ටිරාන් අලස්ගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ! සමසමාජ පුවත්පත

අපරාධකරුවන් සොයා සිදුකරන මෙහෙයුම්වලදි ඔවුන් මෙල්ල කිරීමට ගින අවි භාවිතා කරන්න බිය නොවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසිය අමතා සිදු කළ ප්‍රකාශය මෙරට මානව අයිතිවාසිකම් සංවිධාන, නීතිඥ සංගම් සහ කම්කරු -පීඩිත මහජනයාගේ විරෝධයට හේතු වි‍ ඇත.

අපරාධකරුවන්ට වෙඩි තබන්නැයි මහජන අරක්‍ෂක අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් ගෙන් කළ ඉල්ලීම එම විරෝ‍‍‍‍‍‍ධතාවයට හේතු වි ඇති අතර අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කර ඇත්තේ ,කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් යතුරු පැදි පාඨමාලාව හදාරා විසිර යන පොලිස් නිලධාරීන්ගේ අචාර්‍ය පෙලපාලියේ ප්‍රධාන ආරා‍ධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින්ය .

පොලිසිය මගින් යම් මෙහෙයුමක් කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් වැරැදිකරුවෙකු වන තෙක් සැකකරුවෙකු පමණක් බවත් නිර්දෝෂීභාවයේ පුර්ව නිගමනය අනුව අපරාධකරුවෙකු ද නැද්ද යන්න තිරණය කරන්නේ අධිකරණ ක්‍රියාවලායකින් පසුව බවත් ඒවැනි නෛතික ක්‍රියාවලියක් ඇති රටක කිසියම් සිද්ධියකට ආදාළව අත්අඩංගුවට පත්වන කිසිම පුද්ගලයෙකුට දඩුවම් දීමට බලයක් අධිකරණයට හැර පොලිසියට හෝ වෙන කිසිම පුද්ගලයෙකුට නොමැති බවත් එය සම්පුර්ණයෙන්ම රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන මානව අයිතිවාසිකම් සුරැකීමේ සහ නීතිඥ සංවිධාන වත්මන් ආණ්ඩුවේ වගකිවයුතු විෂය ක්ෂත්‍රයක කැබිනට් අමාත්‍යවරයෙකුගේ එම ප්‍රකාශය ආණ්ඩුව ගමන් කරමින් සිටින දිසාව පෙන්නුම් කරන්නක් බවත් අවධාරණය කරති .

සමසමාජ පුවත්පතෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *