පංචිකාවත්ත හංන්දියේ ඊයේ(09) සවස
නියෝජ්‍ය පොලිස් පතිවරයෙකු ගේ ,පොලිස් අධිකාරි නාලක සේනානායක ගේ සහ පොලියට අයත් බස් රථයක් ඇතුළු තවත් වෑන් රථයක් ගිනි තබා විනාශ කර ඇත .
ගෝඨා ගෝ ගමට පහරදීමට පැමිණි පිරිස් සහ වාහන වාහන සොයා පංචිකාවත්ත ප්‍රදේශයේ වාහන පරික්ෂා කළ තරුණයන් පිරිසක් එම වාහන වලට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි .
නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවි බේරාගෙන මරදාන පොලිසියට ගොස් ඇති අතර පොලිස් අධිකාරි සේනනයක පහර කෑමට ලක්ව කොළඹ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
පංචිකාවත්ත හංදියේ වාහන පරික්ෂා කළ පිරිස් රථ වාහන වලින් ගමන් කළ ජනයාට හිරිහැර වන අයුරින් හැසුරුනු බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසති .