තරුණයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට දැන් චුන්, අධිකරණයේදී මේවා අපරාධ කියලා ඉතා පහසුවෙන් ඔප්පු කළ හැකියි – නීතිඥ සේනක පෙරේරා

කොටහේන සහ ග්‍රැන්ඩ්පාස් යන පොලිසි මගින් මාගම්පුර දී අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්ට යැයි කාකා දුපතට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතන කරන ලද විජය කුමාර් ප්‍රගාස් නිර්මානන්දන් සහ අශෝක ලක්මාල් ආයුධ පෙන්නන්ට රැගෙන ගියේ SC FR 2008 /398 නඩුවේ මාර්ගෝපදේශ අනුව දැයි ප්‍රශ්න කරමින්,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව අද (28) පෙරවරුවේ පොලිස්පතිවරයාට ලිපියක් බාර දුන්නේය .
ප්‍රගාස් නිර්මානන්දන් සහ අශෝක ලක්මාල් අත්අඩංගුවට ගෙන වෙඩි මරා දමන ලද්දේ කොටහේන විදීය ජංගම දුරකතන අලෙවි සැලක හිමිකරුවෙකු වු ශෂි කුමාර් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිටය.
කොටහේන සිද්ධියේදී ශ්‍රේඨාධිකරණය මගින් අනුමත කරන මාර්ගෝපදේශයන් පැත්තකට දමා කටයුතු කර ඇතැයි චෝදනා කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පොලිසිය ශ්‍රේඨාධිකරණ මාර්ගෝපදේශ නොතකා කටයුතු කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇතැයි පොලිස්පතිවරයාට භාර දෙන ලද ලිපියේ සදහන් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශයන්ට අනුව කොළඹ දිස්ත්‍රික් භාර සහකාර අධිකාරිවරයා දැනුවතඊට අවශ්‍ය උපදෙස් ලබා ගත්තාද? පොලිසිය සැකකරුවන් ආයුධ පෙන්වීමට රැගෙන යද්දී, ඔවුන්ගේ අත්වලට මංජු දමා තිබුනාද? එකි ආයුධ පෙන්විමේ මෙහෙයුම විඩියෝගත කිරීම සිදු කළාද? යන මාර්ගෝපදේශ අනුව පොලිස්පතිවරයා කටයුතු කළා යන්න මහජනයාට පැහැදිලි කළ යුතු බවත් පොලිස් නිලධාරීන් තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් පියවර ගත්තේ නම් ගත යුත්තේ මාර්ගෝපදේශ පිළිපැදිමෙන් පසුව බවත් පසුගිය ආණ්ඩු යටතේ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසිය විසින් අත්තනෝමතිකය ඝාතනය කළ අයුරු අප දැක ඇතැයි එම ලිපයේ සදහන් කර තිබේ.
මෙම අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා , සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල්, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහ නීතිඥ අචලා සෙනෙවිරත්න යන අය සහභාගි වුහ.

පොලිස් මුලස්ථානයට ලිපිය භාර දිමෙන් අනතුව නීතිඥ සේනක පෙරේරා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
පසුගිය 21 වන දා කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටියදී ආයුද පෙන්වන්නට ගිහිල්ලා සැකකරුවන් දෙදනෙක් ඝාතනය විම ගැන ප්‍රශ්න කරන්න තමයි අපි පොලිස්වේ මුලස්ථානයට ආවේ .පොලිසිය තුළ පසුගිය කාළේ මේ විධියට ආයුධ පෙන්වන්නට ගිහිල්ලා ආයුධයකින් දමලා ගහන්න හැදුවා කියලා පුද්ගලයන් මරා දාපු රගපෑම් අප දකින්නට ලැබුණා. ඒවැනි ආකාරයේ සිද්ධියක් තමයි කොටහේන සිද්ධියත්.අත්අඩංගුවට ගත් පුද්ගලයෝ දෙදනෙක් මේ විධියට අරගෙන ගිහිල්ලා පොලිස් නිලධාරීන්ගේ අත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තිබිබා කියලා තමයි පොලිස්පතිවරයා කිවිවේ .අප මෙතැනදි කරුණු ගණනාවත් මතක් වෙනවා. මේ රටේ නීතියක් තියෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසකිම් තියේනවා .අපරාධ නඩු විධාන සංග්‍රහයේ මිනිසුන්ගේ අයිතිවාසිකම් තියෙනවා ,වධ හංසා පනත යටතේ අයිතිවාසිකම් තියේනවා .ඊට වඩා වැදගත්ම අවස්ථාව තමයි මේ වැනි අවස්ථාවල පොලිසය කටයුතු කරන්න ඔ්නේ කොහොමද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරලා තියේනවා .398 /2008 කියන නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මෙි වැනි අවස්ථාවක කටයුතු කරන්න ඔ්නේ කොහොමද කියලා .ඒ මාරගෝපදේශ වල කරුනු කිපයක් පොලිස්පතිවරයාට භාරදුන් ලිපයේ සදහන් කළා. මේ සිද්ධියේදී අපි පොලිස්පතිගෙන් අහලා තියේනවා සැකකරුවන් ආයුධ පෙන්වන්න යන අවස්ථාව විඩියෝ කරලා තියෙනවා ද කියලා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අධික්ෂණය යටතේ සිදු වුනා ද කියලා ඇහුව්වා. ඒ වගේ මේ පුද්ගලයන් ආයුධ පෙන්වන්න අරගෙන ගියේ මංචුලා ද කියලා . පොලිසිය මේ අනුව කටයුතු කරලා නැත්නම් අධිකරණයටත් අපහාසයක් කරලා තියෙන්නේ .මේ රටේ නීතියත් අමු අමුවේ බිදලා තියෙනවා පොලිසයට බැහැ පුද්ගලයන්ට දඩුවම් දෙන්න.පුද්ගලයන්ට දඩුවම් දෙන්න පුළුවන් මේ අධිකරණ පද්ධතියට පමනයි . අපි බලාපෛාරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් පොලිස්පති තුමගේ පැහැදිලි ප්‍රතිචාරයක්. හෙට කිව යුතුයි මේ රටේ පොලිස් අත්අඩංගුවට පතවන අයගේ ජිවිත සුරක්ෂිත කරනවා කියලා.අන්න ඒ පොරොන්දුව ගන්න තමයි අපි ආවේ. පසුගිය කළේ අහුන්ගල්ලේ ඉන්දික ප්‍රභාත් කියන පුද්ගලයා අත්අඩංගුවට අරගෙන ඔය විධියට ආයුධ සොයන්න කියලා අරගෙන ගිහිල්ලා පොලිසියට වෙඩි තබන්න හැදුවා තියලා මරලා දැම්මා. පොලිසිය තමන්ගේ විත්තිවාචිකය ඉදිරිපත් කළා අත්මාරක්ෂාවට වෙඩ තැබුවා කියලා . බලපිටිය මහේස්ත්‍රාත් තීන්දු කළා එක ආත්මාරක්ෂාව සදහ සිදු වු ඝාතනයක් නොව චෙිතාන්විතව සිදු කළ ගාතනයක් කියලා. මේ කටයුතු සම්බන්ධයෙන් පොලිසියට දැන් චුන් ඇති හැබැයි අධිකරණයේදී මේවා අපරාධ කියලා තහවුරු කරන්න ඉතාමත් ලෙසියි.