නව වසරේ රනිල් -රාජපක්ෂට පළමු වෙඩි මුරය ජන අරගලයෙන්

රනිල -රාජපක්ෂ ආණුඩුවට එරෙහිව නව වසරේ පළමු වෙඩි මුරය නමින් විරරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (04) සවස (02) කොටුව දුම්රිය පොල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ජන අරගල ව්‍යාපාරය මගින්ය .

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල නායකයින් හා සමාජකයින් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සදහා සහභාගි වි සිටියහ .

ජනතාවනි -එකතු වන්න ඉවසුවා ඇති -එකතු වන්න

මේ බඩු මිල – බදු පිට බදු උහුලනු බෑ -පෙරට එන්න

බධු පිට බදු -තව ගහනවා හාමතේ -අපි මැරනවා

බැරිකං තොපෙ -වහගන්නට මර්දනයෙන් -විලී වහනවා

බදු ගහපිය -ධන පතියන්ට සහන දියව් – ජනතාවට

හොරා කාපු -රට පටවපු සල්ලි -‌ ගෙනෙවි -අර්බුදය

නරව් කරව් -අහෝසි කරව් ත්‍රස්ත පනත -අහෝසී කරව්

දේශපාලන -රැදවියන්ව මුදලිගේ – නිදහස් කරව් යන සටන් පඨා කියමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂකයෝ විරෝධතාවයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *