ධනපති අර්බුදය සහ මොරටු වඩු කර්මාන්තය කඩා වැටිම

අතීතයේ පටන් ලී බඩු යන නාමයට පරසිඳු වූ මොරටුවේ වඩු කර්මාන්තය බලවත් අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් තිබේ.වත්මන් ආර්ථික අර්බුදය හමුවේ,වඩු කාර්මිකයා ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටී. සිය දෛනික ජීවිතය ගත කිරීමට පවා අසීරු තත්ත්වයකට මුහුණ දෙන වඩු කාර්මිකයෝ ද මේ අතර වෙති.
භාණ්ඩයක් නිෂ්පාදනයට අවශ්‍ය ලී කැබැල්ලක් මිලදී ගැනීමේ සිට වෙළඳපලට ඉදිරිපත් කිරීම දක්වාම ව්‍යාපාරික මාපිfයාවකට මුහුණ දීමට වඩු කාර්මිකයින්ට සිදු වේ.රාජ්‍ය දැව සංස්ථාව යටතේ ප්‍රදේශයේ තිබූ දැව ගබඩාද ක්‍රමයෙන් වැසී යමින් පවතී.මේ නිසා අධික මිල ගණන්වලට පෞද්ගලික වෙළෙඳුන්ගෙන් දැව මිල දී ගැනීමට වඩු කාර්මිකයාට සිදු වී තිබේ.යන්ත්‍ර සූත්‍ර ,අමතර කොටස් හා ලී බඩු සඳහා අවශ්‍ය උපාංග මිල සීඝ්‍රයෙන් ඉහල යාමේ නැඹුරුවක්ද ඇත.
බලපත්‍ර හිමියන්ට 20%ක පමණ මිල අඩු කිරීමක් යටතේ දැව සංස්ථාවෙන් දැව මිලදී ගැනීමට හැකියාවක් පැවතියද ,සෑම වඩු කාර්මිකයෙකුටම බලපත්‍ර හිමි නොවේ.පෞද්ගලික ව්‍යාපාරිකයින්ගෙන් ණයට දැව ලබාගැනීමට හැකියාවක් තිබුණද එය වඩු කාර්මිකයාට දැරීමට සිදුවන තවත් ණය බරකි.දැව සඳහා සහනදායි ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට රජයේ මැදිහත් වීමක්ද නොමැත.ස්වකීය මහන්සියේ ප්‍රතිඵලයට ගැලපෙන ස්ථිර සහගත මිලක්ද ලී බඩු සඳහා නැත.මිල නියම වන්නේ, වැඩි ප්‍රතිලාභය ව්‍යාපාරිකයාට ලැබෙන පරිදිය.
වර්තමානයේදී කුඩා වඩු මඩුවක් පවත්වාගෙන යන වඩු කාර්මිකයාද විදුලි යන්ත්‍ර සූත්‍ර කීපයක් භාවිතයට ගනී.මෙහිදී අධික විදුලි බිලක් දැරීමට සිදු වේ.දැරීමට අපහසු විදුලි බිලට පිළියමක් ලබා දෙන ලෙස බලධාරීන් දැනුවත් කළද ,මෙතෙක් ඒ සඳහා සහනදායි විසඳුමක් නොමැත.සහන මිලකට දැව ලබාගැනීමට අදාල බලධාරීන් සමග සාකච්ඡා කළද එහිද සාර්ථකත්වයක් නොමැති බව දැව ආශ්‍රිත කර්මාන්ත කරුවෝ කියති.

කුඩා යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර ගනිමින් දෛනික ආදායමක් ලැබීමේ පදනම යටතේ පවත්වාගෙන යන වඩු මඩු හිමියන්ටද සමෘද්ධි හෝ වෙනත් සහනාධාර හිමි නොවන අවස්ථා ඇත.’කුඩා වුවද ව්‍යාපාරයක් පවත්වාගෙන යාම’ යන කරුණ මීට හේතු වේ.පසුගිය කොරෝනා වසංගතය පැවති කාල සීමාවේදී කොරෝනා ආධාර ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ වඩු කාර්මික සමිතිවලට මැදිහත් වීමට සිදු විය.ඇතැම් වඩු කාර්මිකයින් අඩු ආදායම්ලාභී, සහනාධාර සඳහා සුදුසු අය වුවද සහනාධාර ලබාගැනීමේ අපහසුතාවයන් මතුවිය.
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින්ට විවිධ අවස්ථාවල ජීවන වියදම් දීමනා රජය මගින් ලබා දුන්නද ,එවැනි සහන සේවා මෙබඳු කර්මාන්ත කරුවන්ට නොලැබේ.එමෙන්ම වඩු කර්මාන්ත ක්ෂේත්‍රයේ පවත්නා අසංවිධිත ස්භාවයද මෙවැනි තත්ත්වයන්ට හේතු වී ඇත.සම්ප්‍රදායික ස්වරූපය,අධිකාරීවාදයට හා දේශපාලන පක්ෂපාතිත්වයට නතුවීම යන කරුණුද පසුගාමී ස්වරූපයන් ගණනාවක් නිර්මාණය කර තිබේ.ලී බඩු නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කිරීමේදී ද පවත්නා ගැටලු ගණනාවකි.ඇතැම් වෙළඳ ආයතන ලී බඩු මිල දී ගනු ලබන්නේ ඉදිරියට දැමූ දින සහිත චෙක් පත් මගිනි.මේ නිසා නිම කරන ලද භාණ්ඩ වෙළඳපලට සැපයූ වහාම මුදල් ලබාගැනීමට නොහැක.දෛනික වැටුප් මත සේවය කරන සේවකයින් සිටින්නේ නම් ඔවුන්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයන් ඇති වේ.මිල අධික ප්‍රවාහණ වියදම් දැරීමේ අපහසුතාවය මත වෙළඳපලට ළඟා කිරීමේ ගැටලු පැන නගින අවස්ථා ඇත.
චෙක්පත් මුදලට හුවමාරු කරන පුද්ගලයන්ට ඒ සඳහා කොමිස් මුදලක් ගෙවීමට සිදු වේ.මේ යටතේද කිසියම් සූරා කෑමකට වඩු කාර්මිකයා ගොදුරු වේ.භාණ්ඩයක අවසන් නිමාව සඳහා අවශ්‍ය වන පින්තාරු කිරීමේ හා ඔප දැමීමේ ද්‍රව්‍ය සඳහා අධික මිලක් ගෙවීමට සිදුව තිබීම තවත් ගැටලුකාරී තත්ත්වයකි.මේ නිසාද දැව කර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත කරුවෝ බලවත් අපහසුතාවයන් රැසකට මුහුණ දෙති.
රජයේ දෙපාර්තමේන්තු,රෝහල් හා පාසැල් සඳහා අවශ්‍ය දැව භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වඩු කාර්මිකයින් වෙත ඇණවුම් ලබා දීමේ ක්‍රමවේදයන් මීට පෙර අවධියකදී පැවතුණි.ණය පහසුකම් ලබාදීමේ පහසු ප්‍රවේශයන්ද ක්‍රියාත්මකව තිබුණි.නමුත් මේ වන විට එබඳු සහන සේවාවන් මෙම අංශවලින් ඉවත් වී තිබීම කණගාටුදායක තත්ත්වයකි.
මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කරනු ලබන වානේ හා ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ ව්‍යාපාරය සමග තරග කිරීමේ දැඩි අපහසුතාවයකට දැව කර්මාන්ත කරුවෝ මුහුණ පා සිටිති.මේ නිසා මොරටුව ප්‍රදේශයේ ගාලු පාර දෙපස තිබූ ,දිවයිනේ ප්‍රමුඛ සන්නාම සහිත දැව ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාර හා වෙළඳ සැල් අද දක්නට නොමැත.
වඩු කාර්මිකයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කිසිදු නිශ්චිත වැඩ පිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් වී නොතිබීම මෙම කර්මාන්තයේ තවත් අඳුරු පැතිකඩකි.මේ නිසාම වඩු කාර්මිකයින් මෙම කර්මානයෙන් ඉවත් වී වෙනත් රැකියා මාර්ග වෙත යොමු වීමේ ප්‍රවණතාවයක් පවතී.කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියේදී වර්ධනය විය හැකි තිරසාර බවක් පැහැදිලි නොවීම මීට හේතුවයි.මේ අනුව අනාගත පරපුර මෙම කර්මාන්තයේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.
වඩු කර්මාන්තය සම්බන්ධයෙන් මෙතෙක් පැවති වෙළඳපල සබඳතාවයන් ද ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී.දැව හා වෙනත් සුලු කර්මාන්ත සදහා වෙනම රාජ්‍ය අමාත්‍යවරු පසුගිය පාලනයන්හි සිටියද මෙම කර්මාන්ත හා කර්මාන්ත කරුවා රැක ගැනීමට සැළකිය යුතු වැඩ සටහන් දියත් කළේ නැත.මෙම අංශ නගා සිටුවීමේ විශාල වගකීම් සම්භාරයක් වත්මන් පාලනය සතුව පවතින බව මෙම කර්මාන්තවල යෙදී සිටින කර්මාන්ත කරුවෝ කියති.