පර්. මන්ත්‍රීවරුන්ගේ සියලු වරප්‍රසාද ඉවත් කර, ගරු සේවයක් බවට පත් කරන්නැයි -ස.ජ.බයේ පාර්. මන්ත්‍රී හේෂා විතානගේ ඉල්ලයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඉවත් කරන්නැයි සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර නැවතත් පාර්ලිමේන්තුවට තේරීපත් වු හේෂා විතානගේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම්ක කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විතානගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම ඉල්ලීම් ඉදිරිපත් කළේ, අලුත් පාර්ලිමේන්තුව අද (21) රැස් වු අවස්ථාවේදීය.
පළමු පාර්ලිමේන්තු දිනයේදිම එය ගෙන එමට නොහැකි වනු ඇති බවත් ඉන් අනතුරු දිනක එම යෝජනාව එමට සූදානම් බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන උදේ සහ දිවා ආහාරය සම්පූර්ණයෙන් නතර කර දමන ලෙසත් අවශ්‍ය නම් අපි ගෙදරින් ආහාර රැගෙන එමට හැකි බව කීය.
එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අඩු පොලියට දෙන මිලියන 10ක ණය මුදල සම්පූර්ණයෙන් නවත්වන්න.
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කැබිනට්, අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න.
කොළඹ නිල නිවාස අමාත්‍යවරුන්ට දෙනවා නම් කුලී පදනම මත ලබාදෙන්න. ඒ සල්ලි මහපොළ අරමුදලට ලබාදෙන්න.
කාර්යාලයක් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල අවශ්‍ය නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285යි. එකත් එපා නම් මේක ගරු සේවයක් කරන්න. වාහන දීමනා ඇතුළු සියල්ල නතර කරන්න.
මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලෙස ලබාදෙන්න.
රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන රක්ෂණ ආවරණය නතර කරන්න.
විශ්‍රාම වැටුප අහෝසි කරලා දාන්න.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූත්වය නැති කරන්න.
21 වෙනදාට පෙරම මේක පටන් ගන්න. මොකද 21 නිවාස දෙන්න ෆෝම් එක දුන්නට පස්සේ මේක කරන්න බැරි වෙයි. ඒ නිසා දැම්ම පටන් ගන්න.”