ජා.ප්‍ර. වෛ. ආයතනයේ සභාපතිනිය හොරුන් සමග දඩයමේ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සිදු කෙරෙන දුෂණ වංචා වලට ආදළ තොරුතරු ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය වෙත ලබා දුන්නැයි එම ආයතනයට අයත් වේරහැර ශාඛාවේ වෛද්‍ය ඔිඩර්ලිවරයෙකු ලෙස රාජකාරී කළ ආර් .වී. කලන්සුරියගේ වැඩ තහනම් කළ බව දන්වා එම ආයතනයේ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාවිභුෂණගේ අත්සනින් යුතුව අද (17) ලිපයක් නිකුත් කර ඇත.
“ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඇස් පෙන්නේ නැති අයටත් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වෛද්‍ය වාර්තා නිකුත් කරලා” යන මැයෙන් ලංකා ස්කයි නිව්ස් වෙබ් පල වු ලිපියට තොරතුරු ලබා දුන්නැයි සැකකර කලන්සුරියගේ වැඩ තහනම් කර තිබේ.
අසත්‍ය තොරතුරු පල කිරීමට හෝ ඒ සදහා ආධාර අනුබල දීම සදහා කූට ලේඛන සැකසීමට කටයුතු කරමින් මෙම ආයතනයේ එච් .ඒ .පි . කුමාරි නැමති සේවාලාභියා අපකීර්තියට පත්වන අයුරින් ක්‍රියාකර ඇති බවට මුලිික සිදු කළ සොයා බැලිමේදී කරුනු අනාවරණය වී ඇති බැවින් , එම සිද්ධිය පිළිබද ඉදිරි විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා පහත කොන්දේසී වලට යටත්ව වහාම වැඩ තහනම් කරන බව එම ලිපියේ සදහන් කර ඇත.
එහි ජෝක්ම කොන්දේශීය කලන්සුරිය පුද්ගලික කටයුත්තක් සදහා වුවද විදේශ ගත විමට අවශ්‍ය නම් ඒ සදහා මගේ (සභාපතිනියගේ) පුර්ව අනුමැතිය ලබා ගත යුතු යන්නයි. විමර්ශන සිදු කරන තෙක් වැඩ තහනම් කර කලන්සුරියගේ වැටුප් ද අත්හිටුවා තිබේ. ඒ වැනි තත්වයක් ඇතුලේ ඔහු ජිවිතයට ආදළව නියෝග නිකුත් කරන්නට සභාපතිනියට අයිතිය දුන්නේ කවුද? සභාපතිනිය හැසිරෙන්නේ අධිකරණ විනිසුරුවරයෙකු ලෙසින්ය.
ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය අසත්‍ය පල කර ඇති බව එම ලිපියේ සභාපතිනිය සදහන් කර ඇත. සභාපතිනිය පලමුව කළ යුත්තේ ඒ. පී .කුමාරිගේ දකුණු ඇස පෙනනවාදැයි රජයේ ඇස් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර අප පල කර තිබෙන වෙනස් කළා යැයි කියන ආයතනයෙන් ලබා ගත් තොරතුරු සමග සංසදනය කිරීමයි. දෙවනුව මාතලේ කාර්ය භාර්ය නිලධාරීයා විසින් පී.එච්.සී. තොරතුරු පද්ධතිය වෙනස් කර ඇතැයි අධ්‍යක්ෂක ( මුල්‍ය හා පරිපාලන ) ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නුගේගොඩට යවන ලද ලිපිය ව්‍යාජ එකාක් නම් වහාම එය හෙළි කරන්නැයි අපි සභාපතිනියට අභියෝග කරන්නේමු.
සභාපතිනිය අප හෙළිදරව් කර තිබෙන තොරතුරු සත්‍ය නැද්ද යන්න විමර්ශනය කර සොයා බලා කටයුතු කරනවා වෙනුවට හොරුන්ගේ උවමනාවන් අනුව සභාපතිනිය කටයුතු කරන බව එම ආයතනයේ සේවකයෝ පවසති.
ජාතික ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණ එකාබද්ධ ආණ්ඩුවක් පිහිටු විමේ මුලික් සටන් පාඨය වුයේ වංචා දුෂණයන් ගෙන් තොර රටක් යන තේමාවයි. නමුත් මේ වතෙක් අල්ලපු දුෂිතයෙකු නැත .ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපතිනි ජාතික ජන බල ආණ්ඩුවේ දේශපාලන පත්විමකි. සභාපතිනිය හොරු අල්ලන්ට ඇවිත් හොරු සමග එකතු වී දුෂණ හා වංචා පෙන්වා දෙන සේවකයන්ට එරෙහිව දඩයම් කිරීම ආරම්බ කොට ඇත.
ස්වාධීක සේවක සංගමය යනු ජාතික ප්‍රවාහන වෛද්‍ය සේවක සංගමය කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් නොව ධනපති ආණ්ඩු වලට මෙන්ම ජා.ප්‍ර. වෛද්‍ය ආයතනයේ නිලධාරීට කඩේ යන කම්කරුවන් පාවා දෙන හොරිකඩ සංවිධානයකි. ධනපති ගැති ව්‍යාජ වෘත්තීය සමිති තක්කඩි රැළ හෙළිදරව් කර පන්නා දැමීමට කටයුුුතු කරන්නැයි අපි ජා.ප්‍ර.වෛද්‍ය ආයතනයේ සේවකයන්ගෙන් ඉල්ලන්නේමු.

