දකුණු ආසියාව පෙරටු කරගත් විප්ලවිය පෙරමුණක් හදමු !

ආසියා කොමියුනය

වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි.  එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක්නිසාදයත්  ශ්‍රි  ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.  

එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා කරන්නාවූ වෙනස ඇති වුව හොත් හෝ ඇති නොවු ව හොත් දකුණු ආසියානු කලාපය කේන්ද්‍ර කොට ගෙන ඒකාබද්ධ විප්ලවීය පෙරමුනක්, කලාපීය පක්ෂයක් නිර්මාණය කිරීමට එම ඉදිරිගාමි ජනතාවට සිදු වනු ඇත.

මෙම වෙනස සිදු කිරීමට යන ජනයාට විවේචන ඉදිරිපත් කිරිම හෝ බරසාර මතවාදයන්ගෙන් ප්‍රහාර එල්ල කිරීමෙන් දැන් කිසිදු ප්‍රයෝජනයක් නැත. එසේ නොවන්නේ ඉතා දීර්ඝ කාලයක සිට මුළු ලෝකයේම වාමාංශික ව්‍යාපාර ,කොමියුනිස්ට් පක්ෂ පාවාදීම් නිසා ජාත්‍යන්තරවම අසාර්ථක වී තිබීමය.

ප්‍රංශ ජනාධිපති පසුගිය ජූලී හා අගෝස්තු මාස වල ප්‍රංශයේ ඔලිම්පික් තරඟාවලියට මුවා වී අගමැති පත් කිරීම ද  ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් බවට පත් කළේය .නමුත් 2024 සැප්තැම්බර් 05 වන දින අන්ත දක්ශිණාංශික ජාතිවාදී 73 හැවිරිදි Michel Barnier ප්‍රංශ අගමැති ලෙස පත් කර ගත්තේය පාවාදිම් සහ ඒකාධිපති කුරිරුකම් ධනපති ක්‍රමයේම කුරිරුකම් හා සමානය.

මෑතකදි හොඳම උදාහරණය ප්‍රංශය මුල් කර ගෙන පෙන්වාදිය හැක. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් තම අභිමතය පරිදි ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.  ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර 2024 ජුනි 30 සහ ජුලි 07 යන දෙදින තුල පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීය.  

ප්‍රංශ මහ මැතිවරණයෙන් සමස්ථ ආසන 577 න් ආසන 178 ක් ලබා වාමාංශික එකමුතුව (NEW POPULAR FRONT) ජය ගත්තේය.

මෙම ජයග්‍රහණයෙන් වාම ප්‍රතිසංස්කරණවාදීන්, පරිසරවේදින්, රාජ්‍ය නොවන සංවිධානවාදි වාමාංශිකයන්, පන්ති සහයෝගිතාවාදීන් ප්‍රිති ප්‍රමෝදයට පත්විය. ජාත්‍යන්තරවාදි යැයි කියා ගන්නා ව්‍යාජ වාම වෙස්ගත් 4 වන ජාත්‍යන්තරයට සම්බන්ධ නව ධනේශ්වර විරෝධී පක්ෂයේ (NPA- RIGHT WING) බහුතරයක්ද එසේම සතුටු විය.

ප්‍රංශ ජනාධිපති පසුගිය ජූලී හා අගෝස්තු මාස වල ප්‍රංශයේ ඔලිම්පික් තරඟාවලියට මුවා වී අගමැති පත් කිරීම ද  ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් බවට පත් කලේය. නමුත් 2024 සැප්තැම්බර් 05 වන දින අන්ත දක්ශිණාංශික ජාතිවාදී 73 හැවිරිදි Michel Barnier ප්‍රංශ අගමැති ලෙස පත් කර ගත්තේය. මෙම පත්කිරිම සිදු කරනු ලද්දේ මැතිවරණයෙන් මාස එකාමාරකට පසුවය. ජනාධිපතිගේ මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් සිදු විය. ඉදිරියටත් උද්ඝෝෂණ කිහිපයක් සංවිධාන කර ඇත. එයින් එහා යන ඉදිරි දර්ශනයක් සහිත වැඩසටහනක් මෙම වමේ ජයග්‍රාහී පෙරමුණ ඉදිරිපත් කර නැත. මෙම පෙරමුණට අමතරව සිටින වාම කණ්ඩායම් ඉතා කුඩා මෙන්ම විවිධ මතයන්ගෙන් බෙදි පවතී. එනම් යුරෝපානු වම, වැඩකරන පන්තියට වැඩකරන ජනතාවගේ නායකත්වයෙන් විප්ලවාදි ව්‍යාපාරයක්  නිර්මාණය කිරිම අත්හැර දමා ඇත.

ආසියා කොමියුනය ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරණය දෙස බලන්නේ ඉහත සදහන් ලෝක වාමාංශයේ තත්වය හොදින් තේරුම්ගෙනය.

දැනට ශ්‍රි ලංකාවේ වාමාංශික නමින් පෙනි සිටින වාම කණ්ඩායම් අනෙකුත් රටවල ව්‍යාජ වාමාංශික ව්‍යාපාර මෙන්ම ධනපති ඡන්ද වලට ඉදිරිපත් වීම සහ හුදකලා උද්ඝෝෂණ කිරීම සහ වෘත්තිය සමිති තම ජිවීකාව කර ගෙන ඇත.

මීට අමතරව නව විප්ලවිය වැඩපිළිවෙලක් වෙනුවෙන් පරීක්ෂණ, අත්හදා බැලිම් සහ නව සොයා ගැනිම්  වෙත යොමු වී නැත. නිර්ධන පන්තිය එක්සත් කිරීමට ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් වෙනුවෙන් අවමව හෝ කාලයක් මිඩංගු නොකරයි.

2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත.

  1. ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය
  2. වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය

ආසියා කොමියුනය මෙම ප්‍රතිඵල දෙකටම මුහුණදිමට සුදානම් වන ලෙස ශ්‍රි ලාංකිය ජනයාට ආයාචනය කර සිටී.

එසේ නම් අප කල යුත්තේ කුමක්ද ?

පැහැදිලි ලෙසම ජනාධිපතිවරණයෙන් ජනතාව වෙනසක් කළද නොකළද ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේම වර්ධනය වන දරිද්‍රතාවය, ජාතිවාදි , ආගම්වාදී, කුලවාදී සහ ම්ලේච්ඡත්වය ඉදිරි වසර වල උඩු දීවිමට නියමිතය.

මෙයට මුහුණදිමට ශ්‍රී ලංකාව හා මාලදිවයින වැනි කුඩා දූපත්වාසින් මෙන්ම, බංගලාදේශය, නේපාලය, පකිස්ථානය සහ ආසන්න වශයෙන් දකුණු ආසියානු කලාපයේ දේශසිමා මායිම් ඉවත් කිරිමට බල කරන සටන් ව්‍යාපාරයක් නිර්මාණය කිරිම ආරම්භ කල යුතුය. පෞරාණික කොමියුනිස්ට්වාදින් සමග මෙවැනි ගමනක් ආරම්භ කිරිම ඉතාමත් අසීරුය. මෙම ගමන යෑමට අලුත් පරම්පරාව සූදානම් විය යුතුය. සරල ලෙස කිවහොත් ශ්‍රී ලංකාව තමිල්නාඩුව සහ ඉන්දියාව සමඟ එකතු කිරිමට කලාපිය පෙරමුනක් නිර්මාණය කළ යුතුය.

පෘතුගිසීන්, ලන්දේසින් සහ ඉංශ්‍රිසීන් බෙදා වෙන් කල දකුණූ ආසියාව එක්සත් කළ යුතුය. එය කළ හැක්කේ අධිරාජ්‍යවාදින් විසින් පැන වූ දේශසිමා මායිම් ඉවත් කිරීමෙන්ය. එම දේශසිමා ඉවත්කිරීමට දකුණූ ආසියානු කලාපය තුළ නව කොමියුන් කලාප මොඩලයන් අත්හදා බැලිමට යෝජනා කළ යුතුය. 

ධනේශ්වර ආර්ථික ක්‍රමයේ අර්බුදය ගැන තළුමරමින් විවේචනය කරන අතර නව ආර්ථික ක්‍රම, බැංකු ක්‍රම, අධ්‍යාපන ක්‍රම, සංස්කෘතික වෙනස්කම් ආදි අත්හදා බැලිම් වෙත යොමු විය යුතුය.     

ආසියා කොමියුනය අලුත් පරම්පරාවෙන් ඉල්ලා සිටින්නේ කලාපීය මට්ටමේ විප්ලවීය පෙරමුණක් නිර්මාණය කිරීම වෙත මෙම මැතිවරණයෙන් පසුව යොමු වන ලෙසය.

2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයෙන් පසු වසර කිහිපයක් ධනේශ්වර මැතිවරණ වලට හිර නොවිමට නව පරම්පරාවට අප යෝජනා කරමු.  විශේෂයෙන්ම වසර කිහිපයක් දකුණු ආසියානු කලාපය තුළ ඉදිරි දර්ශණයක් න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ගොඩනැගිමට යොමු විය යුතු යැයි ආසියා කොමියුනය මෙම මැතිවරණ මොහොතේදී ප්‍රකාශ කර සිටිමු.

මෙම යෝජනාව මැතිවරණයක් අභිමුවව ඉදිරිපත් කළද මැතිවරණයෙන් පසු යම් කලෙක ජනතාව වෙත නැවුම් අදහසක් ලෙස ගෙන යාම අපගේ අරමුණයි.

2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයෙන් වෙනසක් කිරීමට යන ජනයාට අපි සුභ පතන්නෙමු !             

අපගේ වෙබ් අඩවිය – asiacommune.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *