නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක නැගීමක් වාර්තාවන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා තහවුරු කරයි

නැගෙනහිර ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති බවත් දැනට එම කණ්ඩායම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සුපරික්ෂාකාරී සිටින බවට හැර ඊට වඩා යමක් කිව නොහැකි බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත‍්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
රජයේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ එම කණ්ඩායම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂයට පැමින ඒ සම්බන්ධයෙන් යම් කරුනු ප්‍රමානයක් හෙළි කළ බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (04) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
ප්‍රශ්නය – නැගෙනහිර කල්මුණේ ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදි කණ්ඩායමක් බිහි වෙලා තියෙනවාද? ඒ කණ්ඩායම විවිධ දේවල් කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා .රජයේ ආරක්ෂක අංශ ඒ අය ගන්න කටයුතු කරන්නේ නැත්තේ මන්ද? යනුවෙන් ප්‍රශ්නය අමාත්‍යවරයාට යොමු කළේය.
ප්‍රහ්නය – ආණ්ඩුව දැනුවත්ද? කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමක් වුණා කියලා ?
පිළිතුරු -නැහැ