දෙපාර්ශ්වයට යුද්ධය නතර කන්නැයි බල කර සාම සමුළුවක් පවත්වයි

පලස්තීන් හමාස් සංවිධානයට සහ ඊශ්‍රායල් ආණ්ඩුවට යුද්ධය එපා සාමය සදහා කටයුත කරන්නැයි බල කර ඊයේ (07) සවස කොළඹ හයිඩ් පිටියේ සාම සමුළුවක් පවත්වන ලදී .

මෙම සාාමසමුළුව සදහා සියලුම ආගමික සහ පක්ෂ වල නානායකයින් සහභාගි වී සිටියහ . එම සමුළුව සදහා විපක්ෂ නායක පාලිමේන්තු මන්ත්‍රී සජිිිිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් වජිත හේරත් , රවුෆ් හකිම් , මනොා් ගනේසන් , සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් බණ්ඩාර , චම්පික රණවක , ඒ. එච්.එම් ෆවුසි පලස්තින සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති බිමල් රත්නායක , මුජිබර් රවුමාන් , තිස්ස අත්තනායක ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහ මාධ්‍යවෙදී තරිදු උඩුවගෙදර සමුළුවට සහභාගි වී සිටයහ .

අපි එකාක් (we are one) සංවිධානය මගින් එම සමුළුව සංවිධානය කර තිබුණි .

සමුළුව සදහා සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටි අතර වැස්සෙන් බාධා පැමිණ වුව ද මහජනයා වැසි නොතකා පලස්තීනයට සාමය ප්‍රාර්ථාකරමින් අධිෂ්ඨාන සහගතව වාඩි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *