“පක්(Fuck) ඊශ්‍රායල්” තරුණයෙකු අත්අඩංගුවට ගනී

"පක්(Fuck) ඊශ්‍රායල්" තරුණයෙකු අත්අඩංගුවට ගනී

නිට්ටඹුව ප්‍රදේශයේ මුස්ලිම් තරුණයෙකු” පක් ඊශ්‍රායල් “ යැයි සදහන් ස්ටිකරයක් මුහුණු පොතේ පල කළා යැයි ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කොම්පඤ්ඤ විදීයේ දී එම තරුණයා අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ ත්‍රස්ත විමර්ශන එකකයේ තබා ගැනීමට එරෙහිව ඊයේ (29) සවස  කොම්පඤ්ඤ විදීයේ පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

ත්‍රස්ත විමර්ශන එකකය රැදවුම් නියෝග යටතේ නීති විරෝධීව තබා ගෙන සිටින තරුණයා වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර එම විරෝධතා උද්ඝෝෂණය පවත්වන ලද්දේ, මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයක් මගින්ය.

ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසි දෙකක් වයසැති කොම්පඤ්ඤ විදීයේ සුපර් මාකට් එකක සේවය කළ, ඉම්ෆාස් ආහමඩ් නැමති තරුණයාය.

"පක්(Fuck) ඊශ්‍රායල්" තරුණයෙකු අත්අඩංගුවට ගනී

එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කළා යැයි මොහොමඩ් මිස්ලාල්ට ඊයේ (29) දහවල් දෙමටගොඩ අපරාධ කොට්ඨාශයට ගෙන්වා ගෙන කටඋත්තර ලබා ගෙන ඇත‍. විරෝධතා උද්ඝෝෂණ පැවැත් වුණේ අද දහවල් 3 ට ය. දෙමටගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මිස්ලාලගෙන් සවස 06 වන තෙක් කටඋත්තර  ලබා ගෙන පසුව මුදා හැර ඇත. ඊශ්‍රායලය ත්‍රස්තවාදී රටක් වගේම නෙත්නයානු ,ජෝ බයිඩන් සහ ඩොනල් ට්‍රම්ප් ත්‍රස්තවාදින් වන්නේ කෙසේ දැයි  ප්‍රකාශයක් ලබා දෙන්නැයි දෙමටගොඩ අපරා‍ධ කොට්ඨාශයේ පොලිස් අධිකාරිවරයා මිස්ලාල් පවසා ඇත.

 සර්ලා ප්‍රභාකරන්ට ත්‍රස්තවාදීයෙකු යැයි පවසන්නේ ඇයි දැයි ඔහු කටඋත්තරය ලබා දුන් නිලධාරීයාගෙන් අසා ඇති අතර පලස්තීන ජාතිකයින් 50.000 කට අධික සංඛ්‍යාවක් සමුල ඝාතනය කර ඇති බවත් එම පිරිසෙන් 20.000ක් ළමුන් වන අතර එම ජනයා ඝාතනය කිරිමට ඊශ්‍රායල හමුදාවට අණ දුන් නෙත්නයානු , ජෝ බයිඩන් සහ ට්‍රම්ප් ත්‍රස්තවාදින් නොවෙන්නේ නම් ප්‍රභාකරන් ත්‍රස්තවාදීයෙකු නොවන බව ඔහු පෙන්වාදුන් බව මිස්ලාල් අප සමග පැවසිය.   

ඊයේ (29) දහවල් 11ට පමන මිස්ලාල්ගේ නිවස වැටලු දෙමගොඩ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් 15 ක පමන පිරිසක් එම නිවස පරික්ෂා කර තිබිණි. ඔහු මාලිගාවත්ත ස්ථානාධිපතිවරයාට කතා කර නිවස වැටලිම පිළිබදව විමසා ඇති බවත් තමාගේ දැනුවත් භාවයකින් තොරව සිදු වන දේයක් බව ඔහු පවසා ඇත.පසුව මිස්ලාල් බිරිදගේ දුරකතනය හරහා නිවස පරික්ෂා කිරිමට පැමිනී නිලධාරීන් සමග කතා කර ඇති බවත් එහි දී එම නිලධාරීයෙකු පවසා ඇත්තේ උසාවි නියෝගයක් ගෙන නිවස පරික්ෂා කරන බවයි. එදින දහවල් 12ට පමන අලුත් කඩේ පක්ෂ කාර්යාලයට ගොස් ඇති එම නිලධාරීන් එම කාර්යාලය පරික්ෂා කර කටයුත්තරයක් ලබාදීම සදහා දෙමටගොඩ අපරාධ කොට්ඨාශයට පැමිණෙන්නැයි දන්වා ඇත.

"පක්(Fuck) ඊශ්‍රායල්" තරුණයෙකු අත්අඩංගුවට ගනී

ආහමඩ් නිදහස් කර ගැනිම සදහා මාර්තු 27 සවස 3ට පොලිස් මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙන බව සදහන් කර මිස්ලාල විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබිණ. ඊට අමතරව “ත්‍රස්තවාදි ඊශ්‍රාලය”  සහ නෙතන්යානු , ජෝ බයිඩන් සහ ඩොනල් ට්‍රම්ප් යන අය ත්‍රස්තවාදීන් බව සදහන් කර ස්ටීකර් 10.000 ක් මුද්‍රණය කර තිබේ. එම ස්ටීකර් කිපයක් මිස්ලාල් අලුත් කඩේ එක්සත් සාම සන්ධාන පක්ෂ කාර්යාලයාලදුරුවේ සහ කුණු බක්කියේ අලවා මුහුණු පොතේ පල කර ඇත. ඔහු එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වෙයි. ඊශ්‍රායලය ත්‍රස්තවාදී රටක් යැයි මිස්ලාල් ඔහුගේ මුහුණු පොතේ පල කර පැයක් යන්නට පෙර මාලිගාවත්ත පොලිසියේ 20 පමනක් පිරිසක් මිස්ලාල්ගේ නිවසට කඩා වැදි එම නිවස පරික්ෂා කර ඇත. ඔහුගේ නිවස පරික්ෂා කළ නිලධාරීහු මිස්ලාල්ගෙන් කටඋත්තරයක් ලබාගෙන මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට කතා කරන්නැයි දැනුවත් කළහ.  ඔහු ස්ථානාධිපතිවරයට කතා කළ අතර ස්ථානාධිපතිවරයා මිස්ලාල්ට පොලිසියට පැමින කටඋත්තරයක් ලබා දෙන්නැයි පවසා ඇත. ඔහු නෝම්බි අවසන් වී මාලිගාවත්ත පොලිසියට ගොස් ස්ථානාධිපතිවරයා හමු විිය. ඊශ්‍රායලයට එරෙහිව කටයුතු කරනවා නම්, පොලිසිය දැනුවත් කරන්නැයි ස්ථානාධිපතිවරයා ඉල්ලා ඇති අතර විරෝධාතා දැක්විම වගේම අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඇතැයි පිළිගෙන ඇත.

"පක්(Fuck) ඊශ්‍රායල්" තරුණයෙකු අත්අඩංගුවට ගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *