තමන්ට අපහාස කළා යැයි අ.ප.දෙ. හිටපු අධ්‍යක්ෂක ශානී අබේසේකර හිටපු ‌පොලිස්පති ඇතුළු නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක් අයකර දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලයි

අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා අත්අඩංගුවට ‌ගෙන අධ්කරණය පවා නොමග යවයමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වය කළ හානිය වෙනුවෙන් හිටපු පොලිස්පති ඇතුළු නිලධාරීන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා ‌අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ හිටපු අද්‍යක්ෂක ශානී අබේසේකර ඊයේ (24) කොළඹ දිිිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය .

නීතිඥ මංජුල බාලසුරිය මාර්ගයෙන් ශානී අබේසේකර එම පෙත්සම ගොනුකර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂක අබේසේකර ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න ,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් , කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් පරික්ෂක නේවිල් සිල්වා සහ එම අපරාධ කොට්ඨාශයේ පොලිස් පරික්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර ඇත .

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට ආදළව සිදු කළ විමර්ශන වලදී සොයාගෙන ගත් ගිනි අවි සම්බන්ධයෙන් පසු අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් වෙනම විමර්ශනයක් පැවැත් වු බව සදහන් කරන අබේසේකර එම පරික්ෂණය ද්වේෂ සහගතව පලිගැනීමේ චේතනාවෙන් සිදු කර කොළඹ අපරාධ කොට්ඨාශයමගින් තම් එරෙහිව ආදාළ පරික්ෂණ සිදු කර ඇතැයි අබේසේකර එම පෙත්සමේ සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *