අති විශේෂ ගැසට් පත්‍රයක් ජුනි 06 වෙනිදා නිකුත් කරමින් ,පසු ගිය දිනවල රටපුරා සිදු වු ගිනි තැබිම් හා දේපළ විනාශයන්ට වන්දි ගෙවිම සඳහා කොමිසමක් පත් කර ඇත .
දේපළ ගිනි තැබිම් වලට අමතරව මංකොල්ලකෑම් සහා සොරකම් හේතුවෙන් තම දේපළ හා ජිවිත වලට හානි හෝ බලපෑම් සිදුවු පුද්ගලයින්, ආයතනය , සංවිධාන සහා සංගම් වෙතින් වි ඇති හිමිකම් සම්බන්ධයෙන් ද කටයුතු කරන ලෙස දැනුම් දී ඇත .
2022 මාර්තු 31 දින සිට මැයි 15 වන්දා දක්වා සිදුවු ඉහත සඳහන් කරන ලද සිදුවිම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට එම කොමිසම පත් කර ඇත .
මෙම කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවෙනක අලුවිහාරේ කටයුතු කරන අතර සෙසූ සමාජිකයින් වශයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම් .වික්‍රමසිංහ සහා අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්. ඒ .එස්.වසන්ත කුමාර යන අයව පත්කර ඇත .
2022 මාර්තු 31 සිට මැයි 15 දක්වා සිදු වු දේපළ වලට ගිනිතබා විනාශ කිරීම් , මංකොල්ලාකෑම් , සොරාකෑම් සහා වර්ගීකරණය කිරිම , වින්දිතයින්ට සිදුවු අලාභය හා හානිය තක්සේරු කිරීම සම්පුරණ බලය මෙම කොමිසමට පැවරි ඇත
2 thoughts on “දේපළ හානි වුවන්ට වන්දි දෙන්න ජනාධිපති කොමිසමක් .”