දෙවුන්දර ද්විත්ව ඝාතකයන් බිහි කළේ ධනපති ක්‍රමයයි

ශාන්ත විජේසුරිය විසිනි.
මාතර දෙවුන්දර දෙහිගෙදර සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පොලිසිය හදුන්වන ෂේහාන් සත්සර හෙවත් දෙහි ගෙදර බාලේ මල්ලීගේ කොන්ත්‍රාත්තුවකට සිංහාසන පාරේ මකර තොරණ අසල යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයන් දෙදනෙකු පෙරේදා (21) පාන්දර වෙඩි තබා ඝාතනය කෙරිණ.

ශේයාන් සත්සර හෙවත් දෙහි බාල මල්ලී
තරුණයන් දෙදනා කන්දගොඩැල්ල මිත්‍රයෙකුගේ උපන්ද දින සාදයකට සහභාගි වී යතුරු පැදියෙන් මාර්තු(21 )පාන්දර 4ට පමන නැවත නිවස කරා පැමිනෙමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ගොදුරු වි ඇත.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ යුමේෂ් නදිෂාන්(28) සහ පසිදු තාරක (29) යන තරුණයන් දෙදනා වෙති. යුමේෂ් සිය පියාට අයත් එක්දින බෝට්ටුවෙන් හවුලට මාළු අල්ලා ජිවිකාව කරගෙන ගොස් ඇති අතර තාරක පෞද්ගලික සමාගමක සේවය කොට ඇත. රුසියාවේ අධ්‍යාපනය ලබා ඇති තාරක ඉතාලි යෑමට සිට ඇත්තේ අප්‍රේල් මාසයේය. ඔහුගේ විවාහයට තවම මාසයක් ගත වී නැත.
ඝාතකයන් තරුණයන් දෙදෙනාට ටී 56යේ ගිනි අවියකින් වෙඩි තබා තමන් පැමිනි වැන් රථය වැල්ලමඩ හෙවත් වරාය පිටුපස පාරේ ගිනි තබා විනාශ කර පියස් වර්ගයේ මෝටර් රථයකින් පලා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ද්විත්ව ඝාතනයේ සැක කරුවන් වන්නේ දෙහි බාල මල්ලිගේ ගෝලයෙකු වන කසුන් හෙවත් බිල්ඩය. ගන්දර පොලිසිය කසුන්ගේ බිරිද ඇතුළු කිප දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කසුන් ඉන්දියාවට පැන යාමට උත්සහ කරන බවත් වාර්තාවේ. වෙඩි තැබිම සදහා භාවිතා කළ වැන් රථයේ ඩයලොග් ස්ටිකරයක් අලවා තිබුනා යැයි මාතර ඩයලෝග් සමාගමේ සේවය කරන නුවන් නැමැත්තෙකු අත්අඩංගුවට ගනු ලැබ මාතර කාලිදාස පාරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රදවාගෙන ප්‍රශ්න කරන බව වාර්තාවේ.
“උඔට (යුමේෂ්ට) පුළුවන්නම් දෙහි ගෙදර එකාට අතක් තියලා බලපන් , උඔලාට ගහන්නේ සවලෙන් කෑලි එකතු කරන්න” යැයි මරණ තර්ජනය කරන ලද පනිවිඩ යුමේෂගේ දුරකතනයේ තිබි හමු වී ඇත. නමුත් පොලිසිි කියන කුඩු ජාවාරම් සිද්ධියක් හෝ පාවාදුන් සිද්ධියක් ගැන හෝ එම පනිවිඩ වල සදහන් වන්නේ නැත.

නුවන් යුමේෂ්ගේ මිතුරෙකු වන අතර දෙහිබාලේගේ හතුරෙක් බවද පැවසේන අතර මාතර සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා දෙහි බාලේගේ නෝට්ටු වලට නටන නැටුවෙකු බව ඇතැම්හු චෝදනා කරති.
දෙහිගෙදර ෂේහාන් සත්සර හෙවත් බාලේ මල්ලීගේ බාල සොහොයුරා වන තුෂාන් නෙත්සර හෙවත් කළු මල්ලීට යුමේෂ් පහරදීම එම අමානුෂික ඝාතනයට අසන්න හේතුව වි ඇති බව සදහන් වේ.

තුෂාන් නෙත්සර හෙවත් කළු මල්ලි
මත් කුඩු සම්බන්ධ ඔත්තු දීමක් ඝාතනයට හේතු වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වූ බව පසුව පොලිසිය සදහන් කර ඇත. යුමේෂ් සහ තාරකගේ ඝාතනය කුඩු සිද්ධියක් යැයි පොලිසිය විසින්ම ප්‍රචාරය කර එම ඝාතන සිද්ධි යට ගැසීමට පොලිසිය කටයුතු කරන බව ඝාතනයට ලක් වුවන්ගේ ඥාතීහු චෝදනා කරති.
කළු මල්ලිට පහරදිමෙන් පසු යුමේෂ් කඩයක කෑම කමින් සිටියදී ල මාතර මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවට ගෙන කුඩු ජාවාරම් කළා යැයි ඔහුට විරුද්ධව නඩු පවරා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. මාස තුනකට ආසන්න කාලයක් ඔහු බන්ධනාගරගතව සිට ඇත. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින එම නඩුව දින නියමයක් නොමැතිව කල් දැමිය. යුමේෂ් අයිස් මත්ද්‍රව්‍ය දමා අල්ලා දී ඇත්තේ දෙහිගෙදර බාලේ මල්ලී බව ඔහුගේ ඥාතීහු කියති.
ඊට පසු යුමේෂ් ඝාතනය කිරීම සදහා කිප අවස්ථාවක් දෙහි බාල මල්ලීගේ සහචරයෝ උත්සහ කර ඇති බවත් මුල දී යතුරු පැදියකින් වෙඩි තැබීම සදහා පැමිණ ඇති බවත් වාර්තා වී ඇත. ඔහු ඝාතනය කිරීමට සතියකට පෙර වෙඩි තැබිම සදහා සුදානම් කර තිබු කාර් රථයක් යුමේෂ්ගේ පැමිණිල්ලකට දෙවුන්දර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ෂේහාන් සත්සර නොහොත් දෙහිබාලේගෙන් තම පුතාට මරණ තර්ජන ඇති බව සදහන් කර යුමේෂ්ගේ පියා වන ටිකිරිහැන්දිගේ ධර්මසිරි 2025 ජනවාරි 31 වනදා අයි.ජි.පී. 10/238/25 අංකය යටතේ පොලිස් සහන මැදිරියේ පැමිණිල්ලක් දමා තිබිණ. ධර්මසිරි පැමිනිල්ලක් දැමීම සදහා දකුණු පාළාතේ තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් ඇති අතර පැමිනිල්ල භාර නොගෙන ඔහු සතුව තිබු සියලුම පැමිනිලි වල පිටපත් ඉල්ලා ගත් බව යුමේෂ්ගේ පියා අප සමග පැවසිය.
දෙහිගෙදර පවුලේ වාර්තාව
අපට ලැබී ඇති තොරතුරු අනුවල ෂේහාන් සත්සර නොහොත් දෙහිගෙදර පොඩි බාලේ පියා පී.එම්. උපනන්ද හෙවත් දෙහි බාලේය. ඔහුගේ මව පී.එම්. නිරෝෂාය. දෙහි බාලේට දෙහි රමණි දෙහි අශෝකා දෙහි පද්මිණිල දෙහි කරුණා සහ දෙහි ලොක්කා යනුවෙන් සහෝදර සහෝදරියන් 06 ක් සිටිති. ඔහු එම පවුලේ බාලයා වේ.
දෙහි බාලේ ඇතුළු සහෝදර සහෝදරියන් සමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන ලබා නැති දරිද්‍රතාවයේ පහලම අඩියේ ජිවත් වු පවුලකි. උපනන්ද මුල දි දෙවුන්දර ධීවර වාරයේ බෝට්ටු වල දැල් ආම්පන්න සොරකම් කළේය. පසුව බෝට්ටුවලින් කප්පම් ගැනිම කරගෙන ගොස් ඇත. 2006 කිසියම් පිරිසක් ඔහු ත්‍රිරෝද රථයේ ගමන් කරද්දී වෙඩි තබා ඝාතනය කර ඇත. පියාගේ ඝාතනයත් සමග දෙහි බාලේ මල්ලී ධීවර ආම්පන් මෙන්ම මත්ද්‍රව්‍ය සොරකම් කිරීම පමනක් නොව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර දිමෙන් විශාල මුදලක් උපයා ගෙන තිබේ. අද ඔහු බිලියන පතියෙකි. නීති විරෝධී ජාවරම් වලට සිට සංවිධානාත්මක අපරාධ කල්ලියක් දක්වා වර්ධනය වි ඇත.දෙහි පවුලට විරුද්ධව කටයුතු කරන අභියෝග කරන සහ ගරුසරු නොදක් වන අය දඩයම් කිරීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැත . පුද්ගලයෙකු ඇගේ හැපුණා යැයි මරා දමන්නට තරම් ඔවුන් මිලේච්ජ වී ඇත. මේ මිලේච්ඡ ගති ලක්ෂණ දෙහි ගෙදර පවුලට පමනක් විශේෂ වු ලක්ෂණයක් හෝ ඔවුන් උපතින් ගෙන ආ අවේනික ලක්ෂණයක් ද නොවෙයි. දෙහි පවුල ධනපති සමාජයේ නිර්මානයකි.
දෙහි බාල මල්ලී ඩුබායි වල සිට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවයි. ඩුබායිවල සැග වී සිටින ශ්‍රී ලංකීය පාතාල සමාජිකයින් සොයා එම රටේ පොලිසිය සිදු කරන සෝදිසි කිරීම් සමග දෙහි බාලේ සිංගප්පුරුවට පැන ගොස් ඇතැයි වාර්තාවේ.
දෙහි බාලේ මල්ලිට එරෙහිව මාතර මහාධිකරණයේ H/C 18 159 /18 විභාග වන නඩුවක් පවතින අතර 30575 සහ 51337 යන කුඩු නඩු දෙක දඩයක් ගස්සවාගෙන අවසන් කරගෙන ඇති බවත් ගන්දර හිටපු ස්ථානාධිපති දේශබන්දුට බැණ තර්ජනය කිරීමට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු MC 90311 නඩුව අහවර කරගෙන ඇති බවත් වාර්තාවේ.
ගයාන් දර්ශන හෙන්දාවිතාරණ ගේ තාත්තා ධීවරයෙකි. ඔහු මුහුදේ පාවෙන බියර් වර්ගයක් පානය කර ඇස් අන්ධ විණ. තාත්තාගේ අස් අන්ධ වන විට දර්ශනගේ වයස අවුරුදු 15 කි. ඔහු ජිවත් විම සදහා දෙවුන්දර දේවාලය ඉදිරිපිට පොල් විකුණා ඇත. දිනක් දර්ශනගේ පොල් ගෝනියක් දෙහිගෙදරින් සොරාගෙන තිබිණ. දර්ශනගේ පොල් ගෝනිය දෙහි ගෙදර අය සොරා ගත් බව දැනගත් ඔහුගේ සමීප මිත්‍රයෙකු වන පටිබැදි මද්දුමාගේ දනුෂ්ක 2005යේදී ඔහුගේ වයස 19 දෙහිගෙදරට ගොස් පොල් ගෝනිය රැගෙන විත් ඇත. දෙහිගෙදර සහ දනුෂ්ක අතර ආරවුලට ආසන්න හේතුව පොල් ගෝනියකි.

දෙහි ගෙදර ඝාතනය කරන ලද දනුෂ්ක
මේ සිද්ධියත් සමග දෙහි පවුලේ අය ඔහුට දුටු තැන පහරදී ඇති අතර දිනක් දනුෂ්ක අජිත් සහ කාලි යන මිත්‍රයින් සමග මගුල් ගෙදර සිට රාත්‍රියේ පැමිනෙද්දීල දෙහිගෙදර අය ඔවුන්ට පහර දී ඇති අතර දෙහි ලොක්කා කාලිගේ ඔලුවට බෝතලයකින් පහරදි ඇත. කාලි මාතර රෝහලට ඇතුළත් කර නිවසට පැමිණෙන අතර දනුෂ්ක මධුර නේරංජන්ද සිල්වාගේ නිවසට ගොස් ඇත. මධුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂක රන්ජන්දන් දසිල්වාගේ අයියාගේ පුත්‍රයා වෙයි. දනුෂ්ක මධුරගේ ගෙදර සිටියදි ගේ වට කළ දෙහිගෙදර මැරයෝ කඩු ,පිහි සහ පෙලු වලින් පහර දී ඝාතනය කර ඔහු බෙල්ලද රැගෙන ගොස් තිබුණි. දනුෂ්ක සමග අජිත් ප්‍රසන්න සෙනෙවිරත්න ද සිට ඇත. ඔහුට කඩු පොලු වලින් පහර දී මැරුණා යැයි දමා ගොස් තිබේ. අජිත් මාතර රෝහල ඇතුළත් කර සිටියදි දෙහිගෙදර අය තමන් මරා දැමීමට සූදානම් වන බව දැන රෝහලෙන් පැන ගොස් තිබුණි.

අජිත් ප්‍රසන්න සෙනෙවිරත්න
දනුෂ්කගේ මරා දැම්මෙන් නතර නොවු දෙහිගෙදර වෛරය දනුෂ්කගේ අයියා වන පී.එම්. රංගනට වර්ෂ 2008 මාර්තු 02 වනදා පපුවට වෙඩි තබන ලදි. රංගන ඝාතන තැත අසාර්ථක වන අතර ඔහු අදටත් ජිවත් වන්නේ කොහෙදැයි ඥාතිහු නොදනති. පසුව දනුෂ්කගේ අවුරුදු තුනේ දානයට මාළු ගෙන්න වැල්ලට ගිය පී.එම්. රත්නසිරිව 2008 ජුලි 24 වනදා ටී 56 ගිනි අවි දෙකකින් වෙඩි තබා ඝාතනය කරන ලදී. දෙහි ගෙදර මැරයෝ භූමදානය කළ රත්නසිරිගේ දේහය වලෙන් ගොඩ ගෙන ඔහුගේ හිස ශරීරයෙන් වෙන්කර රැගෙන ගොස් තිබිණ.

පී.එම්. රත්නසිරි ( දනුෂ්කගේ පියා)
දනුෂ්ක කපා කොටා ඝාතන කරනු ලැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේදී සාක්කි දෙන්නේ අජිත් සෙනෙවිරත්න පමණි. මධුරගේ අම්මා පැට්රිසියා සංජිවනී දනුෂ්කව කපා කොට ඝාතනය කරන අයුරු ඇසින් දුටුවත් දෙහි ගෙදරට බියෙන් සාක්කි නොදුන්නා්නායජිත් මරණ තර්ජන සහ බිය ගැන්විම් නොනතකා අධිකරණය හමුවේ සාක්කි දෙන අතර පී.එම්.ගයාන් නොහොත් දෙහි පෙඩ්ඩාල එම්.ඩබ්ලිව්.අසංක නොහොත් චන්න සහ එන්. ආර්.පී. තුෂාර දිල්ෂාන් නොහොත් බ්‍රෙයිලර්ට මාතර මහාධිකරණය මගින් මරණ දණ්ඩනය නියම කරන ලදී. එයින් දෙහිගෙදර පාතාලය නොනැවතිනි. අජිත්ව කිපවතාවක් මරා දැමීමට උත්සහ කළ අතර ඔහු සැග වී සිටියේය. අජිත් හපුතලේ මවුන්ට් කුවීන්ස් හෝටලයේ නැවති සේවය කළ අතර 2023 අගෝස්තු 22 වනදා සවස6ත40ට පමන දෙහි ගෙදර මැරයෝ ඔහුට වෙඩි තබා මරා දැමුහ. එම හෝටලයේ අයිතිකරු අජිත්ව ලක්ෂ හැත්තෑවකට පාවා දුන්නැයි ඔහුගේ ඥාතිහු පවසති.
පොලිසියේ විශේෂ අනුග්‍රහය යටතේ අදාළ පාතාල කල්ලිය වඩාත් සංවිධානාත්මකව හා බලසම්පන්නව වැඩෙන බව දෙහි ගෙදර ප්‍රහාරයට ගොදුරු අහිමි වූ පියා, සහෝදරයා සහ අජිත් මෙන්ම ඔවුන් නිසා පීඩාවට හා භීතියට පත්ව සිටින මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිට ඇත. දෙහි ගෙදර කල්ලිය රහසිගතව සිට මේ කරුනු හෙළි කරන පි.එම්.මදුවන්තිව (31) බෙල්ල කපා මරා දැමීමට සොයන බව දැනගැනීමට ලැබී ඇත. පාතාලය ජාතික ආරක්ෂාවට බාධාවක් නොවේ යයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවව කියන විට එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක් හෙළි වේ. පළමු කරුන තමන්ගේ ආරක්ෂාවට මෙය බල නොපාන බවය. අනෙක් කරුණ පීඩවට පත් මිනිසුන් ඊට ඇතුලත් නොවන බවය.
මාතර මත්කුඩු ජාවාරම්කරුවෙකු වන තමිල් නැමැත්තාට අයත් මත් කුඩු කිලෝග්‍රෑම් 300 ක් අයුෂ්මන්ත ගෙන් ලැබුණු තොරතුරක් මත දෙහි බාල මල්ලීගේ ගෝලයෝ සොරකම් කළහ. එම කුඩු කිලෝ ග්‍රෑම් 300 තමිල්ට දී ඇත්තේ රත්ගම විදුරය. විදුර දෙහි බාල මල්ලීගෙන් ඒ පිළිබද විමසා ඇති බවත් එහි දී ඔහු ආයුෂ්මන්තව විදුරට පාවාදි ඇත. එම පාවාදිමත් සමග අයුෂ්මන්ත සහ ඔහු සමග සිටි යාළුවන් කිප දෙනෙක් අතුරුදන් වි ඇත. අයුෂ්මන්තගේ මිත්‍රයෙකු වු මාතර රොෂාන් ඔහු ගැන සොයා බැලුවා කියා ඔහුව ද වෙඩි මරා දමන ලදි. අයුෂ්මන්ත දෙහි බාල මල්ලිගේ නැන්දාගේ දුවගේ ස්වාමි පුරුෂයා වේ.
මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඹ්ෂාන් හේවාවිතාරණ දෙවුන්දර පෙරහැර නරඹන්නේ දෙහි බාල මල්ලීගේ අම්මාගේ මල්ලීගේ ගෙදර සිට බව දෙවුන්දර ජනතාව පවසති. හේවාවිතාරණ යුද සමයේ ත්‍රිකුණාමලේ සිට අධ්‍යාපන ලැබීම සදහා දෙවුන්දරට පැමින ඇති බවත් දෙහි බාල මල්ලිගේ ඥාතීන් සමග සමිප සම්බන්ධකමක් ඇති බවත් වාර්තාවේ.
හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ,මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කෝ සහ පොලිසියේ ඉහල නිලයන්ට දෙහි බාල මල්ලී සමග පැවති සම්බන්ධතා යුමේෂ්ගේ අම්මා සමාජ මාධ්‍යයට හෙළි කළාය.