ධනපති නීතිය නිරුවත් කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ සංසිද්ධිය

ශාන්ත විජේසුරිය විසිනි

හිටපු නීතිපති හා ජනාධිපති නීතිඥ දප්පුල ද ලීවේරාගෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය දන්වන්නේ ඉකුත් අප්‍රේල් (19) වෙනිදාය . අප්‍රේල් ( 24)  වෙනිදා අත්අඩංගුවට ගැනීම වළක්කන්නැයි ඉල්ලා ජනාධිපති රුමේෂ් ද සිල්වා හිටපු නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී . එදිනම අත්අඩංගුවට ගැනීම , ප්‍රශ්න කිරීම සහ ප්‍රකාශ ලබා ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ .

මෙම අතරු තහනම් නියෝගය පනවන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති  නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ  එම් .ඒ .ආර් .මරික්කාර් යන විනිසුරුවන් විසිනි .

මේ සියලුම කටයුතු සදහා ගත වුයේ දින 05 කි . මෙය සමාන්‍ය තත්වයක් නොව සුවිශේෂී තත්ත්වයකි .

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව ඇති පරිදි  නීතිය ඉදිරියේ සියලුම දෙනා සමානයෝ යන්න මිත්‍යාවක් බව හිටපු නීතිපතිවරයා වෙනුවෙන් නීතිය හැසිරුණු ආකාරය එළිමහනට කාන්දු විය . කම්කරු පිඩික මහ ජනයාට හිටපු නීතිපතිවරයා බදු අකරතැබ්බකට මුහුණ දෙන්නට සිදු වුයේ නම් ඔවුන්ව මෙලහකටත් අතුරුදන් කර ඇත . නැතිනම් බොරු චෝදනා එල්ල කර ත්‍රස්ත පනත යටතේ රදවා තබා ගනු ඇත.

මිනිසෙකුට තම හමෙන් එළියට පැමිණීමට නොහැකිවාක් මෙන්ම ධනපති නීතියට ද සමානව සැලකිය නොහැකිය . මන්ද ජාතික ආදායමෙන් 60% පවුල් දහයක් අත්පත් කර ගන්න කොට, ඉතිරි පවුල් 90 ට හිමි වන්නෙ ජාතික ආදායමෙන් 40% ක් නිසාවෙනි .

ලිවේරා යනු හිටපු නීතිපතිවරයෙකු මෙන් ඉහල මධ්‍යම පාන්තික ප්‍රභුවරයෙකි . පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ලිවේරාව දඩයම් කරන්නට යම් පිරිසක් කැසකවද්දී ධනපති අධිකරණය එම උත්සහය ව්‍යාර්ථ කරමින් ලිවේරාට නීතියේ සහන සැලැස්විණ .  ලිවේරා වැනි සිද්ධී හමුවේ ධනපති නීතියේ පල්ළ ගැලවි යැම වැළැක්විය නොහැකිය .

 රනිල් – රාජපක්ෂ ආණ්ඩුව අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර රදවා ගැනීම නීතියට පටහැනි බව කියමින් කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඔහුව නිදහස් කරන ලදී . මහේස්ත්‍රාත්වරයා මුදලිගේ නිදහස් කළේ  ඔහුගේ විශේෂත්වයකටත්  වඩා ,බොරු චෝදනා එල්ල කර රදවා තබා ගැනීමට එරෙහිව කම්කරු- පිඩිත මහජනයාගේ විරෝධය ජුලි 09 ක් දක්වා ඉහල නගිතැයි තිගැස්මෙනි .

ධනපති අධිකරණය ලීවේරාට නීතියේ සහන කඩිමුඩියේ සැලැස්වීමට යැමෙන් සමාන්‍යයන් නොව අසමාන්‍ය සිටින බව ද ප්‍රදර්ශනය කර ඇති අතර රනිල් -රාජපක්ෂ ආණ්ඩුව අත්තනොමතිකව මුදලිගේ රදවා තබා ගැනීම නිසා ධනපති ක්‍රමයට එරෙහිව වැඩෙම්න් පැවති මහජන විරෝධය තුනී කර දැමීමට නම් අධිකරණයට මුදලි නිදහස් කිරීමට සිදු විය .

මාක්ස්ගේ උගැන්විම් අනුව රාජය වුකලී පංති පාලන කිරීම සදහා ඇති වු මණ්ඩලයකි .එක් පංතියක් විසින් තවත් පංතියක් පාගනු සදහා ඇති යන්ත්‍රයකි.  එම යාන්ත්‍රය අවිගත් නිත්‍ය හමුද්‍රවක් , පොලිසිය , හිරගෙවල්  සහ අධිකරණ වලින් සමන්විතය . නීතිය යනු පුද්ගලික දේපල ක්‍රමය , සුරාකෑම ආරක්ෂා කරන සහ පංති අතර වු ඝට්ටනය අඩුබාල කොට පීඩනය පාලනය කරන මෙවලමකි .

ලියුම්කරු කියන්නට උත්සහ කරන්නේ හිටපු නීතිපති අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය වැරදි යයි කියනවාට වඩා ලියුම්කරු උත්සහ කරන්නේ  එහි වරප්‍රසාදිත පංති ස්වභාවය එළිමහනට ගැනීමටය . බලය , ධන සහ සමාජ ප්‍රභුවරුන්ගේ රැකවලෙකු ලෙස ක්‍රියා කරන නීතියම කම්කරු පිඩිත මහජනයා සංසුන් කර පාලනය කරන  වධකයෙකු ලෙස ක්‍රියා කරයි .

“විනිසුරු මඩුල්ල කළ දැනුම් දිමකට අනුව අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටාර් චායා නම්මුණි සදහන් කළේ ,මෙම පෙත්සම සම්බන්ධයෙන් වන නොතිසී තමන්ට ලැබි නැති බවත් ඒ සම්බන්ධයෙන් උපදෙස් කිසිවක් ලැබි නොමැති බවත් ඒ අනුව මේ අවස්ථාවේ තමන් කිසිදු වගඋත්තරුවකු වෙනු වෙන් පෙනී නොසිටින බව ඇය ප්‍රකාශ කළාය.

පෙත්සම ගොනුකළ (අප්‍රේල් 24) දින පෙරවරුවේ ඒ සම්බන්ධ නොතිසීය නීතිපති කාර්යාලයට භාරදුන් බව ජනාධිපති නීතිඥ රුමේෂ් ද සිලිවා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවසීය .” ( උපුටා ගැනීම දිණමිණ වෙබ් අඩවියෙන්)

 රාජය බුද්ධි සේවයට ප්‍රහාරය සිදුකරන ආකාරය , වේලාව , දිනය සහ අනෙකුත්  තොරතුරු ලැබීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබු බව පෙනී යන බව හිටපු නිතිපති ලිවේරා  විශ්‍රාම යන දවසේ මාධ්‍ය හමුවේ පැවැසීය.   

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස මහ මෙළකරුවෙකු සිටින බවත් එම ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා සාක්කි සහිතව අනාවරණය කළ යුතු බව ඔහු වැඩිදුරට මාධ්‍ය ඉදිරියේ අවධාරණය කළේය .

හිටපු නීතිපතවරය‌ගේ එම බරපතළ ප්‍රකාශය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක‌ාගෙත් අවධානයට ලක් විය. හිටපු නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙසේ කියා ඇතැයි සමහරු ඔහුව උපුටා දක්වන්නට පටන්ගෙන ඇත . මෙය පස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට මහත් හිස රදයක් වි ඇත.

ජනාධිපති නීතිඥ ලීවේරා විශ්‍රාම ගොස් අවුරුද්දකට පස්සේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා  ගැන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ලිවේරාට එම කොට්ඨාශයට ඉකුත් අප්‍රේල් 19 වෙනිදා පැමිණෙන්නැයි දැනුම් දෙන්නේ ඒ අනුවය .

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හිටපු නිතිපති ලීවේරාට ප්‍රකාශයක් ලබා ගන්නැයි කැදවා ඔහු අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් ඇතැයි හෙළිවිමත් සමග ඔහු  වෙනුවෙන් නීතිඥවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටියේය.

පසු තත්ත්වය බරපතළ බව දැනගත් හිටපු නීතිපතිවරයා අභියාචනාධිකරණයේ සහාය පැතීය .

2022 අප්‍රේල් 21 ක පාස්කු ඉරුදින පෙරවරුවේ විදේශීකයන් සහ ක්‍රිස්තියනි පල්ලි 08 ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් 277 කට මරු කැදවමින් 407 ක් තුවාල ලැබුහ . මෙම මරාගෙන මැරූ කණ්ඩායම පිටුපස රජයේ හමුදා බුද්ධි අශය සිටි බවට තොරතුරු හෙළිදරව් වි ඇත. දෙහිවල දී බෝම්බය පුපුරවා ගත් ජමීල් නැමැත්තා සමග සමබන්ධතා පැවැත්වුවා කියන සොනික්, සොනික් කියන හමුදා නිලධාරියාව පසුව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පොලිස් අධිකාරී ශානී අබේසේකර විසින් අත්අඩංගුවට ගත් පසු අපේ ව්‍යාපෘතියක් යැයි කියා ඔහුව හමුදාවෙන් රැගෙන ගොස් තිබේ .එම මිලේච්ජ ප්‍රහාරය හා මහ මොළකරුවන් කවුද යන්න සම්බන්ධයෙන් යම් තොරතුරක් හිටපු නීතිපතිවරයා සතුව ඇත්නම් මහජනයා හමුවේ හෙළි කරන්නැයි අපි ඉල්ලමු .

 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා සතු යම් තොරතුරක් එළියට එම වැළැක්වීමට සදහා නම් ආණ්ඩුව ඔහුව බිය ගැන්වීමට උත්සහ කරන්නේ ලංකා ස්කයි නිවිස් ඊට විරුද්ධ වනවා පමනත් නොව ඊට එරෙහි පෙරමුණ ගන්නෙමු . 

හිටපු නීතිපති ලීවේරා නිතිපති ලෙස කටයුතු කළ කාලය තුළ කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව ධනපති පංතියේ සුචකිකරු නියෝජිතයෙකු ලෙස කටයූතු කළේය .

කොවිඩ් වැළදුනු අයට ප්‍රතිකාර කරන්නැයි සහ අනෙතුත් අයගේ පරික්ෂණ සිදු කරන්නැයි ඉල්ලා මහර බන්ධනාගාර රැදවියන් සහ සිරකරුවන් සිදු කළ විරෝධතා උද්ඝෝෂණයට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීම නිසා රැදවියන් 11 ක් ඒතැනම මිය අතර 60 ක පමණ පිරිසකට තුවාල සිදු විණ . ලීවේරා එම මරණකරුවන් සහ තුවාලකරුවන්ගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එන්.ජි.ඔී කාරයෝ කියා හංවඩු ගසා රැදවියන් වෙනුවෙන් පෙනී සිටිම වළක්වන්නට ප්‍රයත්න දරා ඇත. 

බන්ධනාගාර නිලධාරින් විරෝධතාවය මැඩපැත්වීමට යැයි කියා , හිතාමතා වෙඩි තබා අපරාධයක් කර සිදු කර ඇතැයි අධිකරණය පසු ගිය දින තින්දුවක් ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *