තුවක්කුව උදුරා ගැනීමට තැත් කළේ එක සැකකරුවෙක් අනෙක් සැකකරුවා මිය ගියේ කොහොමද?

කොළඹ කොටහේන ප්‍රදේශයේ දුරකතන අලෙවි සැලක පුද්ගලයෙකුට වෙඩි තබා පලා යෑමට උත්සහ කරද්දී ,සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය තරුණයන් දෙදනාව පසුව ආයුධ පෙන්වන්නට යැයි රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම තරුණයන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ , පෙබරවාරි 20 වනදා රාත්‍රියේ වන අතර පොලිසිය ඔවුන්ව වෙඩි තබා ඝාතනය කරන්නේ 21 වනදා අළුයමය.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකු අත තිබු ගිනි අවියක් උදුරගෙන වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ ආත්මාරක්ෂාව සදහා එම නිලධාරිය සැකකරුවන්ට වෙඩි තැබු බව පවසයි.
එම තරුණයන් දෙදනා වෙඩි තබා පලා යෑමට උත්සහ කරද්දී , මහජනයා විසිිින් ඔවුන්ව අල්ලා ලණු වලින් ගැට ගසා පොලිසියට බාර දී ඇතැයි ද වාර්තාවේ.
පොලිස්ය විසින් මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කොළඹ මෝදර ප්‍රදේශයේ සහ මාඩපාත ජඹුරලිය ප්‍රදේශයේ තරුණයන් දෙදනෙකි.
මෙම දුරකතන අලෙවි සැලේ ශාෂි කමාර් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය සදහන් කරන්නේ මඩපාත පදිංචි ජේ .කේ. අශෝක ලක්මාල් වන අතර ඔහුගේ වයස අවුරුදු 31 කි. මොහු යුද හමුදාවේ කාලතුවක්කු බලකායට අනුයුක්තව සේවය කොට ඇති අතර පසුව සේවයට වාරතා කොට නැත . හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලයේ හමුදා සේවයේ නියුක්තව සිට සේවය අතහැර ගිය අය සදහා පිරිනැමු සමාව කාලය යටතේ කිත්‍යානුකුල ලක්මාල් හමුදා සේවයෙන් ඉවත් වී තිබේ.

පොලිසිය වෙඩි තබා ඝාතනය කරන ලද අශෝක ලක්මාල් (මඩපාත)
ඔහු අවිවාකයෙක් වන රැකියාවක් කුලී වැඩ කර ඇති අතර මත්ද්‍රව්‍ය වලට ද ඇබ්බැහි වී සිටි ඇත.
කොටහේන පොලිසිය එම තරුණයන් දෙදනා වෙඩි තබා ඝාතනය කර පසුව ග්‍රෑන්පාස් පොලිසියට බාරදුන් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරියෙකු ඥාතීන්ට පවසා තිබිණ.
ලක්මාල්ගේ උරහිසට තැබු වෙඩි උණ්ඩය ඔහුගේ අක්මාව කඩාගෙන ශරීර අභ්‍යන්තරයට ගමන් කොට ඇති බව වාර්තාවේ.
මොහුගේ අවසන් කටයුතු හෙට (24) සිදු කිරීමට නියමිතය.