී

ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ සභාපති දර්ශන අබේරත්නගේ කුපාඩි වැඩ හෙළි කළා යැයි පොදු ප්‍රගතිශීලි පෙරමුණ (පොහොට්ටුවේ ) සභාපති ටි.ඒ . ප්‍රසන්නව ගම්පහට ස්ථාන මාරු කර ජි.පී. ප්‍රභාත්ගේ ගේඩ තහනම් කර ඇත.  

පොහොට්ටුවේ සභාපති ප්‍රසන්නව ස්ථානමාරු කර ,ප්‍රභාත්ගේ වැඩ තහනම් කිරිමට හේතු වී ඇත්තේ නුගේගොඩ වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ සභාපති දර්ශන අබේරත්න එම කාර්යාලයේ කාර්යාල සහායකුගේ ලෙස සේවය කළ ජනිත් චතුරංගට පහරද‍ිම සම්බන්ධයෙන් විරෝධය ඵල කිරිමයි.

චතුරංග පහරදීම සම්බන්ධයෙන් සභාපතිවරයාට එරෙහිව බදුරලිය පොලිසියේ CIB 342/342 අංකය යටතේ පැමිණිල්ලක් දමා රෝහල්ගත විය .

පොලිස් පැමිණිලි පිටපත සහ ‌රෝහල් වාර්තාව

සභාපතිවරයා ඔහුට පහර දී ඇත්තේ දෙසැම්බර් 30 දාය . එදින බදුරලිය කුකුලේගම ‍‍‍‍‍‍‍‍‍‍‍( LAYA LIESURE) හි පැවති නායකත්ව පුහුණු වැඩමුළුවක් තිබි ඇති අතර එම වැඩමුළුව අවසන් වි නිවස බලා යෑමට සුදානම් වෙද්දි එම ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු චතුරංගට සභාපති මුණගැසෙන්නැයි දන්නවා ඇත . පසුව ඔහු සභාපතිවරයා හමුවෙන්ට ගිය අවස්ථාවේ සභාපතිවරයා චතුරංගගේ කමිසයෙන් ඇද කණට පහර දී ඇත.

සභාපතිවරයා චතුරංගට පහර දි ඇත්තේ නුගේගොඩ කාර්යාලයේ වවුනියාව ශාඛාවේ ප්‍රධානියා ලෙස සේවය කරන කාන්තාවක් දර්ශන අබේරත්නට කේළම් කීම නිසා බවත් සභාපතිවරයාට එම කාන්තාව සමග අනියම් සම්බන්ධතායක් පවතින බව එම ආයතනයේ සේවකයෝ චෝදනා කරති .

චතුරංග ඔහු වෙනුවෙන් කතා කළ සේවකයන් පවා දී සභාපතිවරයා ඉදිරියේ දෙම්ව්පියන් සමග ගොස් දණින් වැටි ඇති අතර පසුව පොලිස් පැමිණිල්ලද ඉල්ලා අස් කර ගෙන ඇත. සභාපතිවරයා චතුරංගගේ සිද්ධියේදී ඉදිරියෙන් කටයුතු කළ ප්‍රසන්නගෙන් සහ ප්‍රභාත්ගෙන් පලි ගැනීමක් වශයෙන් ප්‍රසන්නව ගම්පහට ස්ථාන මාරුවක් ලබා දී ප්‍රභාත්ගේ වැඩ තහනම් කර ඇත.

ප්‍රභාත්ගේ වැඩ තහනම් කර ඇත්තේ 2023 සිදු වුවා යැයි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙනි . ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ඔ්ඩර්ලිවරයෙකු ලෙස එම ආයතනය අනුයුක්තව සේවය කරමින් ඇස් පෙන්නේ නැති අයට වෛද්‍ය සහතිකය ලබා ගැන‍ිමට සහාය දැක්විම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. පසුව වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ එවකට හිටපු එවකට හිටපු සභාපති වෛද්‍ය ෂවේන්ද්‍ර ගමගේ  ප්‍රභාත්ට එරෙහිව ගෙන යන විනය පරික්ෂණය නවතා දමා අක්‍රමිකතා වැළැක්විම සදහා තාක්ෂණික උපකරණ සවිකර ඇත.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වත්මන් සභාපතිවරයා එම ආයතනයේ සේවකයෙකුට පහරදිමත් සමග ඊට එරෙහිව වු  ප්‍රභාත්ගෙන් පලිගැනිම සදහා හිටපු සභාපති ආචාර්ය ෂවේන්ද්‍ර ගමගේ අනවශ්‍ය ලෙස මුදල් වැය වෙනවා යැයි නතර කර දැමු විනය පරික්ෂණය යළිත් ඉස්මත්තට ගෙන ඔහුගේ වැඩ තහනම් කර ඇත. මේ වන විට ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වේ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පොදු ප්‍රගතිශීලි පෙරමුණේ සභාපති ප්‍රසන්න නුගේගොඩ කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියදී සභාපතිවරයාගේ කුපාඩි වැඩ වලට එරෙහි විම නිසා ගම්පහට මාරු කර යවා ඇත. ඔහු බිරිද හා දරුවන් සමග පදිංචි වී සිටින්නේ නුගේගොඩය .ප්‍රසන්න දින පතා නුගේගොඩ සිට ගම්පහට යෑමට සිදු වි ඇත.

 ප්‍රභාත් ඔහුට සිදු ආසාධාරණය පිළිබදව සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර යවන ලද ලිපියේ පිටපත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රවාහන හා මහමාර්ග ඇමති බන්දු ගුණවර්ධන යන අයට යොමු කර ඇත.

“මාව ගම්පහට මාරු කරන්නේ සභාපතිතුමා චතුරංගට කළ පහර දීම ගැන ප්‍රසිද්දියේ කතා කළ නිසා බව” පොදුජන ප්‍රගතිශි පෙරමුණෛ් සභාපති ප්‍රසන්න අප ඔහුගෙන් කළ විමසුමකදි පැවසීය

අපි ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ සභාපතිට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළ ද නොහැකි විය. පසුව එම ආයතනයේ සභාපති දර්ශන අබේරත්න අප වෙත දුරකතනයෙන් කතා කර ඔහුට එල්ල කර ඇති ‌චෝදනා ප්‍රතික්ෂේප කරන බව අප සමග පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *