ත්‍රස්තවාදී වැළැක්විමේ පනත ඔබට ගැටළුවක් වුනාට රටේ නීතිටය පටහැනි නැහැ -වැඩ බලන පොලිස්පති

ත්‍රස්තවාදී වැළැක්විමේ පනත තවමත් ක්‍රියාත්මක වන බවත් ත්‍රස්තවාදී නීතිය තවමත් අවලංගු වෙලා නැති අතර පවතින නීතියක් යොදාගෙන අපරාධ විමර්ශනයක් කිරීම ඔබතුමා ගැටළුවක් ඇති නමුත් පවතින නීතිය අනුව ගැටළුවක් නැති බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසයි.
නීතියේ ප්‍රතිපාදන පුද්ගලික ආරක්ෂාව සදහා පාවිච්චි කිරීම සදහා අයිතියක් ඇති බවත් එය ඔබටත් පොලිස් නිලධාරියෙකුට ඊට වැඩිය වගවිමක් සහ වගකිමක් තිබෙන බවත් පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න දැන් තියෙන නීතියක් යොදාගෙන කටයුතු කිරීම විමර්ශනයක් මිසක් අපි එය බැහැර කරන්නේ නැති බව වැඩ බලන පොලිස්පති වීරසුරිය පැවසීය.
වැඩ බලන පොලිස්පතිවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (22) පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්න දෙකකට පිළිතරු දෙමින්ය. එම මාධ්‍ය හමුවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පපති රවි සෙනවිරත්න සහ ආරක්ෂක අමාත්‍යංශයඩ බලන පොලිස්පතිවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (22) පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක සහභාගිවෙන්ය. එම මාධ්‍ය හමුවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පපති රවි සෙනවිරත්න සහ ආරක්ෂක අමාත්‍යංශය ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් තුයියා කොන්තා ද සහභාගි වී සිටියහ.
මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්න
ගනේමුල්ල සංජිව ඝාතනයේ සැකකරුව රදවාගෙන ප්‍රශ්න කරන්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ . මේක නීතිය අවභාවිතා කිරීමක් . මේක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළිමක්නේද?
කොටහේනේදී පුද්ගලයෙකුට වෙඩි තියේනවා . එක අපරාධයක් වගෙුම අනුමත කරන්න බැහැ . මම පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී ප්‍රකාශ කළා මේ ආයුද පෙන්වන්න කියා පුද්ගලයෝ අරගෙන ගිහිල්ලා මැරුවේ නැහැ කියලා .මම එහෙම කිව්වේ ගනේමුල්ලෙ සංජිව ඝාතන කුමන්ත්‍රණය ගැන සැක පවතිද්දී. ඊයේ කොටහේනේදී මහජනයා විසින් අල්ලා දුන් තරුණයන් දෙදනෙක් මරලා දමලා . පසු ගිය ආණ්ඩුව කළෙත් මෙහෙම තමා, දේශබන්දුලා ඊනියා යුක්තියේ මෙහෙයුම කියලා මොනවාද කළේ බල්ලෝ බළල්ලු වගේ තරුණයන්ව මර දැම්මා . මේ ආණුඩවේ මහජනයා ගෙන අභිලාෂාය එකද? අපි කියන්නේ ධණපති නීතියක් තායේනවා අපරාධකරුවන් යැයි කියන අය නීතිය හමුවට පනුවන්න කියලා. ගනේමුල්ල සංජිව ඝාතනය කළා කියන සැතකරු නීතිය හමුවට පැමිනුවේ ඒ වගේ නීතිය මගින් දඩුවම් කරන්න කියලා. පරැණි දේශපාලනයට දෝෂාරෝපණය කරනවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා මාවත් පැහැර ගන්න හැදුවා . මම අනුනමයෙන් ජිවිතය බේරගත්ත කෙනෙක්. අපි එක දන්නවා . එක උත්තරය ප්‍රජාතන්ත්‍ර විරෝධීව අනෛනීතික කටයුතු කිරීම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ අපරාධ නීතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කළ යුත්තේ. ඊයේ කොටහෙනේදී වු සිද්ධි්ධි තරයේ හෙළා දකිනවා. මේ ආණ්ඩුව ප්‍රජාතන්‍ත්‍රවාදී ගමනක් යමින්නේ ද සිටින්නේ ?
පොලිස්පතිතුමා දැන් ඒස් යු එෆ් ආර්.398 /2008 කියන මුලික අයිතිවාසිකම් නඩුවට ආදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන එළියට අරලෙන යනවා නම් විඩියෝ කළ යුතු යැයි නියෝගයක් දිලි තියේනවා ඒවිඩියෝ එක ඒභ තුමා දැන් එළියට දානවාද දැන් ?
එම නඩු තීන්දුවේ තියේනවා සහකාර පෙලිස් අධිකාරීවරයෙකු දැනුවත් කරළා ගෙනියන්න ඔ්නේ කියලා ඒ විදියට ගෙනිච්චේ මෙහි තියෙන විදියට උපදේශනය පිළිපැද්දා නම් සැකකාරයන්ට ආයුධ පැහැර ගන්න වෙන්නේ නැහැ. මේ උදේශනය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? ඔබතුමාත් ලේකම්තුමාත් කිව්වා විදේශ රටවලින් විශේෂ සහයෝගයක් ලැබෙනවා කියලා. සැකකාරයෝ ලංකාවට ගෙන්න. සැකකාරයෝ ලංකාවට ගෙන සැකකරුවන්ගේ ආරක්ෂාව ගැන සහතික වෙන්නේ නැහැ කියලා පණිවිඩයක් ගියහොත් UN ක මාර්තු මාසයේ මොනවගේ තත්වයක් ඇතිවේද?
ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතිනවා. ඊයේ රැ සිද්ධියක් ඇති වුණා ඒ ගැන කලින් කිසිම දේයක් කියන්න බැහැ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් – අපේ ආණ්ඩුවට යටතේ එවැනි දේවල් වෙන්නේ නැහැ . පසුගිය ආණ්ඩු යටතේ සිදු වෙලා තියෙනවා. ආයුධ එළියට දෙන අනෛතික වැඩ සිද්ධ වෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩු කරලා තියෙන දේවල් කරලා තියෙන දේවල් කියන්න වෙනවා. පසුගිය ආණ්ඩු පැවති වකවානුවේ පාතාලය හොදට පෝෂණය වෙලා තියෙනවා.
මාධ්‍යවේදී විජේසුරිය ආරක්ෂ අමාත්‍යංශ ලේකම්ට පිළිතුරු දෙමින්
ආණ්ඩුවට බලයට ගෙනාවේ දේශපාන ආර්ථික ප්‍රශ්න ඒය කියන සමාජීය ප්‍රශ්න විසදන්නනේ . පැරනි දේශපාලනය දෝස් කියන ගමන් ඒ සංස්කෘතියම පාතාලය මර්දනය කිරීම සදහා යොදා ගන්නවා . කොටහෙනේදී අල්ලා ගත් තරුණයන්ට පහර දෙනවා මුහුණු අඹරලා අරගෙන පොලිස් නිධාරින් ඔවුන්ගේ පින්තරු ගන්නවා .ගනේමුල්ල සංජිව වෙඩි තියලා සාක්කි කුඩවේ වැටිලා ඉන්නවා . වෙඩි තිබිබ හැටි කතා කරනවා . ඔහු රෝහලට රැගෙන යන්නේ නැහැ . මෙනතරම් අමානුෂිකද? රජයක් විදියට මිට විඩා මානුෂික විධියට සැලකිය යුතුයිනේද? පොලිස්පතිතුමා කිවිවා ත්‍රස්තවාදය වැළැක්විිි පනත ඔබතුමට ගැටළුවක් වෙන්න පුළුන්න කිවිවා . ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක වන හැටි අපි අත්දැකලා තියෙන්වා . ත්‍රස්තවාදී පනත මට පමනක් පෞද්ගලිකව බලපාන ප්‍රශ්නයක් නොවේ. එක මුළු සමාජයට බලපාන දේයක්. ඔනෑම කෙනෙක් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්.