ධීවර සංගම් දෙක අතර ගැටුමට කදුළු ගැස් ප්‍රහාරයක්
මුලතිව් ප්‍රදේශයේ ධීවර සංගම් දෙකක් අතර ඇති වීමට ගිය ගැටුම වළක්වන්නට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැර තිබේ.
තහනම් පන්න ක්‍රම භාවිතා කිරීමට එරෙහිවත් ඊට අනුබල දෙන මුලතිව් ධිවර හා ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන් ඉවත් කරන ලෙසත් බලකර මුලතිව් දිස්ත්‍රික්ක ධීවර සංගමය ඊයේ (05) එම කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට එරෙහිව තවත් ධීවර පිරිසක් ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිට පැමිණිමට ගත් උත්සහාය ව්‍යාර්ථ කිරීමට පොලිසිය කදුගෑස් එල්ල කර ඇත.
තහනම් පන්න ක්‍රම වලට එරෙහිව සහ එ සඳහා අනුබල දෙන ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන්ට ඉවත් කරන්නැයි බලකර, මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ සමාජිකයින් සහ පවුල් එම කාර්යාලය ඉදිරිපිට වාඩිලාගෙන විරෝධතාවයේ නිරත වි තිබේ.
ඩයිනමයිට් හා ලයිට්කොස් ක්‍රමයට මසුන් මැරීමට ඉඩ ලෙසත් ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන්ට එරෙහිව පරික්ෂණ නොකරන ලෙසත් සෙබස්තියන් පිල්ලේ ගුණසීලන් නායකත්වය දෙන ධීවර සංගම් ඉල්ලා සිටි.
(ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය – Tamilguardian)
පියාට සහ පුතුන්ට වෙඩි තබා ඝාතනය කරයි
පියාට සහ පුතුන් දෙදනාට මිනුවන්ගොඩ ප්‍රදේශයේ දි වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇත .
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ,මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචි අකල හන්දි පුෂ්ප කුමාර ( පියා) අකල හන්දි රෝෂාන් මදුවන්ත සහ අකල හන්දි සුරේෂ් ජිවන්ත යන පිය පුතුන් තිදෙනාටය .
නාදුනන පිරිසක් විසින් ඔවුන් ගේ නිවසට අද (06) පාන්දර පැමිණ මෙසේ වෙඩි තබා පලා ගොස් තිබේ .
පියාට සහ පුතුන් දෙදනාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතැයි අප කළ විමසුකදී මිනුවන්ගොඩ පොලිසිය පැවැසීය .