ජා.ප්‍ර වෛද්‍ය ආයතනය ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා

ජා.ප්‍ර වෛද්‍ය ආයතනය ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා

රත්නපුර ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් අවස්ථා තුනකදී දකුණු ඇස සම්පුර්ණයෙන් පෙනෙන්නේ නැතැයි  වෛද්‍ය වාර්තාවක් නිකුත් කර ඇති කාන්තාවකට එම ආයතනයට අයත් වේරහැර වෛද්‍ය ආයතනය මගින් ඇස් වල කිසිදු ආබාධයක් නැතැයි වෛද්‍ය වාර්තාවක් සකස් කර දී තිබේ.

එම වෛදය වාර්තාව නිකුත් කර ඇත්තේ වේරහැර DHC තොරතුරු පද්ධතියට එම කාන්තාවගේ ඇස් වල කිසිදු ආබාධයක් නැතැයි සාවද්‍ය තොරතුරු ඇතුළත් කරමින්ය.

වෛද්‍ය වාර්තාව නිකුත් කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචි හෙට්ටිආරච්චිගේ ජීවන්ති කුමාරි නැමති කාන්තාව සදහාය.

කුමාරි රත්නපුර වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ මගින්  2018 ඔක්තෝම්බර් 26 , 2019 ඔක්තෝම්බර් 17 සහ 2020 ජුනි 13 වනදා පැවැත් වු ඇස් පරික්ෂණ වල දී දකුණු ඇස පෙනෙන්නේ නැතැයි අසමත් වී ඇති බවත්  ඒ අනුව 2020 ජුනි 13 වනදා  එක් වාහන කාණ්ඩයක් (සැල්ලු වාහන) පමනක්  වෛද්‍යවරු ඇයට නිර්දේශ කර ඇති බවත් ඇය පදවන මෝටර් රථය , මෝටර් රථ දෙපාර්මේන්තුවේ ගෙනැවිත් එම දෙපාර්මේන්තුවේ නිලධාරීන්ගේ ඉදිරිපිට ඔවුන් නියම කරන පැති කණ්නාඩි ප්‍රමානය සවි කළ යුතුය.

 ඇයට යතුරු පැදි ,ත්‍රිරෝද රථ සහ වෑන් පදවන්නේ නම් එම වාහන ( non commercial without Modification ) සැහැල්ලු වාහන කණ්ඩයට අයත් වෙනස් කරන ලද වානිජ නොවන වාහන පමනක් එළවන්න පුළුවන් බව වෛද්‍ය වාර්තාවේ සදහන් වෙනවා .

 කුමාරි නැමති කාන්තාවගේ ඇස් වල දෝෂයක් මදක් පෙනෙන සේ වෛද්‍ය වාර්තාව වෙනස් කර ඇති බවත් 2025 පෙබරවාරි 11 වන වේරහැර තොරතුරු පද්ධතියට දත්ත ඇතුළත් කර ඇති බවත් 2019 ඔක්තෝම්බර් 17 දකුණු ඇස 6/nil ලෙසත් සහ වම් ඇස 6/9 ලෙසත් සටහන්ව තිබු අතර 2025 පෙබරවාරි 06 වනදා  නැවතත් දකුණු ඇස 6/36 ලෙසත් වම් ඇස 6/9 ලෙසත් දත්ත වෙනස් කර ඇත.

එක ඇසක් පමනක් පෙනෙන අයෙකු වාහන පදවද්දී පිට අය වාහනයේ දමා ගෙන යෑම තහනම්ය.

ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ දත්ත ගබඩා කරන ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නුගේගොඩය. එම මධ්‍යස්ථානයට අමතරව රත්නපුර වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් පද්ධතියට දත්ත ඇතුළත් කිරිම වෙනස් කිරිම් කරනු ලබන අතර ඒ සදහා ප්‍රවේශය(Access) එම ආයතනයේ හිමිව ඇත්තේ එම ආයතයේ ප්‍රධානී මිලිකා උදානී ඉරේෂා රණසිංහටය. ගම්පහ එම ප්‍රවේශය ලබා දී ඇත්තේ සුභාටය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන තොරතුරු විශ්ලේෂක ලෙස කටයුතු කරන්නේ වික්‍රමසිංහ ආරච්චිගේ ප්‍රියන්ත ප්‍රේමලාල්ය වික්‍රමසිංහ විසින්ය. ඔහු ජාකිත ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම්ය . මිලිකා උදානී  ඉරේෂා රණසිංහ එම සංගමයේ සභාපති වේ. වේරහැර තොරතුරු පද්ධතිය හසුරවන්නේ ස්වාධීන සේවක සංගමයේ  විධායක කම්ටු සමාජිකයෙකු වන විජේසුරියආරච්චිගේ ලහිරු  සම්පත් නැමත්තාය.

මෙම තොරතුරු පද්ධතිය සකස් කළේ අල්ලස් දී ව්‍යාජ සහ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර රියදුරු බලපත්‍ර ලබා ගැනීම වැළැක්වීමටය.  නමුත් එම තොරතුරු ගබඩා කරන සහ විලේෂණය කරන නිලධාරීන් අල්ලසට හෝ හිතවත්කම් වලට අක්‍රමිකතා සිදු කරමින් තාක්ෂණය අවභාවිතා කර ඇත. මොහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ලංකා ස්කයි වෙබ් අඩවිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනියගෙන් ඉල්ලන්නෙමු.

මෙම තොරතුරු පද්ධතිය සකස් කළේ අල්ලස් දී ව්‍යාජ සහ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර රියදුරු බලපත්‍ර ලබා ගැනීම වැළැක්වීමටය.  නමුත් එම තොරතුරු ගබඩා කරන සහ විලේෂණය කරන නිලධාරීන් අල්ලසට හෝ හිතවත්කම් වලට අක්‍රමිකතා සිදු කරමින් තාක්ෂණය අවභාවිතා කර ඇත.

මාතලේ කාර්ය භාර්ය නිලධාරීයා විසින් 2023 ජුලි 12 වනදා DHC පද්ධතියේ තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ අධ්‍යක්ෂකවරයාට ( මුල්‍ය හා පරිපාලන) ලිඛිතව දැනුවත් කර තිබියදීත් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ( එම ලිපියේ මෙහි පල වේ)

එම DHS තොරතුරු පද්ධතිය නිර්මානය කර ඇත්තේ තොරතුරු විශ්ලේෂක ප්‍රේමලාල් වික්‍රමසිංහ වන බවත් ඔහු විසින් එය පවත්වගෙන යන්නේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දේපල හැටියට නොව ප්‍රේමලාල් වික්‍රමසිංහගේ පෞද්ගලික දේපලක් ලෙස බව එම ආයතනයේ සේවකයෝ පවසති. මේ අනුව ඔවුන්ට එරෙහිව වන අයෙකුගේ සහ මුදල් මත ඔ්නැම අයෙකුගේ ඩි.එච්.එස් පද්ධතියේ ඇතුලත් තොරතුරු මකා දැමිමේ හැකියාවක් මොහුන් සතුව ඇත. මෙය බරපතළ තත්වයකි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වගකිව යුතු නිලධාරියෙකුගේ අධික්ෂණය යටතේ දත්ත ඇතුළත් කිරිම සිදු විය යුතුය.

මෙය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනියෙගේ අවධානය පිණිසයි.

ජා.ප්‍ර වෛද්‍ය ආයතනය ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා
ජා.ප්‍ර වෛද්‍ය ආයතනය ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා
ජා.ප්‍ර වෛද්‍ය ආයතනය ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා
ජා.ප්‍ර වෛද්‍ය ආයතනය ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *