පන්ති යුද්ධයට මුහුණදීම සදහා රත්මලාන කම්කරුවෝ පන්තිය බලමුළු ගන්වති
ඉදිරියේදී පුපුරා යැමට නියමිත පන්ති යුද්ධයේදී රත්මලාන -මෙරටුව කම්කරු -පීඩිත මහජනයා බලමුළු ගැන්වීම සදහා “කම්කරු සභාවක් ” ඊයේ (06) සවස රත්මලා දුම්රිය නිවාස සංණයේදි පිහිටු වන ලදි.
එම රැස්විම ප්‍රියන්ත සිල්වා සහ රේජි පෙරේරා යන සහෝදරවරුවන්ගේ මුලිකත්වයෙන් කැදවුහ.
මෙම රැස්වීමට රාජය සහ පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටින සහ විශ්‍රාම ගෙන සිටින කම්කරු සහෝදරවරුන් 15 පමන පිරිසක උනන්දුවෙන් සහභාගි වි සිටියහ.
අප ජිවත් වන සමාජය පන්තීන්ගෙන් සමන්විත සමාජයක් වන අතර එම පන්පතීන් අතර ප්‍රධාන පන්තික දෙක වන්නේ කම්කරු සහ ධනපති පන්තියයි. අපි අද පිහිටුවන මෙම කම්කරු සභාව ධනපතියේන් හිගමන් යදින හෝ ධනපති ආණ්ඩු වලට බලපෑම් දමා අයිතීන් දිනා ගැනීමට හැකි යන සුළු ධනේශ්වර මිත්‍යාවට එරෙහිව කම්කරු පන්තිය ලෝක පරිමානව බලය ගැනීමෙන් මෙපිට මානව වර්ගයා මුහුණ දෙන කිසිදු සමාජ ආර්ථීක ප්‍රශ්නයකට පමනක් නොව පාරසරික ව්‍යවසන වලට විසදුම් නැත යන්න ඔ්නෑවටත් වඩා ධනේශ්වර ක්‍රමය ඔප්පු කර ඇත. රත්මලාන -මොරටුවේ කම්රු -පීඩිත ජනයා පදනම් කරගෙන පිහිටු වන මෙම සභාව කම්කරු පන්ති ඉදිරිදර්ශනය මත මුළුමනින්ම පදනම් වු කම්කරු පන්තියට බලය ගැනිම සදහා පමනක් පිහිටුවන සභාවකි.
මෙම සභාවට ප්‍රදේශයේ කම්කරුවන්ට මෙන්ම පීඩිත ජනයාට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සහභාගි විය පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සභාවක් වන අතර විශේෂයෙන් ධනපති පක්ෂ වල නිලතල දරණ හෝ මහජනයාගේ සතුරු කොටස් වලට එම සභාව නියෝජන්‍ය කළ නොහැක. ඒ වගේම රත්මලාන සහ මොරටුව ප්‍රදේශයේ සිටින වාමාංශික සහෝදරවරුන්ට එම සභාවට සහභාගි වන්නැයි විවෘතව ආරාධන කරන බව අදහස් දක්වමින් ශාන්ත විජේසුරිය සහෝදරයා පැවසීය.
එක්සත් සමාජවාදී පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා සහෝදරය ඇතුළු සහෝදරවරුවන් විජේසුරියගේ අදහසට එකගතාවය පල කරමින් අදහස් දැක්වුහ.
මෙහිදී ඉදිරිදර්ශන ලියවිල්ලක් සකස් කිරීමටත් අප මුහුණ දි සිටිි අර්බුදය ජාජබයේ හෝ මෙතෙක් රට පාලනය කළ පාලකයන්ගේ ප්‍රශ්නයකටත් වඩා ධනපති ක්‍රමයේ අනිවාර්‍ය අර්බුදයක ප්‍රතිපලයක් යන්න අවධාරණය කරමින් මහජනයා අතර බෙදා හැරීම ලියවිල්ලක සකස් කිරීම ගෙන ආ යෝජනාවට සියලුම දෙනා එකගතාවය පල කළහ.