ධනපති ක්‍රමය සම්පුර්ණ කරන්න ගිය ග්‍රීසියේ ඇලෙක්සිස් සිප්රාස්, බ්‍රසීලයේ ලුලා ද සිල්වා ,සහ වෙනිසුලාවේ චාවේස් ඉතිහාසයේ කුණු බක්යට වැටුණා සේම අනුර දිසානායකත් කුණු බක්කියට ගමන් කිරීමට නියමිතයි!

සටහන – ශාන්ත විජේසුරිය විසිනි.

ලෙනින් ඩුමාවට ගිහිල්ලා විප්ලවවාදීන්ගේ ස්ථාවරය පැවසු බවත්. සාර් පලවා හැරලා කෙරෙන්ස්කි ආවත් මේ  ක්‍රමය ඉදිරියට යන්නේ  නැති බවත් .රනිල් වික්‍රමසිංහ නොව අනුර දිසානායක ආවත් මේ ක්‍රමය ඇතුලේ බරපතළ විප්ලවකාරී පරිවර්තනයකින් තොරව වැඩ කරන ජනතාව කම්කරු පන්තියේ ආඥඥාදායකත්වය පිහිටු වන්නේ නැතිව මේ ක්‍රමය තුළ අතර මැදි විසදුම් නැති බව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රදාන ලේකම් මහින්ද දේවගේ පවසයි.

අතර මැදි විසදුම් සොයන්න ගිය බොහෝ අය ඉතිහාසයේ කුනු බක්කියට තල්ලු වු බවත්. අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ මේ ආණ්ඩුව ඉක්මනින් කුණු බක්කියට වැටෙයි කියලා නමුත කුණු බක්කිය දිසාවට ගමන් කරමින් සිටින බවත් ජනයගේ අපේක්ෂාවන් සහ බලාපොරෝත්තු වැඩි අතර එම බලාපොරෝත්තු අපේක්ෂා ඉටු වන්නේ නැත්නම්,ඉතිහාසයේ ලාංකීය සමාජයේ වර්ධනයක් පෙන්නුම් කළ 2022  ඒ ජන විඥානය තවමත් සමාජයේ බවත් ඒ ජනයගේ ප්‍රශ්න වලට ‍උත්තර හා විසදුම් නැතිනම් ඒ ජනයා වීදියට මහ පාරට බැහැලා තමන්ගේ  බලය පිහිටු වන බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබෙන බව දේවගේ පෙන්වාදුන්නේය.

පසු ගිය දශකය තුළ රාජ්‍යයන් වල ඇති වු තත්වයන් තුළ තමා මාලිමාව අද බලවේගයක් බවට පත් වෙලා තියෙන්නේ. ලතික් ඇමරිකාවේ චාවේස්ගේ ව්‍යපාරය අපි දැක්කා මොරායාස්ගේ ව්‍යාපාරය, ලුලා  සිල්වාගේ ව්‍යාපාරය සහ ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයත් අපි දැක්කා. ඒ කලාපය ඇතුලේ කිසිදු වෙනසක් කරන්න බැරි වු බවත් ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ  සහ ලෝක බැංකුවේ පිහිට උඩ ධනවාදය පෙරට ගෙන යන නායකයෝ බවට ඔවුන් පත් වු බව දේවගේ කීය.

ඔහු එම අදහස් ඵල කළේ බොරැල්ල ඇන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක් අමාන්ත්‍රණය කරමින්ය.

දේවගේ වැඩිදුරටත් මෙසේ පැවසීය.

අද අපි මේ කතිකාව ආරම්භ කළේ මුළු සමාජය ඇතුළේ ඉතිහාසයේ පලමු වතාවට අපි  තේරුම් ගත යුතුයි සමාජ බල පෙරලියක් ඇති වෙලා තියෙනවා. සමහර අය මේක විග්‍රහ කරන්නේ  ප්‍රචන්ඩත්වයකින් තොරව සාමකාමී බල පෙරළියක් කියලා . පාලක පන්තිය පලවා හැරලා තවත් පංතියක් බලයට ආවා කියලා .කෙසේ වුනත් මේ ආණ්ඩුව බලයට පත් විම පිළිබදව  ප්‍රශ්න අපි පෙර දැක්කා.ලොකු රික්තයක් මතු වුණා .කවුරුත් පැහැදිලි කර විධියට අරගලය ඇතුලේ ඇති වු දැවැන්ත මහජන විරෝධය හමුවේ.ඒ රික්තය ඇත්තටම ජන්ද බිමේ  ජාතික ජන බලවේගය පිරෙව්වා. එක මිට පෙර කතා කරපු සහෝදරවරු කතා කළා. මේ බල පෙරළිය ඇතුලේ අපි පෙර දැක්කා මේ බල පෙරලිය සිදු වුවත්  සමාජය තුළ බරපතළ සමාජ ආර්ථික වෙනසක් ඇති කරන්න බැහැ කියලා.මාලිමාව කවුරු හරි වාදයට එනවා නම් එක වමේ බලවේගයක් කියලා අපි එක ප්‍රතික්ෂේප කරනවා.මාලිමාවේ නායකයෝම පසුගිය වසර දෙක තුන තුළ අවධාරණය කළා අපි සමාජවාදීන් නොවෙයි කියලා.අපි මාක්ස්වාදින් නොවෙයි.අපි අර වාදය මේ වාදය නැහැ ඒ අය නොකියා කිවිවා විශේෂයෙන්ම වර්තමාන අගමැතිවරිය අපි නව ලිබරල්වාදි ප්‍රතිපත්ති පෙරට ගෙන යන අය කියලා. පසු ගිය දශකය තුළ රාජ්‍යයන් වල ඇති වු තත්වයන් තුළ තමා මාලිමාව අද බලවේගයක් බවට පත් වෙලා තියෙන්නේ. ලතික් ඇමරිකාවේ චාවේස්ගේ ව්‍යපාරය අපි දැක්කා මොරායාස්ගේ ව්‍යාපාරය, ලුලා  සිල්වාගේ ව්‍යාපාරය සහ ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයත් අපි දැක්කා. ඒ කලාපය ඇතුලේ කිසිදු වෙනසක් කරන්න බැරි වුණා. ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ  සහ ලෝක බැංකුවේ පිහිට උඩ ධනවාදය පෙරට ගෙන යන නායකයෝ බවට ඔවුන් පත් වුණා.

ඒවනි ක්‍රියා මාර්ගයක් තමා අද ජාජබය බලයට ඇවිලිලා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මේක අනුර දිසානයකගේ ප්‍රශ්නයක් නොවෙයි. මේක මාලිමාවේ ප්‍රශ්නයකට වඩා මේ අර්බුදයට උත්තරයක් නැහැ. ඒ අය හිතනවා ධනපති ක්‍රමය හදන්න පුළුවන් කියලා. ජාජබයේ සටන් පාඨය වුණේ අපි සොරකම නැති කරනවා . දුෂණය, නාස්තිය නැති කරනවා.ඒ අය මේ ක්‍රමය හදන්න පුළුවන් කියලා .අපි පැහැදිව අනතුරු අගවනවා ධනපති ක්‍රමය කුණු වෙලා තියෙන්නේ ලෝක පරිමානව ධනපති ක්‍රමය බිද වැටෙමින් තියෙන්නේ.බිලියන හත්ලක්ෂයක් දවසකට ඩොලර්  ඩොලරයක් උපද වන්නේ නැහැ. සමාජ ඉතිහාසය නොවු විරු ලෙස බරපතළ සමාජ අසමානත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අසමානත්ව මේ පවතින ක්‍රමය ඇතුලේ ධනපති ක්‍රමය තුළ සිදු කර ප්‍රතිසංස්කරණ හරහා සම්පුර්ණ කරන්න බැහැ. යම් ජන කොට්ඨාශයක් විශ්වාස කරගෙන ඉන්නවා පුදපු ගමන් කාපි යකා කියලා තමුසෙලා ආණ්ඩුවට ගහන කියලා. සහෝදරවරුනි බලයට පත් වු ආණ්ඩුව තවම ළදරු ආණ්ඩුවක්. ජාජබය යා යුතු ගමන බොහෝ දුරයි.නමුත් අපි පෙර දකිනවා අර්බුදයෙන් ආණ්ඩුව ආරම්භ වෙලා තියෙන්නේ. අපි කියනවා ආණ්ඩුවේ මධුසමය හය මාසයක්  යන කොට හමාරයි. මෙවර ජන්දයේ දීත් බරපතළ සමාජ ස්ථරයක් මාලාමාවට ජන්දය දීමට පෙල ගැහලා ඉන්නවා. ජනාධිපතිවරයා මාලිමාවට ලංකා ඉතිහාසයේ  හැම දා ජනාධිපතිවරය පත්වෙච්ච පැත්තට ජනයා ජන්දය දීමේ ස්වභාවයක තියෙනවා .අද එක මතු වෙමින් තිබෙනවා. එකාක් පැහැදිලි අදට මාසයකුයි දවසක් වෙනවා ජනාධිපතිවරයා බලයට පත්වෙලා .ජනාධිපතිවරණයට පෙර තිබු උද්යෝගය ඒ සමාජ අපේක්ෂාව ක්‍රමානුකුලව බිද වැටෙමින් තියෙන්නේ.ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නවා විශ්වාසය බිදවැටෙමින් තියෙනවා .ඒ නිසා අපේ තේමා පාඨය ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය  ප්‍රධාන ලේකම් ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පැහැදිලිව කිව්වා කවුරු බලයට ආවත් මේ අර්බුදයට ‍උත්තර නැහැ කියලා . රටේම ජනතාවට අපට ආමන්ත්‍රණය කරන්න බැරි වුණා .ප්‍රාග්ධනය අපේ වටේ කැරකුනේ නැහැ.මාධ්‍ය අපට සහයෝගය දුන්නේ නැහැ. නමුත් අපි දවස් කිපයක්  පොලට ,ගමට ගිහිල්ලා මහජනයා සමග යම් සංවාදයක් හදා ගත්තා.

අපි ජනාධිපතිවරණයට ලක්ෂ පහක්වත් වියදම් කළේ නැහැ. ජාජබවේ සහ සමගි ජන බලවේගය බිලියන ගණන් වියදම් කරලා තියෙනවා.එනිසා නිර්ධන පන්තියේ අපට වැඩ කරන ජනතාවගේ අපට මේ මැතිවරණ ක්‍රමය වමට වලංගු නැහැ. අපි ජන්දයට ඉදිරිපත් වන්නේ අපේ මතවාදය සමාජයට කියන්න.ලෙනින් ඩුමාවට ගිහිල්ලා විප්ලවවාදීන්ගේ ස්ථාවරය කිව්වා.කෙරෙන්ස්කි ආවත්  සාර් පලවා හැරලා මේ ක්‍රමයම තමා ඉදිරියට යන්නේ කියලා . රනිල් වික්‍රමසිංහ නොව අනුර දිසානායක ආවත් මේ ක්‍රමය ඇතුලේ බරපතළ විප්ලවකාරී පරිවර්තනයකින් තොරව වැඩ කරන ජනතාව කම්කරු පන්තියේ ආඥඥාදායකත්වය පිහිටු වන්නේ නැතිව මේ ක්‍රමය තුළ අතර මැදි විසදුම් නැහැ. අතර මැදි විසදුම් සොයන්න ගිය බොහෝ අය ඉතිහාසයේ කුනු බක්කි වලට ගිහිල්ලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ මේ ආණ්ඩුව ඉක්මනින් කුණු බක්කියට යයි කියලා නමුත කුණු බක්කිය දිසාවට ගමන් කරමින් තිබෙනවා. ජනයගේ අපේක්ෂා බලාපොරෝත්තු වැඩියි. එම බලාපොරෝත්තු අපේක්ෂා ඉටු වන්නේ නැත්නම්,ඉතිහාසයේ ලාංකීය සමාජයේ වර්ධනයක් පෙන්නුම් කළා 2022 ජුලි 09 වෙනිදා, ඒ ජන විඥානය තවමත් සමාජයේ තියෙනවා. ඒ ජනයගේ ප්‍රශ්න වලට ‍උත්තර හා විසදුම් නැතිනම් ඒ ජනයා වීදියට මහ පාරට බැහැලා තමන්ගේ  බලය පිහිටු වන බව ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. ඒ මහජනයගේ ක්‍රියාකාරිත්වය ඒ ජනයාගේ බලය අපිට හරි වැදගත්. ඒ ජනයා සමග එකට ගමන් කරනවා පමනක් නොවේ නායකත්වය දීමට අපි ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් මාලිමාව යටතේ පෙලගැහුනු පිඩිත සමාජ බලවේග බරපතළ ස්ථරයක් ඉන්නවා .ඒ අය යම් සමාජ වෙනසක් ඉල්ලපු අය.ඒ අය අපේ මිත්‍රයෝ අපි ඒ අයත් සමග සහෝදරාත්මක සංවාදයක් ආරම්භ කළ යුතුයි. ඒ අයට නිසි නායකත්වය පෙන්නුවේ නැත්නම්, විපිලවාදී ව්‍යාපාරය අති දක්ෂිණාංශික බලවේගයක් සමාජය අතරින් මතුවිමේ බොහේ ඉඩකඩක් තියෙනවා .ඒ ඉඩක පුරවන්න පුළුන්වන්නේ විප්ලවවාදී  ස්ථාවරයන්ගේ ඉදලා  සමාජවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් සටන් කරන අයට පමනයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජයේ ක්‍රියාකාරී ව්‍යාපාරයක් ලෙස පෙනවා. අපි පැහැදිව කියනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජාතික සීමාවන් වල ඉදගෙන සමාජය වෙනස් කරන්න හදන්නේ. ජාත්‍යන්තර දැක්මක් නැහැ.මාක්ස්වාදයේ සමාජවාදයේ විකෘති ප්‍රපංචයක්. පෙරටුගාමි සමාජවාදි පක්ෂය වමේ නමින් කරන මේ ක්‍රියාකාරීත්වය අපි හෙළිදරව් කළ යුතුයි.අපේ මිත්‍රයෝ වුනත් ධනපති අර්බුදයට උත්තර නැහැ කියලා අපි ස්ථීරවම කියනවා. පසුගිය කාළේ මහජනයා දැක්කේ ජවිපෙ තමා  වම කියලා .ඒ ඊනියා වම සැබෑ වමට තිරිංගයක් වුණා. මාලිමා ආණ්ඩුවක් හැදුවා අපේ ප්‍රශ්න වලට උත්තර ලැබුණේ නැහැ කියලා මහජනයා කියන්න පටන් ගන්නවා . මාලිමා ආණ්ඩුව ඒ සිදු කරන විකෘතියෙන් වමට විශාල හානායක් සිදු කරනවා. 1970 දශකයේ වමේ නායකයේ සිරිමාවෝ සමග සභාගයට ගිහිල්ලා කළ පවාදීම නිසා කම්කරු පිඩිත මහජනයාට වම කෙරෙහි තිබු විශ්වාසය බිද වැටුණා. ඒ විශ්වාසය බිදවැටිම විශාල පරාජයක්. ඒ රික්තය පිරෙව්වේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නැවත රික්තයක් ඇති වෙනවා . අපි නිවැරැදිව මැදිහත් වෙලා විසිර ගිය කම්කරු – පිඩිත බලවේග නැවත ගොනු කරලා එක්සත් ක්‍රියා මාර්ග හරහා පන්තියට එක් පක්ෂයක් නිර්මානය කිරිම පමනයි එකම විසදුම.ජාතික සිමාව තුළ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය නොහැක. පසුගිය දශක වල ඔප්පු කරලා තියෙනවා .මේ ප්‍රශ්නයට උත්තරය සෙවිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තික ඉදිරිදර්ශනයක් තු‍ළින් පමනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *