නීතිඥ සංජය ජයසේකර ඇතුලු ත්‍රිත්වයක් සසප වාම පාර්ශවයේ වෙබ් අඩවිය ඇතුලු මාධ්‍යය පැහැර ගෙන පලා යති.
සසප වාම කන්ඩායමේ ප්‍රකාශය
ජුලි 12, 2024
සමාජවාදී සමානතා පක්ෂයේ වාම පාර්ශවයේ සාමාජිකයන්ව සිටි සංජය විල්සන් ජයසේකර, සුනිල් ප්‍රනාන්දු හා මිගාර මල්වත්ත යන තිදෙනා තව දුරටත් එම කන්ඩායමේ සාමාජිකයන් නො වන බවත්, මින් ඉදිරියට ඔවුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සසප වාම පාර්ශවය නො දරන බවත් මෙයින් නිවේදනය කරමු. සසප වම යනු සමාජවාදී සමානතා පක්ෂය විසින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, සාකච්ඡාවකින් හෝ විනය පරීක්ෂනයකින් පවා තොරව පක්ෂයෙන් දොට්ට දමනු ලැබූ කන්ඩායම යි. එය, මෙම සාපරාධී දොට්ට දැමීමට එරෙහිව, දේශපාලනික අරගලය තීව්ර කරමින්, කම්කරුවන් තරුනයන් හා අවශේෂ පීඩිත ජනයා අතර සමාජවාදී සංස්කෘතිය වර්ධනය සඳහා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත් කර ඇති අරගලයට සහාය වීමට සිය උපරිම ශක්තිය යොදා කටයුතු කිරීමේ හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ පිලිවෙල ප්‍රවර්ධනය කිරීමේ එකඟතාව මත ගොඩ නැගුනක් ද වේ.
සංජය ජයසේකර අප විසින් එකතු කරන ලද මුදල් ආධාර යොදවා, සාමූහිකව ගොඩ නැගූ thesocialist වෙබ් අඩවිය කුමන්ත්රනකාරීව පැහැර ගෙන ගොස් ඇත. ඔහුට ඊට ඉඩ සැලසුනේ එහි ඩොමේනය ඔහුගේ නමින් තිබීම නිසා ය. එපමනක් නොව අප කන්ඩායම දේශපාලන කටයුතු සඳහා, සුනිල් ප්‍රනාන්දු සහ සංජය ජයසේකරගේ නමින් පවත්වා ගෙන ගිය සෙසු සියලු මාධ්‍ය ද ඔවුන් විසින් පැහැර ගන්නා ලදී. මෙම කොල්ලය කලක සිට සූදානම් කෙරුනු එකකි. thesocialist නිර්මානය සදහා කොලඹ ක්‍රියාකරී කමිටුව ද රුපියල් 14,500ක මුදලක් වැය කලේ ය. නීතිඥයෙකු ද වන සංජය ජයසේකර කොල්ල කෑවේ කම්කරුවන්ගෙන් හා හිතවතුන්ගෙන් එකතු කරන ලද මෙම මුදල් ය.
දැන් සංජය ඇතුලු ත්‍රිත්වය නිදහසට කරුනු ලෙස කියන්නේ තමන් ජාත්‍යන්තරවාදීන් වන අතර අප කන්ඩායම ජාතිකවාදීන් වන බව තමන් තීන්දු කර ඇති බවය. සාමූහික දේපල කොල්ල කෑම සිය ජාත්‍යන්තරවාදයෙන් ගලා එන නිගමනයක් බව ද ඔවුහු කියති. එහෙත් ජනතාව තුලට කාවද්දා ඇති ජාතිකවාදී සංකල්ප බලහත්කාරයෙන් උගුලා දැමීමේ අරමුනක් හෝ පුලුවන් කමක් ජාත්‍යන්තරවාදීන්ට පැවතියේ කවදා දැයි ඔවුන් පැහැදිලි කර නැත.
අපි දිගින් දිගටම මේ කන්ඩායම දේශපාලනිකව නිවැරදි කර ගැනීමේ අරගලයක් නිරතව සිටියෙමු. සංජය ජයසේකර thesocialist කතෘ ලෙස අප විසන් පත් කරනු ලැබ පැවති අතර ඔහු එම පත්වීමෙන් පැවරුන වග කීම අත්තනෝමතිකව යොදාගෙන අප විසින් සම්පාදනය කරන ලද ලිපි ලේඛන විකෘති කිරිම සිදු කලේ ය. ඇතැම් අවස්ථාවල දී සාකච්ඡා කර ඒවා වෙනස් කල හැකි වුව ද, ඔහු මෙය දිගටම කරගෙන ගියේ ය. ඔහුට අනුව අවසන් තීරනය කර්තෘ මන්ඩලයේ නොව කතෘගේ තීරනය යි. අප කන්ඩායමට දැනුමක් නැති බව ද ඒ නිසා ඔවුන් වැරදි තීරන අනුමත කරන බව ද ඔහු වරක් ප්‍රකාශ කලේ ය. සංජය ජයසේකරගේ අත්තනෝමතිකභාවයේ පදනම වන්නේ සාමූහික විඥානයට වඩා තමන්ගේ ඔලුව විශාලය යන මංමුලාව යි.
ත්‍රිත්වය අප වෙත එල්ල කල ප්‍රධාන චෝදනාව ලෙස අපට දමා ගසා ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂ නායකත්වයේ “ප්රතිගාමී දේශපාලන ප්රවනතා, කට්ටිවාදය, සංස්තිතිකවාදය, නිලධාරිවාදය, තත්කාර්යවාදය, හා අවස්ථාවාදය යන ඒවා” ඔවුන් (ත්‍රිත්වය) සංලක්ෂනය කර හදුනාගෙන සිටිය දී, අප “එය පිලි ගැනීම ප්‍රතික්ෂේප කල අතර පක්ෂ නායකත්වයේ මූල ධර්ම විරහිත ප්රවනතාව සංලක්ෂනය කර ඉදිරිපත් කර නැත“ යන්න ය. පක්ෂ නායකත්වය මේ සියලු ප්රවනතාවන් නියෝජනය කරන්නේ නම් එය තව දුරටත් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස පවතින්නේ කෙසේදැයි අපි ප්‍රශ්න කලෙමු.
ඔවුන් අපට දුන් පිලිතුර පුදුම එලවන සුලු එකකි. එනම්, ‘ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නා එය සැකයකින් තොරව ඔප්පු කල යුතු වන්නේ ධනපති උසාවිවල පමනක් ය; එහෙත් මාක්ස්වාදය එසේ නො කරයි’ යනුවෙනි. මෙම ප්‍රකාශය තනිකරම ගත්තත් මාක්ස්වාදය හැම විටම සිය ආස්ථානයන් අදාල සංසිද්ධීන්ගේ පතුලටම විනිවිද සනාථ කරන්නේය යන සත්‍යය කිසිදු වග විභාගයකින් තොරව ඉවත දැමීමට තරම් ඔවුන් සාහසික බව ඉන් පැහැදිලි වේ.
කෙසේ වෙතත් මෙබඳු පුද්ගලයන් නිර්මානය කිරීම සම්බන්ධයෙන් සසප නායකත්වය ද වගකිව යුතු බව මෙහි දී සඳහන් කල යුතු ය. පක්ෂයට ධනේශ්වරය, වෘත්තීය සමිති ඇතුලු ව්‍යාජ වම සමග සම්මුති විරහිත ව, ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනය ආරක්ෂා කිරීමේ කීර්තිමත් ඉතිහාසයක උරුමය පවතිද් දී ම, කේඩරයක් ගොඩ නැගීමේ අරගලය වෙනුවට සරල පහසු ක්‍රමවේද අනුගමනය කිරීම මගින්, සාමාජිකත්වය – විශේෂයෙන් නව සාමාජිකත්වය – න්‍යායික දේශපාලන මූලිකත්වයක් ගැනීමට තරම් ඉහලට නංවා ගැනීමට එය අපොහොසත් වී ඇත. දේශපාලන ප්‍රශ්න මතු වූ විට සාකච්ඡා කිරීම මගින් නිගමනවලට එලඹීමේ මාක්ස් ලෙනින්වාදී සම්ප්රදාය නො තකා හැර තිබීම මගින්, නායකත්වය තමන් වෙනුවෙන් සිතනවා හා තීන්දු ගන්නවා යයි සිතන්නට පුරුදු වූ සාමාජිකයෝ න්‍යායික උදාසීනත්වයට හා පහසු ජීවන රටාවට පුරුදු වී ඇත්තාහ. මෙවැනි පිලිවෙතක් විසින් නායකත්වයේ න්‍යායික වැටහීම ද පිරිහිමට ලක් කෙරේ. එමඟින් පක්ෂය තුලට ප්‍රතිවිරුද්ධ බලවේගයන්ට පිවිසීමට දොර විවෘත කෙරේ.
සංජය ජයසේකර වැනි නව සාමාජිකයන් කම්කරු පන්ති ව්‍යාපාරය තුල පරීක්ෂාවට ලක් නො වී සිටිය දී මධ්‍යම කාරක සභාවට ගෙන ඒම පක්ෂය තුල වර්ධනය කෙරුනු ඉහත සදහන් පිලිවෙතින් ම ගලා ආවකි. මේ පිලිවෙත් පිටත සමාජයෙන් උරුම කරගත් සියලු කුනු කන්දල් පක්ෂය තුලට ගෙන ඒමට ඉඩ දෙන්නේ ය. අනෙක් අතට නායකත්වය විසින් විවේචනශීලී පැරනි කේඩරයන් පිටු දැකීම සදහා මෙම නව සාමාජිකයෝ මෙහෙය වනු ලැබුනාහ. සංජය ජයසේකර යනු මෙම තත්වයේ දුර්විපාකයකි.
සංජය ජයසේකර 2011 තමන් පක්ෂයට බැඳුනු දිනයේ සිට 2019 දක්වා එම ක්‍රියා පටිපාටියට අනුගතව සිටියේ ය. ඔහු මෙහෙය වූ ඇතැම් වගකීම් පැවරුනු කයිරාටිකයන් දිය යටින් ගෙන ගිය ගින්දරවලට ඔහු රැවටුනා ද විය හැකි ය. කලාවේ හා ප්රකාශනයේ නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවේ සභාපති ධූරය ඔහුට පැවරීම මෙම අනුගත වීමට ලැබුනු තුටු පඩුරකි. ක්‍රියාකාරී කමිටුවේ කටයුතුවල ඔහු දැඩි කැපවීමකින් යෙදී සිටියේ ය. පක්ෂ නායකත්වයේ කන්ඩායමක් මෙහිදී මතු කල මත භේද සමග පීඩනයට ලක් වූ ඔහු භාර ගත් වගකීම්වලින් පලා ගියේ ය. අප කන්ඩායම තුලට ඔහු ආකර්ශනය කලේ, සසප තුල මත භේද ගැඹුරින් සාකච්ඡා කර අවශ්‍ය දේශපාලන පැහැදිලිකම සදහා අරගලය ගෙන යනු වෙනුවට මතභේද යටපත් කිරීමේ සුවපහසුව සඳහා නායකත්වය තුල පැවති නැඹුරුවට එරෙහිව පක්ෂය තුල අප ගෙන ගිය අරගලය යි.
එසේ වුව, සංජය ජයසේකර ඔහුගේ සගයන් දෙදෙනා සමග අප කන්ඩායම තුල මතු කරනු ලැබූ ගැටලු තුල ගැඹුරින් පැවතියේ පක්ෂය විසින් සාකච්ඡා කිරීම මඟහරිනු ලැබ ඉතිරි කල නො විසඳුනු ප්‍රශ්න ය. එහෙත් ඔවුන් හා අප අතර මතභේද මතු වූ කල, ඒවාට දැක් වූ ප්‍රතිචාරය සමන්විත වූයේ කන්ඩාම් රැස්වීම් වර්ජනය, ඒවා කඩාකප්පල් කිරීම, කන්ඩායම නො තකා වෙබ් අඩවිය ස්වාභිමතය පරිදි පාලනය කිරීමට උත්සාහ කිරීම යන ක්‍රියාවන් ගෙනි. ඔවුහු සසප “ප්රතිගාමීත්වය පිලිබද සාකච්ඡාව“ අවසන් වන තෙක් අන් කිසිදු සාකච්ඡාවකට හෝ කිසිදු වැඩකට සහාභාගී නො වන බව නිවේදනය කලහ. මෙසේ කල් මරමින් සිටීමෙන් අනතුරුව ඉහත සඳහන් වර්ගයේ ම කුතර්කවලින් දමා ගසමින්, නිමක් නැති පුනරුච්චාරනවලින් පිර වූ පිටු 65ක ලිපියක් ඉදිරිපත් කරන ලදී. එය කියවා සාකච්ඡාවට දිනයක් යෝජනා කරන බව අපි ඔවුන්ට වහා ම දැනුම් දුනිමු. අපගේ සියලු මාධ්‍යයන් පැහැරගෙන, ඔවුන් පලා ගියේ ඉන් පසු දින ය.
