නීතිපතිට එහෙිව විරෝධතා පැවත්වු මාධ්‍යවේදීන් දඩයම් කිරීමට සැරසෙයි !

නීතිපතිට එහෙිව විරෝධතා පැවත්වු මාධ්‍යවේදීන් දඩයම් කිරීමට සැරසෙයි !

නීතිපතිවරයා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුවට ආදාළව සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට එරෙහිව පෙබරවාරි 06 වනදා කොළඹ නීතිපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය මෙහෙවු සහ ඊට සහභාගි වු මාධ්‍යවේදීන් කිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සැලැසුමක් ඇතැයි ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

එම මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන්නේ ඔවුන් අධිකරණයට අපහාස කළා යන චෝදනාව පටලවා බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයෙන් අප වෙත දැන ගන්නට ලැබි ඇත.

නීතිපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව නීතිපති දෙපාර්මේන්තුවේ පැවති සාකච්ජාවේදී එම විරෝධතාවය පැවැත්වු මාධ්‍යවේදීන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් කිසිවක් කතා කර නැත.

පරාජිත දේශපාලනඥයින් මෙම මාධ්‍යවේදීන් දඩයම් කිරීම පිටුපස සිටින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *