කැස්බෑව පොලිසිය මාධ්‍යවේදි ශාන්ත විජේසුරියගේ නිවස වටලා අත්පත්‍රිකා සහ පෝස්ටර් අත්අඩංගුවට ගනී

අරුණ ඉන්දික

ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදි ශාන්ත විජේසුරියගේ නිවසට අද (24) සවස 5 ට පමණ කඩා වැදුණු කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති රංජන් සමරසිංහ ඇතුළු නිලධාරීන් 07 දෙනෙකු පමණ පිරිසක් එම නිවස පරික්ෂා කර එහි තිබු “යුක්තිය මෙහෙයුම නම්න් පීඩිත තරුණයන්ව ඇතුළු මහජනයාට ඒරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භිෂණය පරාජය කරනු !” යනුවෙන් සදහන් අත්පත්‍රිකාව සහ ඊනියා යුක්තිය මෙහෙයුමට එරෙහිව පෙබරවාරි 27 ිසවස 4ට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ්‍ය මහජනයාට දැනුම් දීම සදහා මුද්‍රණය කර තිබු පෝස්ටරය අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇත.

මාධ්‍යවෙිදී විජේසුරිය නිවසට ඇතුල් වී එම නිවස පරික්ෂා කිරීම සදහා කැස්බෑව අධිකරණය මගින් නඩු අංක 29983 /2024 යටතේ නිකුත් කරන ලද සෝදීසි වරෙන්තුවක් කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා Tඔහුට පෙන්නා එම පරික්ෂාව සිදු කර ඇත

නිවස පරික්ෂා කළ පොලිස් නිළධාරීන් එහි තිබු අත්පත්‍රිකා සහ පෝසටර් අත්අඩංගුවට ‘රගෙන ගිය බව විජේසුරිය පවසයි . 2024 /02 /24 සිට 2024 /02/ 26 වන දින දක්වා කාලය තුළ මාධ්‍යවේදි විජේසුරියගේ නිවසට ඇතුල් සෝදිසි කිරීමට අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර අවසර ලබා දී තිබේ .දණ්ඩ නීති සංග්‍රහයේ 484 සහ 485 යන වගන්ති යටතේ එම අවසරය ලබා දී ඇත.

මෙම අත්පත්‍රිකාව මගින් පොලිසිය සහ යුක්තියේ මෙහෙයුම බරපතළ ලෙස විවේචනය කර ඇති බවත් මහජනයා තුළ පොලිසිය සහ යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් විරෝධයක් නිර්මානය කිරීමට කොළඹ ක්‍රියාකාරී කමිටුව උත්සහ ගෙන ඇතැයි කැස්බෑව පොලිස් ස්ථානාධිපති සමරසිංහ මාධ්‍යවේදී විජේසුරියට චෝදනා කරන තිබිණ .

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඊනියා යුක්තිය මෙහෙයුම නම්න් සිදු කරන්නේ කම්කරු පීඩිත මහජනයා බිය ගන්වා තබා ගැනිමේ මෙහෙුමක් බවත් වික්‍රමසිංහගේ ආණුඩුවට පමණක් නොව ලෝක පරිමානව ධනපති රටවලට කම්කරු -ඵීඩිත ජනතාවගේ අතිමුලික ප්‍රශ්න පවා විසදීමට පවා අසමත් තත්වයන් ඇතුලේ මේවැනි ‌ඊනියා මෙහෙයුම් ‌ලෝක පරිමානව කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව දියත් වන බවත් මහජනයාට එරෙහිව දියත් වන මේ වැනි මෙහෙයුම් වල පංති අරමුණු මහජනයාට කියා දීම සහ ඔවුන් ආරක්ෂා කිරීම කම්කරු -පීඩිත මහජනයා මත පදනම් වු කොළඹ ක්‍රියාකාරී කමිටුවේ දේශපාලන වගකිමක් බවත් ධනපති පොලිසිය මහජනයට එරෙහිව සිදු කරන අපරාධ හෙළි කිරිම සහ ඊට එරෙහිව මහජනයා බලමුළු ගැන්වීම අපේ දේශපාලනය බව මාධ්‍යවේදී විජේසුරිය ස්ථානාධිපතිට පිළිතුරු වශයෛන් ලබා දී ඇත.

ඊනියා යුක්තිය මෙහෙයුම නම්න් සිදු කරන මෙහෙයුම කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව දියත් වන මෙහෙයුමක් බව හෙළිදරව් කරමින් කොළඹ ක්‍රියාකිරී කම්ටුවේ සහෝදරවරු සහ සහෝදරියන් අද (24) උදේ පිළියන්දලදී අත්පත්‍රිකා දහසක් පමණ බෙද්‍රහරිිනලදි . පිළියන්දල මහජනයාගේ විශාල සහයෝගයක් ඊට ලැබිණ . අත්පත්‍රිකා බෙදමින් සිටි කොළඹ ක්‍රියාකාරී කමිටුවේ විධායක් කමිටු සමාජිකයෙකු වන පිටදුව ගමගේ පුණ්‍යවර්ධන සහෝදරයාව පිළියන්දල පොලිසියේ නිළධාරීන් විසින් ත්‍රිරෝද රථයක දමාගෙන පැහැරගෙන ගොස් තිබුණි . මහජනයා ඒ පිළිබදිව අපව දැනුවත් කිරීමෙන් පසු පිළියන්දල පොලිසියට අපි ගියෙමු . ඒ වන විටත් ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ එහි පැමිණ සිටි අතර ඔහු පිළියන්දල ස්ථානාධිපතිවරයාගේ කාමරයට පුණ්‍යවර්ධන සහෝදරයා කැදවා ප්‍රශ්න කරමින් සිටියේය . . සහකාර පොලිස් අධිකාරීවරයා ඔහු ඉදිරිපිට විනීතව ගරුසරු ඇතිව හැසිරෙන්නැයි පුණ්‍යවර්ධන සහෝදරයාට තර්ජනය කළ බව ඔහු අප සමග පැවැසීය .

කැස්බෑව පොලිසියට එරෙහිව සිදු කරන කිසිදු චෝදනාවක් ඹප්පු කළ නොහැකි බව පැවසා ඇති සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් නිලධාරීව තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසු බව පුණ්‍යවර්ධණ අප සමග කිය .

පුණ්‍යවර්ධන සහෝදරයා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ධිවරයෙකි . සහකාර පොලිස් අධිකාරීවරයා පුණ්‍යවර්ධන සහෝදරයාගේ රැකියාව විමසා ඔහු ධීවරයෙකු යැයි පැවසු පසු රට ඇතුට කුඩු සහ අයිස් වැනි මත්‍ද්‍රව්‍ය රැගෙන එන්නේ හලාවත ප්‍රදේශයේ ධිවරයෝ යැයි චෝදනා කර ඇත. ප්‍රශ්න කිරිමෙන් අනතුරුව පැයතට ආසන්න කාලයක් රස්තියාදු කර කටඋත්තරයක් ලබාගෙන පසුව මුද්‍රහැර තිබුණි .

පුණ්‍යවර්ධන සහෝදරයා අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ නිවස වටලා අත්පත්‍රීකා හා පොස්ටර් අත්අඩංගුවට ගැනීමෙන් ඊනියා යුක්තියට මෙහෙයුමට මුවා වී ආණ්ඩුව දු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමත් රාජ්‍ය ත්‍රස්තවාදය මුද්‍රහැරීමකි .

ඊනියා යුක්තියේ මෙහෙයුමට එරෙහිව ‌කොළඹ ක්‍රියාකාරී කම්ටුව දියත් කර ඇති මහජනයා දැනුවත් කිරීමේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සදහා අණ්ඩුව පොලිසිය යොදා ගනිමින් නින්දිත උත්සහයක නිරතව සිටි . ඊනියා යුත්තියේ මෙහෙයුමට එරෙහිව පෙබරවාරි 27 වනදා කැස්බෑව මංසන්දියෙදී පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගි වන ‌ලෙස සියලුම පාඨකයන්ගෙන් ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවිය ඉල්ලා සිටිමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *