දේශපාලන හයිය පාවිච්චි කරලා මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරන්න බැහැ -ජනමාධ්‍ය ඇමති

ඔබ කියන සිදුවිම් සම්බන්ධයෙන් සොයා බලන බවත් දේශපාලන හයිය පාවිචිචි කරලා ආගමික මාධ්‍යස්ථානයට බලපෑම් දැමීමට හෝ සමන්ත්‍රණ කඩකප්පල් කරන්න අයිතියක් නැති බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද(21) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින්ය.
මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නය
රටේ අපරාධ රැල්ලක් වර්ධනය වන අතර ඔබේ පක්ෂයේ සමාජිකයෝ අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් යනවා. හම්බන්තොට අගුනුකොළපැලැස්සේ “ගොවියෝ කුඩිත්තෝ සහ අම්බරුවෝ සම්මන්ත්‍රණය” නමින් පවත්වන්න සුදානම් කරලා තිබු ශාලාවට ජවිපෙ සමාජිකයෝ පිරිසක් කඩා පැනලා බැනර් ගලවාගෙන සංවිධායකයන්ට තර්ජනය කරලා සම්මන්ත්‍රණ තියන්න දෙන්නේ නැහැ කියලා.
හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ ගලප්පත්ති සහ ජයලත් කියන ජවිපෙ සමාජිකයින් දෙන්නා තවත් සමාජිකයින් පිරිසක් සහ වීරවිල පොලිසියේ ස්ථානාධිපති සමග ආයුධ සන්නද්ධව ගිහිල්ලා එම ප්‍රදේශයේ ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථානයක් වාහන්න කියලා තර්ජනය කරලා තියේනවා. ජාජබ ආණ්ඩුව යටතෙත් මහජනයා ආගමක් ඇදහීමේ අයිතිය වගේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් අහිමි වෙලා .පැවති ආණ්ඩු ගැන කතා කරලා වැඩක් නැහැ . සමාජවාදය අරවා මේවා ගැන කතා කරලා තමයි බලයට ආවේ . දැන් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටත් පහර ගහනවානේද?
සිද්ධීන් සම්බන්ධයෙන් අවධනෙය යොමු කරන බව පැවසු අමාත්‍යවරයා කලින් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනාදැයි පෙරළා මාධ්‍යවේදීයගෙන් ප්‍රශ්න කළේය.
මාධ්‍යවේදී ශාන්ත විජේසුරය ඊට පිළිතරු දෙමින් , කලින් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැති නිසයි තමයි මහජනයා ජාජබ ආණ්ඩුවට බලයට ගෙන ආවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා අපි අකුළ ගත්තේ නැහැ. සටන් කළා.
ඇමතිවරයා -ඔව් මම දන්නවා.