මෙම ගැටුම් උත්සන්න වූයේ කොලඹ ක්‍රියාකාරී කමිටුව සමග ඒකාබද්ධ වී ආන්ඩුවේ යුක්තියේ මෙහෙයුමට එරෙහිව අප දියත් කල උද්ඝෝෂනයත් සමග ය. ප්‍රනාන්දු සහ මිගාර මුල සිටම ඊට විරුද්ධව සිටි අතර ජයසේකර කැස්බෑව නගරයේ පැවති උද්ඝෝෂනයට සහභාගී වීමෙන් පසු එම උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට වැඩ කලේ ය. සසප අපගේ උද්ඝෝෂනයට එල්ල වූ පොලිස් මර්ධනයට එරෙහි ප්‍රකාශයක් ලෝසවෙහි පල කල නමුත්, සසප වම සහ ක්‍රියාකාරී කමිටුවට පහර දීමේ අවස්ථාවක් ලෙස ද එය යොදා ගෙන තිබින. අප එයට දේශපාලනික පිලිතුරක් සම්පාදනය කල අතර උක්ත තිදෙනා සසපට ඇති තරම් පහර නො දීම ගැන අප සමග විරසක වූහ. සෑම විටම ඔවුන්ගේ අදහස වූයේ, එවන් ඉවබව නැති ප්‍රහාරයකින් අප කන්ඩායම ශක්තිමත්ව ගොඩ නැගීමට හැකි වනු ඇති බව ය.
අප ක්‍රියා කරන්නේ කම්කරු පන්තියේ හා අපගේමත් න්‍යායික දේශපාලන පැහැදිලිකම සදහා මිස කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී පක්ෂය හෝ එහි නායකත්වය විනාශ කිරීමට නො වේ ය යන ස්ථාවරය පිලි ගැනීමට හෝ තේරුම් ගැනීමට ඔව්හු අසමත් වූහ. සසප නායකත්වය පෙරලා දැමීමක් ද ඔවුහු යෝජනා කලහ. විප්ලවවාදී පක්ෂයක නායකත්වය පෙරලා දැමීම සඳහා සටන් කිරීම කම්කරු පන්තියේ සම්ප්රදාය නො වේ. ඒ වෙනුවට අප සටන් වදින්නේ ඉහල ම පැහැදිලිකම සඳහා ය. පෙරලා දෑමීමට අප කතා කරන්නේ ධනපති ආන්ඩු, ෆැසිස්ට් ආඥාදායකත්වයන්, ව්‍යජ වාම පාලන තන්ත්රයන් හා කම්කරුවන් මත වෘත්තීය සමිතිවල පාලනය යනාදී පාලක පන්ති උපකරන ගැන ය.
කෙසේ වෙතත් මේ වන විටත් ත්‍රිත්වය, පොදු දේපල කොල්ල කෑමේ, නිලධාරීවාදය වැලඳ ගැනීමේ, තමන්ට රිසි පරිදි මාක්ස්වාදය සංශෝධනය කිරීමේ හා තත්කාර්යවාදය වැලඳ ගැනීමේ දිසාවට වේගයෙන් ගමන් කරමින් සිටිති. එමෙන් ම කොල්ල කෑ thesocialist වෙබ් පිටුව ජාත්‍යන්තර කමිටුවේ ලිපිවලින් සරසා සිය හෙලුව වසා ගැනීමට උත්සාහ කරති. ජයසේකර ඇතුලු කන්ඩායම තමන් කියන දෙය පැහැදිලි කිරීමේ වගකීමක් තමන්ට නැතැයි සඳහන් කරන්නේ වැරදීමකින් නො වේ. ඒ වනාහී තමන් නිවැරදි යයි තත්කාර්යවාදී තර්ක මගින් සනාථ කිරීමට තරම් තමන් බුද්ධිමත් වනු ඇතැයි සිතන වංචනික සුලු ධනේශ්රයේ ලක්ෂනයකි. තම නිවේදන අනුගමනය කිරීම හැර අන් මගක් කිසිවෙකුට නැතැයි ඔවුහු සිතති. මොවුන්ගේ ප්‍රධාන දෝෂය නම්, පන්ති අරගල නො තකා සිටීමේ කැමැත්ත හා එහි ම අංගයක් වන රූපික තර්කය ඉක්මවා යාම පිලිබද මධ්‍යම පන්තියට ආවේනික උදාසීනත්වය යි.
ලියොන් ට්‍රෙට්ස්කි ඇමරිකානු සමාජවාදී පක්ෂය තුල පැන නැඟුනු මෙවන් ප්රවනතාවක් වගවිභාග කරමින් මෙසේ සඳහන් කලේ ය. “…රැඩිකල් බුද්ධිමතුන් අපෝහකයෙන් තොර වූ මාක්ස්වාදයක් (දුන්නක් නො මැති ඔරලෝසුවක්) පිලිිගන්නේ ඇයි දැයි පැහැදිලි කිරීම පරම වශයෙන් ම අවශ්‍යය විය. රහස පහසුවෙන් වටහා ගත හැකි ය. ‘අසීමිත අවස්ථාවන්ගෙන් සමන්විත‘ වන දේශයෙහි පමන, අන් කිසි ම රටක දී පන්ති අරගලය මෙයාකාරයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නො වී ය. වර්ධනයේ ගාමක බලවේගය හැටියට සමාජ පරස්පර විරෝධයන් පිලි ගැනුම ප්‍රතික්ෂේප කිරීම, න්‍යායික චින්තන ක්ෂේත්‍රෙයහි පරස්පර විරෝධතා පිලිබද තර්කනය හැටියට අපෝහකය සැලකිල්ලට ගැනුම ප්‍රතික්ෂේප කිරීමක් කරා යොමු විය. දේශපාලනය පිලිබද ක්ෂේත්‍රෙයහි ‘යුක්ති සහගත‘ ක්‍රියාමාර්ගයක නිරවද්‍ය භාවය, විචක්ෂන සංවාක්‍ය තර්කනය මගින් සියල්ලන්ටම ඒත්තු ගැන්විය හැකි යයි ද ‘බුද්ධි ගෝචර‘ පියවර මගින් සමාජය යලි ගොඩ නැංවිය හැකි ය යි ද, සිතනු ලැබුන පරිදි ම, න්‍යාය පිලිබද ක්ෂේත්‍රෙයහි ද, ‘සාමාන්‍ය දැනීමේ‘ මට්ටමට පිරිහෙලනු ලැබුනු ඇරිස්ටෝටලියානු තර්කනය, සියලුම ප්‍රශ්න විසදාලීමට ප්‍රමානවත් ය යන්න සනාථ කෙරී ඇති සේ පිලි ගනු ලැබින.“ (ලියොන් ට්‍රෙට්ස්කි, සමාජවාදී විරුද්ධ පාර්ශවය තුල සුලු ධනේශ්වර විරුද්ධ පාර්ශවය, මාක්ස්වාදයේ ආරක්ෂාව සදහා, කම්කරු මාවත ප්‍රකාශන.)
සංජය ජයසේකර ඇතුලු ත්‍රිත්වයේ දුබලතා ගලා එන්නේ මෙයාකාර පොාහාසත් අත් දැකීම් නො තකා සිටීමේ හා ඒවා ග්රහනය කර ගනීමට නො සමත් වීමේ ප්රකාශනයක් ලෙස බව අපි නැවතත් අවධාරනය කරමු. ඔවුන් විසින් ලියන ලද පිටු 65 ලිපිය හා තවත් ප්‍රකාශන පිලිබද අපගේ ආස්ථානය නොබෝ දිනකින් ඉදිරිපත් කෙරෙනු ඇත. අපගේ වෙබ් අඩවිය Socialist.lk ලිපිනයෙන් දියත් කෙරෙන අතර එහි පාඨකයෙකු වන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.
ඉහත ලිපිය සම්බන්ධයෙන් සංජය විල්සන් සහෝදරයා ඇතුළු කණ්ඩායමේ අදහස ඵල කරන්නට ලංකා ස්කයි නිව්ස් කර්තෘ මණ්ඩලය බැදි සිටින්නෙමු.